සිරි ඉන්දක සමන් සත්බුදු මහා සෑය ☸️🙏❤️ (Siri Indaka Saman Sathbudu Maha Seya)

සිරි ඉන්දක සමන් සත්බුදු මහා සෑය ☸️🙏❤️ (Siri Indaka Saman Sathbudu Maha Seya)
අද අපි ඔයාලත් එක්ක බෙදාගන්න යන්නේ සිත නිවන හරි අපූරු ස්ථානයක් ගැන.ඒ නමින් සිරි ඉන්දක සමන් සත්බුදු මහා සෑයයි.මේ මහ සෑය තියෙන්නේ බණ්ඩාරවෙල මහමෙව්නාව භාවනා අසපුවේ.

මේ අසපුව බණ්ඩාරවෙල කුඹල්වෙල ප්‍රදේශයේ සුන්දර කඳු මුදුනක තමා පිහිටලා තියෙන්නේ.1999 අගෝස්තු මස 14 දින තමා මේ අසපුව මුලින්ම ආරම්භ වෙන්නේ.

මෙම මහමෙව්නාවසපුවේ තමා “සිරි ඉන්දක සමන් මහාසෑය” නමින් චෛත්‍යරාජයන් වහන්සේ නමක් ඉදි කරලා තියෙන්නේ.මෑතකදී ඉදිවුන මේ සිරි ඉන්දක සමන් සත් බුදු මහා සෑ රජාණන් වහන්සේගේ උතුම් ධාතු නිධානෝත්සවය පැවැත්වුනේ පසුගිය 2018 වසරේදීයි..

මේ සිරි ඉන්දක සමන් මහා සෑය අඩි 110ක් උසයි. ඌව පළාතේ ඉදිවූ විශාලතම සෑ රජාණන් වහන්සේ නම මෙය කිව්වොත් නිවැරදී.මේ ගැන වැඩි තොරතුරක් සෝයා ගන්න නොලැබුනත් මෙය නිර්මාණය කිරීම සහ මෙම නම යෙදීම ගැන මෙලෙස සදහන් වෙනවා.
"කප් සුවහස් ගණනින් දුර්ලභ ඒ අසිරිමත් ශ්‍රී සම්බුද්ධත්වය සාක්‍ෂාත් කරමින් අනූ එක් කල්පයක් තුළ ලොව පහළ වී වදාළ අසමසම විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම යන සම්මා සම්බුදු රජාණන් වහන්සේලා සත් නම උදෙසාත්.

සත් බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත ගුණස්කන්ධයට උපහාර පිණිස සැදැහැතියන් වෙත කරුණාවෙන් සෙත සලසන ආර්ය ශ්‍රාවක සුමන සමන් දෙව්රජාණන්ගේත්, ඉන්දක දෙව්රජාණන් වහන්සේ උදෙසාත් පිදූ පින්බිමක් ලෙස මෙය සැලකේ.ඒ අර්ථයෙන් මෙම සෑයට සිරි ඉන්දක සමන් සත්බුදු මහා සෑය ලෙස නම් කර තිබෙනවා.

සොදුරු නමුණුකුල නිල්වන් කඳු යාය පෙනෙන මානයේ සුපිහිටි සිනිඳු මිහිදුම් වැටියෙන් නිරන්තරයෙන් සෞම්‍යවත් වූ බණ්ඩාරවෙල කුඹල්වෙල මහමෙව්නාව භාවනා අසපුවේ මේ චෛත්‍යරාජයන් වහන්සේ ඉදිකර ඇත්තේ.

සිරි ඉන්දක සමන් සත්බුදු මහ සෑ රජුන්ගේ සුවඳවත් ධාතුගර්භය තුළ තැන්පත් වන සුන්දර බුද්ධ ප්‍රතිමාවහන්සේ මුතියංගණ රජමහාවිහාරයේ සිට වැඩමකරවූවකි.

මේ භූමිය තුළ ත්‍රිවිධ මංගල්‍යය, දම්සක් දෙසුම, සමනොළ ගිරි හිස ශ්‍රීපාද පද්මය පිහිටුවීම ආදී සම්බුද්ධ චරිතාපදානයේ අති සුවිශේෂී සිදුවීම් මූර්තිමත් කරමින් අලංකාර කර ඇත.

වළාපටල අතරින් දිදුලන මුතු බුබුලක් වන් බණ්ඩාරවෙල කුබල්වල මහමෙව්නාව සිරි  බෝධිගිරි පව් ඉස්මත්තේ විරාජමනව වැඩ සිටිනා සිරි ඉන්දක සමන්  සත් බුදු මහ සෑ රජුන්ට නමස්කාර වේවා.

බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගයේ හෝ බණ්ඩාරවෙල ඇල්ල මාර්ගයේ හෝ ගමන් කරන ඔබට මෙම සුන්දර සෑ රජාණන් වහන්සේ දැක ගන්න පුලුවන්.

ඔබ බදුලු බණ්ඩාරවෙල ප්‍රදේශයේ යන මොහොතක මෙම සෑ රජාණන් වහන්සේ වන්දනාමාන කරගන්නටත් අමතක කරන්න එපා.

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏

උපුටා ගැනීමකි....
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සිරි ඉන්දක සමන් සත්බුදු මහා සෑය ☸️🙏❤️ (Siri Indaka Saman Sathbudu Maha Seya) සිරි ඉන්දක සමන් සත්බුදු මහා සෑය ☸️🙏❤️ (Siri Indaka Saman Sathbudu Maha Seya) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 23, 2020 Rating: 5

0 comments:

Post a Comment