ලිප්ටන්ගෙන් වෙන්වුණ - කැතරින් සීට් 🍃🌿👸(St. Catherine's seat ❤️)

අද අපි කතාකරන්න යන්නේ ගොඩක් දෙනෙක් දන්න කතාවක නොදන්න දෙයක්.ලිප්ටන් සීට් ඒ කියන්නේ පළාත් 5ක් එකම තැනකදී පෙනෙන ලංකාවේ එකම තැනයි.

අපි අද කියන්නේ ලිප්ටන් සීට් ගැන නෙමේ කැතරින් සීට් ගැන.ලිප්ටන් සීට් කියන තැන ඉදන් පොඩි දුරකින් තමා කැතරින් සීට් පිහිටලා තියෙන්නේ.
කතාව කියනවනම් ඉතින් ලිප්ටන් සීට් එකත් එක්ක බැදුන කතාවක් තමා මෙතෙන්ට තියෙන්නේ.

ලංකාවට තේ වගාව හදුන්වලා දුන්න ජේම්ස් ටේලර් සමග එක්වෙලා පසුකාලයක “සර් ‍තෝමස් ජේ. ලිප්ටන්” ලංකාවේ තේ යුරෝපයට රැගෙන ගිය විශිෂ්ඨ පුද්ගලයෙක් තමා.

ඔයාලා දන්නවද ලෝකයේ රසම තේ විදිහට එදා එංගලන්තයේ බොහෝ දෙනෙක් සැලකුවේ ලිප්ටන් ගේ තේ වත්තේ තේ කොලයි.  

ලිප්ටන් සීට් එකෙන් හැතපුම් හතරක් විතර දුරින් කැතරින් සීට් නමින් තවත් මෙවැනිම සුන්දර ස්ථානයක් පවතිනවා.  

කැතරින් කියන්නේ ලිප්ටන් ගේ විවාහක බිරිද.ලිප්ටන් මහත්තයා වත්තේ වැඩ ටික බලලා ඉවර වෙලා මහන්සිය නිවා ගන්න කාලය ගත කරපු Viewpoint එක තමා අද ලිප්ටන් සීට් කියලා කියන්නේ.

ඉතින් මේ ලිප්ටන් සීට් කියන්නේ එයා වාඩිවෙලා හිටපු ගල් ආසනය. මේක තාම මෙතන තියෙනවා. ඔයාලත් ගියාම මෙකේ ඉදන් පින්තූර ගන්නවා නේද.

ඉතින් මේ ලිප්ටන් මහත්තයා මෙහි කාලය ගත කලේ තනියම නම් නෙමේ.

සමහර වෙලාවට නව යොවුන් තරුණියන් එක්ක එහෙම විනෝද වෙලා තියෙනවා. ඉතින් මෙහෙම ලිප්ටන් මහත්තයා විනෝද වෙනකොට එයාගේ බිරිද කැතරින් ආර්යාව දුකින් තමා ඉදලා තියෙන්නේ...

මේ ආර්යාව තමන් ගේ දුක නැතිකරගන්න, ශෝකයෙන් කාලය ගතකරපු තැන තමා කැතරින් සීට් කියන්නේ මෙතනත් ලස්සන Viewpoint එකක් තමා.

ඒ කියන්නේ තමන්ගේ ස්වාමියා ලිප්ටන් ස්ථානයේ නව යොවුන් තරුණියන් එක්ක විනෝද වන විට කැතරින් ‘කැතරින් සීට්’ වෙත ගොස් දුකින් කල් ගෙව්වා කියලා තමයි මිනිස්සු විශ්වාස කරන්නේ...

කැතරින් සිට් නම් ස්ථානයේදී බණ්ඩාරවෙල නගරය, සහ දියතලාව නගරය ආදි ස්ථාන වල හොද දසුනක් දැක බලා ගන්න පුලුවන්.

මේ තැන තියෙන්නේ හපුතලේ බණ්ඩාරවෙල පූනගල පාරේ දඹේතැන්න තේ වත්තේ ඉහළ කොටසේ. ලිප්ටන් සීට් ඉදන් පොඩ්ඩ දුරයි. ඇල්ල නගරයේ ඉදන් කිලෝමීටර 15ක් වගේ තමා තියෙන්නේ.

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏





උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ලිප්ටන්ගෙන් වෙන්වුණ - කැතරින් සීට් 🍃🌿👸(St. Catherine's seat ❤️) ලිප්ටන්ගෙන් වෙන්වුණ - කැතරින් සීට් 🍃🌿👸(St. Catherine's seat ❤️) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 16, 2020 Rating: 5

0 comments:

Post a Comment