සාරි පොටයි,නෙරියයි ඇති - සාරි ඇල්ල 🥻🍃 (Saree Ella)

සාරි පොටයි,නෙරියයි ඇති - සාරි ඇල්ල 🥻🍃 (Saree Ella)
ඉග සුග ගත හැකි මිටින යන අතීතයේ සිට කාන්තා සුන්දරත්වය වර්ණනා කරන කියමනකී.ඒ අපූර්ව සුන්දරත්වය අපට දැක ගන්න පුලුවන් වන අවස්ථාක් තමා කාන්තාව සාරියකින් හැඩ වුනාම.නොරිය දමා අදින සාරිය කාගෙත් සිත් පිනවයි.

ඒ සාරියේ සුන්දර පරිසරයට සමාන කල සාරී ඇල්ලයි අද අපේ කතාව.

උසින් මීටර් 25ක් වන සාරි ඇල්ල කඩා හැලෙන්නේ කාන්තාවකගේ සාරියක් වගේ. සිහින්ව පිහිටි ඇල්ලේඉහළ කොටස සාරි පොට ලෙසත් පහල කොටස සාරියේ නෙරිය ලෙසත් කඩා හැලෙන නිසා එයට සාරි ඇල්ල කියන නම ලැබී තිබෙනවා. වනය මැදින් ගලාහැලෙන නිසා මේ දියඇල්ලේ ජලය ඉතා පිරිසිදුයි.

බඹරැල්ලේ දී හුලුගඟ සිරිසිරියාවෙන් ගල්පර්වත අතරින් ගලායනු දැකගත හැකියි. එහි තවලන්තැන්න ගමේ සිට සිට තවත් කි. මී. දෙකක් පමණ තේවතු හරහා ගමන් කර නකල්ස් සීමාවට පැමිණි විට වනගත සාරිඇල්ල දැකගත හැකියි.

සාරි ඇල්ලට යන්නේ මෙන්න මෙහෙමයි.දුම්බර හෙවත් නකල්ස් කඳුවැටියේ එක් අන්තයක් වූ බඹරැල්ලට සංචාරකයන් යන්නේ ඉතා අඩුවෙන්. සොඳුරු සොබාසිරියෙන් යුත් මේ ප්‍රදේශය සොබාදහම් රසිකයෙක් දැකගත යුතුම පැත්තක්. මහනුවර ක‍ටුගස්තොට වත්තේගම හරහා බඹ‍රැල්ලට පහසුවෙන් ළඟාවෙන්න පුලුවන්.  මහනුවර සිට දුර කි. මී. 37යි. 

බඹ‍රැල්ලෙන්  තේවතු හරහා ඇති අඩිපාරවල් ඔස්සේ ගමන් කිරීමෙන් සාරි ඇල්ල වගේම තවත් දිය ඇලි කිහිපයක්ම දැකගත හැක

Saree Ella
Height : 25 meters (approx)
District : Kandy

Bambarella is one of popular access points to Nuckels mountain range and this area is home to number of waterfalls surrounding Hulu Ganga ( Hulu River)

The Bambarella Saree Ella lies 5 minute drive from the Bambarella town. This waterfall takes form of a fall of a ladies saree thus its name. The fall consists of number of cascades and can be accessed on any vehicle.
සාරි පොටයි,නෙරියයි ඇති - සාරි ඇල්ල 🥻🍃 (Saree Ella) - Your Choice Way

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සාරි පොටයි,නෙරියයි ඇති - සාරි ඇල්ල 🥻🍃 (Saree Ella) සාරි පොටයි,නෙරියයි ඇති - සාරි ඇල්ල 🥻🍃 (Saree Ella) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 24, 2020 Rating: 5

0 comments:

Post a Comment