සෞඛ්‍යයට හානිදායක විය හැකි නරක පුරුදු 10 ක් (10 Bad Habits That Can Be Harmful To Health) - Your Choice Way

සෞඛ්‍යයට හානිදායක විය හැකි නරක පුරුදු 10 ක් (10 Bad Habits That Can Be Harmful To Health)
විද්‍යාඥයින් පවසන්නේ දිගු වේලාවක් වාඩිවී සිටීම අපගේ සෞඛ්‍ය තත්ත්වය දුර්වල කිරීමට ප්‍රධාන වන බවයි .මේ සංසිද්ධිය ” වාඩිවී සිටීමේ රෝගය ” ( sitting decease ) ලෙස පවා නම් කිරීමට ඔවුන් පෙළඹී ඇත . පාද වල , බාහු වල , උරහිසේ සහ කොන්දේ ආතතිය වැඩි කිරීමට මේ නිශ්චලව වාඩිවී වැඩෙහි යෙදීම පොදු හේතුවක් බවට පත් වී තිබේ . ප්‍රවීණයන්ගේ නිර්දේශයන්ට අනුව , කටයුතු කර අපගේ මේ සමහර වැරැදි ඉරියව්වෙන් හිඳ ගෙන සිටීමෙන් වැළකීම වැදගත් වනුයේ එනිසයි .දිනපතා කාර්‍යාල මේසයේ ඉදිරියේ හිඳ ගෙන වැඩ කටයුතු කිරීමේ දී අපගේ දුර්වල ඉරියව් ඉවතලා , ඉන් ඇතිවන හානි වළක්වා ගැනීමට කළ හැකි දේ පිළිබඳව ගෙනෙන විස්තරයකි, මේ .

1 ) . පරිගණකයේ මොනිටරය ඔබේ ඇස් මට්ටමින් තබා නො ගැනීම .
ඔබේ මොනිටරයේ මුදුනේ සිට අඟල් 2-3 ( සෙ.මී. 5-7 ) පහළින් රේඛාවක ඔබේ ඇස් පිහිටා තිබිය යුතුය . මේ ස්ථානයේ ඔබ සිටියොත් ඔබට , ඔබේ බෙල්ල නැවීමට සිදු නො වේ .යමක් දෙස අපහසුවෙන් බලනවාට වඩා අප අවට ප්‍රදේශය වටා තිරස් හොඳ පරාසයක් ආවරණය කරන්නට හැකියාව ලැබේ .පහසු සහ නිවැරැදි ස්ථානයක් පරිගණක තිරය සකසා ගත් විට , ඔබට වැඩි ප්‍රදේශයක් බැලිය හැකි වන අතර , ඊට අමතරව කොන්දේ සහ බෙල්ලේ වේදනාවන් ද ඇති නොවේ .

2 ) . ඔබේ උරහිස් ආසනයේ පිටුපසට හේත්තු නො කිරීම හෝ කොන්ද පුටු ඇන්දට සමතලව තබා නො ගැනීම .
ප්‍රවීණයන් නිර්දේශ කරන්නේ ඔබේ කොන්ද පුටු ඇන්දට හරියට කෙළින් සිටිනසේ තබා ගත යුතු බවට යි .එවිට ඉදිරියට නැමීමට සිදු නොවේ .බොහෝ වේලාවක් වාඩිවී සිට වෙහෙසට පත් වන විට මෙය විශේෂයෙන් ඔබට වැදගත් වේ .

3 ) . ඔබේ පාද පොළොව මත සමතලව තබා නො ගැනීම .
ඔබේ දෙපා පොළොව මත සමතලව තබා ගන්නා විට , දණහිස් නවා ගැනීම වඩා හොඳය . විශේෂයෙන් අඩි උස සපත්තු පැළඳගෙන සිටින්නේ නම් , ඒවා ඉවත් කිරීම ගුණදායක බවයි ප්‍රවීණයන් පවසන්නේ . ඔබේ පුටුව නිවැරැදි උසට වෙනස් කළ නො හැකි එකක් නම් , එවැනි අවස්ථාවලදී පා ආධාරකයක් ( foot rest ) භාවිතා කිරීම යහපත්ය.

4 ) . පාද හෝ වළලු කර හෝ හරස්ව තබා ගැනීම .
මේසයේ වැඩ කරමින් සිටියදී දෙපා හරස්ව තබා ගෙන සිටීම හානිදායක බව අධ්‍ය‍යනයන් බොහොමයකින්ම පෙන්වා දී ඇත . වෛද්‍යවරුන් පවසන්නේ එය , අධි රුධිර පීඩනය ඇති කරලීම සඳහා ද බලපෑ හැකි බවයි . එසේ දෙපා හරස්ව තබා ගැනීමේ අදහස එළඹි විට එය මග හැරීම සඳහා කිසියම් ව්‍යායාමයක යෙදීම සුදුසුය .

5 ) . උදාසීන තත්ත්වයක් පවත්වා ගැනීම සඳහා කාර්‍යක්ෂමතා ආධාරකයන් භාවිතා නොකිරීම .
ඩෙස්කුවක් ඉදිරියේ වාඩිවී සිටිමින් නිශ්චලව ඉරියව් පවත්වා ගෙන යාම ඉතා අසීරු විය හැකියි. නමුත් මෙවැනි අවස්ථාවලදී ඒ සඳහා විශේෂිතව නිෂ්පාදනය කර ඇති ආධාරක ( support )භාවිතයට ගත හැකිය. එමගින් ඔබගේ කාර්‍යක්ෂමතාවය වැඩි දියුණු කර, හොඳ ඉරියව්වක් ඔබ තුළ ජනිත කරනු ඇත .

6 ) . ඔබේ සිරුරට අවශ්‍යවන පරිදි ඔබේ ආසනය සකස් කර නො ගැනීම .
ඔබ නිතරම වාගේ ඔබේ ආසනයේ උස මට්ටම වෙනස් කරනවා විය හැකි නමුත් පොඩි වෙනස්කම් රාශියක් ඔබට යොදා ගත හැකිය . ඔබට වඩාත් සුව පහසුව ලැබෙන ආකාරයට සැකසීම කර ගන්න . විධිමත්ව වෙනස් කළ නො හැකි බැවින් සාමාන්‍ය ආසනයක් භාවිතා නොකර සිටීම හොඳය . සමහර විද්‍යාඥ‍යෝ ” වාඩිවන – නැගිටින ” ( sit-stand ) පුටු වර්ගයක් ද සුදුසු යයි යෝජනා කරති .ඒවා ජනයාට සුවයෙන් වාඩිවීමට මෙන්ම වෙනස් ආකාරයට නැමීමට ද ඉඩ සලස්වන බැවින් , ඔබට ව්‍යායාම කිහිපයක් කිරීමේ අවස්ථාව ද ලැබේ .

7 ) . ඔබ සෑම විනාඩි 30 කට වරක්ම විරාමයක් නො ගැනීම .
වෛද්‍ය අංශ කියන පරිදි දිගු වේලාවක් වාඩිවී සිටීමෙන් මාංශ පේෂිවල වෙහෙසකාරී බවක් ඇති වීමට හේතු විය හැක . නිවැරැදි ඉරියව්වෙන් වාඩිවී සිට ටික වේලාවක දී ඔබේ පිට කොන්දට හානිදායක විය හැකි වෙනත් ඉරියව්වකට නැවත යාමට සිදු විය හැක . එනිසා නිතර විරාමයක් ලබා ගැනීම කළ යුතුය . විශේෂඥයින් නිර්දේශ කරන්නේ යටත් පිරිසෙයින් සෑම විනාඩි 30 වරක් වත් විරාමයක් ලබා ගත යුතු බව සහ , සෑම පැයකට වරක් ව්‍යායාමයක නිරත විය යුතු බවයි .

8 ) . පුටුවේ උස සකස් නො කිරීම නිසා ඔබේ උකුල , දණහිස් වලට වඩා මඳක් ඉහළින් පිහිටයි .
ඔබ වාඩිවී වැඩ කරන පුටුව නිසි ලෙසින් සකස් කර ගැනීම වැදගත් ය .ඔබේ උකුල , දණ හිස් වලට වඩා මඳක් ඉඅහළින් තිබිය යුතුයි .මූලිකව ඔබේ දෙපා අංශක 90 ක කෝණයකින් නැමිය යුතුයි .එය මුලදී අපහසු විය හැකි වුවත් , හැකිතාක් එම ඉරියව්ව පවත්වා ගෙන යාමට උත්සාහ කරන්න .

9 ) . බාහු ආධාරකයේ( arm rest ) උස නිවැරැදිව සකස් නො කිරීම .
කාර්‍යාලයයේ වැඩ කරන මේසය ඉදිරියේ අසුන් ගතවන අපට දෑත තබා ගත යුතු නිවැරැදි ක්‍රමය අමතක වන්නට පුළුවන . දෑත් වැලමිටෙන් අංශක 75- 90 ක කෝණයක් දක්වා නැමිය යුතුය . විශේෂඥයින් පෙන්වා දෙන්නේ , මේ ඉරියව්ව ඔබේ පිට කොන්දේ වේදනාව වළක්වා ගැනීමට පමණක් නොව ,එවා ශක්තිමත් කිරීමට ද ඉවහල් වන බවයි .

10 ) . ඔබ වැඩවල යෙදෙමින් සිටින අතරවාරයේ කන් බණුව ( earphone ) භාවිත කිරීම .
ඔබ අධික වැඩ කොටසක නිරතව සිටින විටෙක දී සමහර විට ඔබේ අවධානය වෙනතකට යොමු කරවන බොහොමයක් දේ ඇති විය හැක . කන් බණුවක් ( earphone ) පැළඳ සිටීම කෙරෙහි ප්‍රවිණයන් විරුද්ධ නො වෙතත් ඔවුන් යෝජනා කරන්නේ දුර කථන ඇමතුමක යෙදී සිටින විට පමණක් වත් එය භාවිතා කරන ලෙසටයි .එය ඔබේ හිසේ නිවැරැදි ඉරියව්ව වැඩි දියුණු කරන අතර පිට කොන්දේ වේදනාව ද වළක්වයි .( විශේෂයෙන් ඔබට ඇමතුම් රාශියක් කළ යුතු විටක දී ) .වැඩ කරන වේලාව තුළ හැම තිස්සේම එය පැළැඳ සිටීමෙන් , ඔබ ඔබේ සෙසු සහෝදර සේවක සාමාජිකයන්ගෙන් වෙන්ව හුදකලා තත්ත්වයට පත්වීමට ඉඩ තිබෙන බවට ව්ෘත්තිකයෝ අනතුරු අඟවති .
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සෞඛ්‍යයට හානිදායක විය හැකි නරක පුරුදු 10 ක් (10 Bad Habits That Can Be Harmful To Health) - Your Choice Way සෞඛ්‍යයට හානිදායක විය හැකි නරක පුරුදු 10 ක් (10 Bad Habits That Can Be Harmful To Health) - Your Choice Way Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 22, 2020 Rating: 5

0 comments:

Post a Comment