එළවළු රොටී හදමු (Let's Make Vegetable Bread[Elawalu Roti])

එළවළු රොටී හදමු (Let's Make Vegetable Bread[Elawalu Roti]) - Your Choice Way
කටට රසට කන්න හදමු එලවළු රොටි.හරිම පහසුයි.ඔයාලත් හදලා බලන්නකෝ.

පිටිමෝලිය සකස් කරගැනීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය:

  • පාන් පිටි 250g ක්
  • බිත්තර 1 යි
  • ලුනු ස්වල්පයක්

මැද පිරවුම සඳහා:

  • අර්තාපල් 100 g
  • කුඩා කැරට් අලයක්
  • ලීක්ස්
  • ලුණු ගෙඩියක්
  • ගම්මිරිස් තේ හැඳි ½ (එය රස අනුව)
  • තුනපහ කුඩු තේ හැඳි ½ යොදාගත හැකි ය.
  • කහ ස්වල්පයක්
  • රස අනුව ලුණු, කරපිංචා සහ රම්පෙ

මැද පිරවුම සකස් කරගැනීම

  1. පළමුව අල තම්බා තරමක් කැබැලි තිබෙන සේ පොඩිකර ගන්න. 
  2. භාජනයක් ළිප තබා ඊට තෙල් එක්කර, රත්වන විට රම්පෙ සහ කරපිංචා එක්කර ගන්න. 
  3. දැන් ඊට සිහින්ව කපාගත් කැරට් අලය ද, අර්තාපල්, තක්කාලි සහ ලීක්ස් ද එක්කර ගන්න. 
  4. පසුව තුනපහ කුඩු, ලුණු කුඩු සහ ගම්මිරිස් සහ කහ ද එක්කර ගනිමින් මැදි පිරවුම සකස් කර ගන්න.

පිටිමෝලිය සකස් කරගැනීම

  1. පාන් පිටි, වතුර,ලුණු සහ බිත්තර හොඳින් මිශ්‍ර කරමින්, අතේ නොඇලෙන පදමට අනාගන්න. 
  2. අනාගත් එම පාන්පිටි, ගුලියක් ආකාරයට සකසා , එහි තෙල් තවරා, තෙල් ගෑ තැටියක තබන්න. 
  3. දැන් තෙත රෙදි කඩක් ගෙන පැයක පමණ වේලාවක් වසා තබන්න. 
  4. ඉන්පසු නැවතත් එම පිටි ටික අනා, කුඩා කොටස් 6 කට වෙන්කර ගන්න. 
  5. නැවතත් මිනිත්තු 20 ක පමණ කාලයක් පසෙකින් තබන්න. ඉන්පසු තෙල් තවරා ගත් මතුපිටක හොඳින් තුනීකර, සාමාන්‍ය ප්‍රමාණයේ රොටියක් ආකාරයට සකස් කර ගන්න. 
  6. දැන් එහි අඟල් 3 ක පමණ දුරින් ඉහත සකස් කළ මිශ්‍රණය තබා, දෙපසින් මතුපිටට නවන්න. ඉන්පසු නැවත ඉතිරි කොන් ද මතුපිටට නවා හතරැස් ආකාරයට රොටිය පිළියෙළ කරගන්න.
  7. අනතුරුව , තෙල් තවරාගත් තැටියක් මත තබා, රන්වන් පැහැ ගැන්වෙනතුරු මඳ ගින්නේ පුළුස්සා ගන්න.
එළවළු රොටී හදමු (Let's Make Vegetable Bread[Elawalu Roti])
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
එළවළු රොටී හදමු (Let's Make Vegetable Bread[Elawalu Roti]) එළවළු රොටී හදමු (Let's Make Vegetable Bread[Elawalu Roti]) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 18, 2020 Rating: 5

0 comments:

Post a Comment