ශ්‍රී ලංකාවේ ටජ්මහල - රිච්මන්ඩ් කාසල් මන්දීරය (Richmond Castle, Kalutara)

ශ්‍රී ලංකාවේ ටජ්මහල - රිච්මන්ඩ් කාසල් මන්දීරය (Richmond Castle, Kalutara) - Your Choice Way
බ්‍රිතාන්‍ය ලංකාවේ සිටි මහමුදලිවරයෙකු වූ එන්. ඩී. ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධනගේ මාලිගය රිච්මන්ඩ් කාසල් නම් වේ. එය කළුතර පලාතොට අක්කර 42ක භූමිභාගයක ඉදිකොට තිබේ.

කළුතර නගරයේ සිට කි.මි. 3 ක් පමණ රට තුළට වන්නට තමයි රිච්මන්ඩ් කාසල් මැදුර පිහිටා තිබේ.

මේ මන්දීරයටත් සුන්දර ආදර කතාවක් පාදක වුනා.ආතර් තරුණයාට විවාහයක් කර දෙන්න දිනක් පියා කටයුතු කරනවා. 

මේ සඳහා යෝජනා කෙරෙන්නේ  බොහෝ පොහොසත්, වංශවත් පවුල් වලින් තෝරා ගත රූමත් තරුණියන්. මොවුන් අතුරින් එක තරුණියක් තමන්ගේ සිත් ගත නිසා, ඇය විවාහ කර ගන්න ආතර් ද සිල්වා තරුණයා කැමති වෙනවා. 

මේ තරුණිය, සූරිය බණ්ඩාර නම් කළුතර දිසා විනිශ්චයකාරවරයාගේ දියණිය වූ ක්ලැරිස් මෝඩි මැටිල්ඩා සූරියබණ්ඩාර. එත් තරුණියගේ පාර්ශවය මෙයට අකමැති වෙන්නේ, තම දියණියට  ආතර් ද සිල්වා ගේ වත් පොහොසත් කම ප්‍රමාණවත් නැහැ කියමින්.

එයින් නොසැලුන ආතර් ඉන්දියාවේ සංචාරක යනවා.

මේ සංචාරයේදී මහා රජා කෙනෙකුගේ මහා මන්දිරයක් නරඹන්න ආතර් ද සිල්වා තරුණයාට අවස්තාවක් උදා වෙනවා. එම මන්දිරයේ සැලැස්ම තමාට දෙන ලෙස මහා රජාගෙන් ඉල්ල සිටින්නේ,  එවන් මන්දිරයක් සෑදිය යුතුයැයි ආතර් ට ඇල්මක් සහ සිතිවිල්ලක් පහල වෙන නිසා.

ආතර්, “මමත් මේ විදියෙ මන්දිරයක් හදනවාමයි…” කියන ස්ථීර අධිෂ්ඨානයෙන් යුතුවයි  නැවතත් ලංකාවට එන්නේ.

ලංකාවට ආපු ගමන් ආතර් කළේ ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පියො දෙන්නක්ව ඉන්දියාවට යවල, මහාරාජා මන්දිරය බලාගෙන එන්න කියලා නියෝග කරපු එක. මේ විදියට බලාගෙන ඇවිත් තමයි රිච්මන්ඩ් කාසල් නමින් මහා මන්දිරයක් ආතර් ගොඩනගන්නේ.

රිච්මන්ඩ් කාසල් මැදුරෙහි ගෙවැදීම, ආතර් ද සිල්වා විසින් 1910 වර්ෂයේ මැයි 10 වන දින පැවැත්වූ සිය විවාහ මංගල්‍යය සමගම සිදුකරන ලදී.

එතැන් පටන් වර්ෂ 31ක් දරුවන් නොමැතිව සිය මැතිණියද සමග රිච්මන්ඩ් කාසල් හී දිවි ගෙවූ ආතර් ද සිල්වා, කිසියම් හේතුවක් මත 1941 ජූලි මස 4 වැනි දිනදී නොතාරිස් එස්. ජේ. එස්. කදිරගාමර් ඉදිරිපිටදී අත්සන් කොට, රිච්මන්ඩ් කාසල් ඇතුළු තමා සතු සියළු වත්කම් ශ්‍රී ලංකාවේ මහා භාරකාර දෙපාර්තමේන්තුවට පවරා දෙන ලදී. 

ඒ මෙම මන්දිරය ඔහුගේ ඇවෑමෙන් අනතුරුව අනාථ දරුවන් වෙනුවෙන් රැකවරණය සළසන ස්ථානයක් බවට සහ අනෙකුත් වතුපිටි වල ආදායම එම දරුවන්ගේ නඩත්තුව වෙනුවෙන් වෙන්විය යුතු බවට අවසන් කැමැත්ත ප්‍රකාශ වන පරිදිය.

ගෘහයෙහි වූ සම්පූර්ණ උළුවහු ප්‍රමාණය 99 ක් වේ. ජනෙල් ප්‍රමාණය 38 කි.පහත මාලයේ හා උඩු මහලේ වූ කාමර ප්‍රමාණය 14 කි

Richmond Castle, Kalutara
Richmond Castle is a Edwardian mansion, located near Kalutara. Built between 1900 and 1910, it was formally the country seat of Mudaliyar Don Arthur de Silva Wijesinghe Siriwardena. The building is currently owned by the Public Trustee and open to the public.

The house sits on a hill 2 km from the Kalutara, adjoining the Kalu Ganga River at Palatota, on a 42 acres estate beside the Kalutara-Palatota Road.

Richmond Castle is a two-storey building with sixteen rooms, 99 doors and 34 windows.All essential supplies for the building were sourced from abroad, including floor titles from Italy, teak from Burma (used to construct the main staircase), window panes, decorated with glass depicting grape vines, from Scotland, and an iron stair and bathroom fittings from England. Srirwardena moved into Richmond Castle upon his marriage to Clarice Matilda Maude Suriyabandara on 1910.

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ශ්‍රී ලංකාවේ ටජ්මහල - රිච්මන්ඩ් කාසල් මන්දීරය (Richmond Castle, Kalutara) ශ්‍රී ලංකාවේ ටජ්මහල - රිච්මන්ඩ් කාසල් මන්දීරය (Richmond Castle, Kalutara) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 09, 2020 Rating: 5

0 comments:

Post a Comment