වළගම්බා රජු දිය නෑ - රජනාව ඇල්ල 🍃🌿💦 (Rajanawa Ella 🍁🍄)

අද  අපි ඔයාලත් එක්ක බෙදාගන්න යන්නේ වලගම්බා රජ දවස දක්වා ඈතට දිවයන දිය ඇල්ලක් ගැනයි.ඒ නමින් රජනාව ඇල්ලයි.

රජනාව ඇල්ල සහ ඒ නාන තොටුපල මේ වන විට සංචාරකයින් අතර හරි ප්‍රසිද්ධයි.මම මගේ කතාව පටන් ගන්නම් මේ ඇල්ල හා බැදි ජනප්‍රවාද වලින්ම.

මේ ඇල්ලේ රජෙක් දියනාපු නිසාලූ මේ නම ලැබිලා තියෙන්නේ.කවුද මේ රජා ඒ තමයි ලංකා රාජාවලියේ බොහෝ දුෂ්කරතාවයන්ට මුහුණදුන් වළගම්බා රජු දියනෑමට යොදාගත් ඇල්ලක් බවට ජනප්‍රවාද පවතිනවා.

ඒ නිසා මේ ඇල්ලට මුල් අවධියේ රජානෑව ඇල්ල කියලයි හදුන්වලා තියෙන්නේ.පස්සේ කාලෙදි තමා රජානෑව ඇල්ල රජනා ඇල්ල බවට පත්වෙලා තියෙන්නේ.

මේ ඇල්ල ආශ්‍රිතව ගල් ලෙන් දෙකක් රජු පරිහරණය කල බවට මතයක් පවතිනවා.මේ ගල්ලෙන්හි රජූ පරිහරණය කළ රන් ආභරණ තැන්පත් කර ඇති අතර එහි ආරක්ෂාවට රන් ආදෙක් සිටින බව මතයක් පවතිනවා...

හැබැයි මේ හැමදේම මිත්‍රා මත මිසක් සැබෑවුන දෙයක් නෙමේ. නැත්නම් මිනිස්සු මෙවල නිධන් හොයන්න යයි.මේ දිය ඇල්ල අඩි 45ක් පමණ උසයි.

දිය ඇල්ලක් උනත් අප අතර ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ දිය නෑමට නියම ස්ථානයක් ලෙසයි.මොකද ස්වභාවිකව පිහිටි තටාකයක් ලෙසට මේක පිහිටලා තියෙන්නේ.

නමුත් ඇල්ලේ පෙනෙන උසට වඩා වතුර වැටෙන බේසම වගේ ස්ථානය ගැඹුරුයි කියලයි කියන්නේ.වසර අගදී මදක් වතුර අඩු වුවත් අනෙක් කාල වලදී නම් සැලකිය යුතු ප්‍රමාණයේ වතුර තියෙනවලු.

ඉතින් ඔයාලා යනවා වගේම පරිස්සමින් හොදේ.රත්නපුර නගරයේ සිට 5km පමණ දුරකින් තමා මේ ඇල්ල පිහිටලා තියෙන්නේ.ගියාට කමක් නෑ පරිසරය විනාශ නොකර එන්න.

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏







උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
වළගම්බා රජු දිය නෑ - රජනාව ඇල්ල 🍃🌿💦 (Rajanawa Ella 🍁🍄) වළගම්බා රජු දිය නෑ - රජනාව ඇල්ල 🍃🌿💦 (Rajanawa Ella 🍁🍄) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 06, 2020 Rating: 5

0 comments:

Post a Comment