නිපල් ග්‍රීස් ගෑම හෙවත් බ්රේක් ෆ්ලුයිඩ් මාරු කිරීම (Nipple Grease Grinding - Brake Fluid Replacement)

නිපල් ග්‍රීස් ගෑම හෙවත් බ්රේක් ෆ්ලුයිඩ් මාරු කිරීම (Nipple Grease Grinding - Brake Fluid Replacement) - Your Choice Way
මේ ලිපියෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බ්‍රේක් ෆ්ලුයිඩ් මාරු කරන විදිය ගැන… බ්‍රේක් ෆ්ලුයිඩ් මාරු කරන වැඩේ කරන්න කලින් දැනගන්න ඕන දේවල් ටිකක් තියෙනවා…

“වාහනේකට බ්‍රේක් ෆ්ලුයිඩ් ඕන මොකටද?… මාස්ටර් සිලින්ඩර් එක කියන්නේ මොකද්ද?… බ්‍රේක් බුස්ටර් එකේ කාර්යය මොකද්ද?… බ්‍රේක් ෆ්ලුයිඩ් ලෙවල් එක බලන්නේ කොහොමද?…” වගේ දේවල් අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕන බ්‍රේක් ෆ්ලුයිඩ් මාරු කරන වැඩේට අත ගහන්න කලින්…

කොහොමත් බ්‍රේක් ෆ්ලුයිඩ් මාරු කරන්න කලින් බ්‍රේක් ෆ්ලුයිඩ් පරික්ෂා කරන්නම ඕන…

අන්තිමට මාරු කරපු දවසේ ඉඳලා කිලෝමීටර් 40000ක් හෝ අවුරුදු දෙකක් ගිහිල්ල නම් අනිවාර්යෙන්ම බ්‍රේක් ෆ්ලුයිඩ් මාරු කරන එක හොඳයි… බ්‍රේක් ෆ්ලුයිඩ් වල තත්වය බාල වෙලා වගේ පේනවා නම් ඊට කලින් උනත් මාරු කරන්න ඕන…

බ්‍රේක් ෆ්ලුයිඩ් මාරු කිරීම කියන්නේ සර්විස් ස්ටේෂන් වල මහ බරසාර විදියට, ලොකු බිලක් එහෙම දාල, උත්සවශ්‍රීයෙන් කරන කටයුත්තක්… ඇත්තටම බ්‍රේක් ෆ්ලුයිඩ් හරියට මාරු කරනවා කියන්නේ ලේසි වැඩකුත් නෙමේ… නමුත් කරන්න ඕන දේවල් හරියටම දන්නවා නම්, වාහන අතපත ගාල පොඩි පුරුද්දක් තියෙනවා නම්, සාමාන්‍ය දැනීම තියෙනවා නම් ඕක ඕන පොඩි එකෙක්ට කරන්න පුළුවන් ටොයිස් වැඩක්… මේ ලිපිය ඉවර වෙනකල් කියෙව්වොත් ඔයාලට ගෙදරදීම ඔය වැඩේ කරන්න ඕන දැනුම හා පළපුරුද්ද දෙකම හම්බ වෙනවා සහතිකයි…

හරි දැන් අපි බලමු වැඩේ කරන හැටි….

අවශ්‍ය ද්‍රව්‍ය:
අලුත් බ්‍රේක් ෆ්ලුයිඩ් බෝතලයක්
ගන්න ඕන බ්‍රේක් ෆ්ලුයිඩ් ජාතිය බ්‍රේක් ෆ්ලුයිඩ් රෙසර්වොයර් එකේ මුඩියේ ගහල තියෙනවා… DOT 3, DOT 4, සුපර් DOT 3 කියල තමයි ඔය දාන්න ඕන බ්‍රේක් ෆ්ලුයිඩ් වර්ගය රෙසර්වොයර් එකේ මුඩියේ සඳහන් වෙන්නේ… මුඩියේ DOT 3 කියල ගහල තියෙනවනන් දාන්න ඕන DOT 3 කියල ගහල තියෙන ෆ්ලුයිඩ්… කඩේට ගිහින් “DOT 3 බ්‍රේක් ෆ්ලුයිඩ් එකක් දෙන්න” කියල ඉල්ලුවම මුදලාලි හෝ ගෝලයා දෙයි…

හෑන්ඩ් වැකුම් පම්ප් එකක්
මේක ඕන වෙන්නේ පරණ බ්‍රේක් ෆ්ලුයිඩ් ටික එලියට ඇදගන්න… මේ ගැජට් එක තියෙනවා නම් හත්පොලේ ගාගන්නේ නැතුව පිළිවෙලකට වැඩේ කරන්න පුළුවන්… ගරාජ් වැඩ වලට අලුතෙන් අත ගහන කෙනෙක් නම් ඔයා ගාව මේ උපකරණය නැතුව ඇති… හැබැයි, හෑන්ඩ් වැකුම් පම්ප් එකක් “වාහන උණ” තියෙන හැම කෙනෙක් ගාවම තියෙන එක වටිනවා… ලොකු ගානක් වෙන්නෙත් නැහැ…

විනිවිද පේන රබර් බටයක්
මේ බටේ ඕන වෙන්නේ රෝද වල ඉතුරු වෙලා තියෙන පරණ බ්‍රේක් ෆ්ලුයිඩ් ටික යවන්න… විනිවිද පේන මිලිමීටර් 3ක් වගේ ඝනකම තියෙන පොලිවයිනයිල් බටයක් මේ වැඩේට හොඳයි….

ජැක් එක හා ජැක් ස්ටෑන්ඩ්
මේ වැඩේට සමහරවිට රෝදේ ගලවන්න වෙනවා… ඒකට ජැක් එක හා ජැක් ස්ටෑන්ඩ් ඕන… ජැක් ගහන වැඩේ හරියටම දැනගන්න, ජැක් ගහන්න කියල දෙන මේ පොස්ට් එකත් කියවලම ඉන්න…

ඔය ටික තියෙනවා නම් වැඩේට බහින්න පුළුවන්…

බ්‍රේක් ෆ්ලුයිඩ් මාරු කරන විදිය
මුලින්ම බ්‍රේක් ෆ්ලුයිඩ් රෙසර්වොයර් එක හොයාගන්න ඕන… ඕක හොයාගන්න හැටි ඉහත බ්‍රේක් ෆ්ලුයිඩ් මාරු කරන හැටි කියන ලිපියේ තියෙනවා…

ඊළඟට පිරිසිදු රෙදි කෑල්ලක් අරගෙන බ්‍රේක් ෆ්ලුයිඩ් රෙසර්වොයර් එකේ මුඩිය හරිය හොඳට සුද්ද කරන්න… මොකද පොඩි හරි දුවිල්ලක් රෙසර්වොයර් එක ඇතුලට ගියොත් ලොකු විනාසයක් වෙන්න පුළුවන්…

ඊළඟට බ්‍රේක් ෆ්ලුයිඩ් රෙසවෝයර් එක ගාව හොඳට කවර් කරන්න රෙදි කෑල්ලක් අරගෙන… මොකද මේ වැඩේ කරද්දී බ්‍රේක් ෆ්ලුයිඩ් පොඩ්ඩක්වත් ඉහිරෙන්න නරකයි… එන්ජිමේ කොහේ හරි බ්‍රේක් ෆ්ලුයිඩ් වැටුනොත් අනිවාර්යෙන්ම වතුර දාල පිහදාන්න ඕන… නැත්තන් අනිවාර්යෙන්ම මලකඩ කනවා…

දැන් මුඩිය ගලවන්න… රෙසර්වොයර් එක ඇතුලේ බ්‍රේක් ෆ්ලුයිඩ් පිරිලා තියෙනවා පෙනේවි…

සමහර වාහන මොඩල් වල ඔය බ්‍රේක් ෆ්ලුයිඩ් රෙසර්වොයර් එක ඇතුලේ ෆිල්ටර් එකක් තියෙනවා… එහෙම එකක් තියෙනවා නම් ඒක ගලවන්න ඕන… රෙසර්වොයර් එක ඇතුලට ඇඟිල්ල දාලා ඔය ෆිල්ටර් එක හොයාගෙන ගලවන්න පුළුවන්… කරකවලා තමයි ඔය ෆිල්ටර් එක ගලවන්න ඕන… පහල රුප වලින් ඔය ෆිල්ටර් එක හා ගලවන විදිය පෙන්නලා තියෙනවා…
නිපල් ග්‍රීස් ගෑම හෙවත් බ්රේක් ෆ්ලුයිඩ් මාරු කිරීම (Nipple Grease Grinding - Brake Fluid Replacement) - Your Choice Way
බ්‍රේක් ෆ්ලුයිඩ් රෙසර්වොයර් එක ඇතුලේ ෆිල්ටර් එක තියෙන හැටි

නිපල් ග්‍රීස් ගෑම හෙවත් බ්රේක් ෆ්ලුයිඩ් මාරු කිරීම (Nipple Grease Grinding - Brake Fluid Replacement) - Your Choice Way
ෆිල්ටර් එක මෙහෙම ඇඟිල්ලක් දාල ගලවල අතට ගන්න පුළුවන්
දැන් වැකුම් පම්ප් එක අරගෙන එකේ බටය රෙසර්වොයර් එක ඇතුලට දාල බ්‍රේක් ෆ්ලුයිඩ් අදින්න පටන් ගන්න ඕන… වැකුම් පම්ප් එක පාවිච්චි කරන්න දන්නේ නැත්නම් මේ ලිපිය බලන්න… මෙතැනදී රෙසවෝයර් එකේ MIN ලකුණට එනකල් විතරයි බ්‍රේක් ෆ්ලුයිඩ් ඉවත් කරන්න ඕන… සම්පුර්ණයෙන් හිස් කරන්න එපා… මොකද එතකොට සිස්ටම් එකට වාතය ඇතුළු වෙන්න පුළුවන්… බ්‍රේක් සිස්ටම් එකට හුලන් යනවා කියන්නේ ටිකක් භයානක දෙයක්… වාතය බ්‍රේක් ෆ්ලුයිඩ් වලට වඩා ගොඩක් සම්පීඩනය වෙන හින්ද අපි පාගන තරමට බ්‍රේක් වදින්නේ නැති වෙන්න පුළුවන්…

රෙසර්වොයර් එක ඔහොම හිස් කරගත්තට පස්සේ අපිට පුළුවන් අලුත් බ්‍රේක් ෆ්ලුයිඩ් දාන්න… මේකෙදි MIN, MAX ලෙවල් ගැන හිතන්නේ නැතුව රෙසර්වොයර් එක පිරෙනකල් බ්‍රේක් ෆ්ලුයිඩ් දාන්න ඕන… ඒ ඇයි කියල තව ටිකකින් තේරෙයි…

දැන් රෙසර්වොයර් එකේ තියෙන්නේ අලුත්ම බ්‍රේක් ෆ්ලුයිඩ්… ඒත් අපි දන්නවා බ්‍රේක් සිස්ටම් එකේ තවත් අංග ගණනාවක් තියෙනවා… මාස්ටර් සිලින්ඩර් එක, මාස්ටර් සිලින්ඩර් එකේ ඉඳල රෝද වලට යන බට වගේ දේවල්… ඔය උපාංග වල තාමත් තියෙන්නේ පරණ බ්‍රේක් ෆ්ලුයිඩ්… හරියටම වැඩේ ඉවර වෙන්න නම් ඒවත් අයින් කරගන්න ඕන…

බ්‍රේක් සිස්ටම් එකේ අනික් උපාංග වල තියෙන ෆ්ලුයිඩ් අයින් කරගන්න වාහන වල රෝදේ ගාව දීල තියෙනවා පොඩි සිදුරක්… මේකට කියන්නේ “බ්ලීඩින් නිපල්” කියල… හරියටම කියනවා නම් මාස්ටර් සිලින්ඩර් එකේ ඉඳල බ්‍රේක් ෆ්ලුයිඩ් එක්ක එන නල රෝදයට හයි වෙන තැන තමයි ඕක තියෙන්නේ… දැන් අපි බලමු ඔය “බ්ලීඩින් නිපල්” එකෙන් බ්‍රේක් සිස්ටම් එකේ ඉතුරු වෙලා තියෙන පරණ ෆ්ලුයිඩ් ටික යවන්නේ කොහොමද කියල…

ඊළඟට තමයි ඉස්සරහ රෝද ගලවන්න ඕන… පළවෙනියට ඉස්සරහත් මාස්ටර් සිලින්ඩර් එකට ඈතම රෝදේ…. අන්තිමට මාස්ටර් සිලින්ඩර් එකට ලගම ඉස්සරහ රෝදේ…. මේ කිව්ව කතාව පහල රූපය බලල තේරුම් ගන්න පුළුවන් වෙයි… ගලවන්න ඕන පිළිවෙල අංක දාල පෙන්නලා තියෙනවා…
නිපල් ග්‍රීස් ගෑම හෙවත් බ්රේක් ෆ්ලුයිඩ් මාරු කිරීම (Nipple Grease Grinding - Brake Fluid Replacement) - Your Choice Way
දකුණු පැත්තේ මාස්ටර් සිලින්ඩර් එක තියෙන වාහනේක බ්‍රේක් බ්ලීඩ් කරන්න ඕන පිළිවෙල
රෝදය ගැලෙව්වට පස්සේ “බ්‍රේක් ෆ්ලුයිඩ් හෝස්” එක තියෙන තැන හොයා ගන්න ඕන… “බ්‍රේක් ෆ්ලුයිඩ් හෝස්” එක කියන්නේ සරලවම කිව්වොත් බටයක්… ඕක දිගේ තමයි මාස්ටර් සිලින්ඩර් එකේ ඉඳල බ්‍රේක් ෆ්ලුයිඩ් රෝදේ ගාවට අරන් එන්නේ…

ඩිස්ක් බ්‍රේක් තියෙන රෝදයක් නම් ඔය බටය සම්බන්ධ වෙන්නේ බ්‍රේක් කැලිපර් එකට… ඩ්‍රම් බ්‍රේක් වල නම් ඩ්‍රම් එකේ පිටිපස්සට… ඩිස්ක් බ්‍රේක්,පල්ලෙහා රූප වල “බ්රේක් හෝස්” එක ඇවිල්ල රෝදෙට සම්බන්ධ වෙන හැටි පෙන්නලා තියෙනවා…
නිපල් ග්‍රීස් ගෑම හෙවත් බ්රේක් ෆ්ලුයිඩ් මාරු කිරීම (Nipple Grease Grinding - Brake Fluid Replacement) - Your Choice Way
මාස්ටර් සිලින්ඩර් එකේ ඉඳල බ්‍රේක් ඔයිල් අරගෙන එන යකඩ බටය

නිපල් ග්‍රීස් ගෑම හෙවත් බ්රේක් ෆ්ලුයිඩ් මාරු කිරීම (Nipple Grease Grinding - Brake Fluid Replacement) - Your Choice Way
බ්රේක් හෝස් එක රෝදෙට සම්බන්ධ වෙන හැටි
ඔන්න ඔය බටේ ගාවම තියෙනවා “බ්ලීඩින් නිපල්” කියන බ්‍රේක් ෆ්ලුයිඩ් අයින් කරන සිදුර… පහල රූපය හොඳට බලන්න… සාමාන්‍යෙන් ඔය බ්ලීඩින් නිපල් එක රබර් කැප් එකකින් වහල තියෙන්නේ… ඒක අයින් කරන්න…
නිපල් ග්‍රීස් ගෑම හෙවත් බ්රේක් ෆ්ලුයිඩ් මාරු කිරීම (Nipple Grease Grinding - Brake Fluid Replacement) - Your Choice Way
බ්ලීඩින් නිපල් එක තියෙන තැන
නිපල් ග්‍රීස් ගෑම හෙවත් බ්රේක් ෆ්ලුයිඩ් මාරු කිරීම (Nipple Grease Grinding - Brake Fluid Replacement) - Your Choice Way
බ්ලීඩින් නිපල් එකේ ප්ලාස්ටික් කවරය ගලවල තියෙන හැටි
ඊළඟට පොලිවයනයිල් බටේ අරගෙන බ්ලීඩින් නිපල් එකට හොඳට සවි වෙන්න හයි කරන්න ඕන… අනික් කෙලවර බෝතලේකට දාල තියන්න… ඒ බෝතලේට ඔය නිපල් එකෙන් එලියට එන පරණ ෆ්ලුයිඩ් ටික එකතු වෙයි… වඩාත් හොඳයි ඒ බෝතලේට පරණ බ්‍රේක් ෆ්ලුයිඩ් ටිකක් දාල තියන්න පුළුවන් නම්…. අර දාපු බටේ කට වැහෙන ප්‍රමානෙට…

මොකද හිස් බෝතලේට බටේ අනික් කෙලවර ඇරිලා තිබ්බොත් වායු බුබුලු හැදෙන්න පුළුවන් ඔය බටේ… එහෙම හැදෙන වායු බුබුලක් නිපල් එක හරහා බ්‍රේක් සිස්ටම් එකට ඇතුළු වෙන්න පුළුවන්… එහෙම වාතය ඇතුළු වෙන එක එච්චර හොඳ දෙයක් නෙමේ… මොකද බ්‍රේක් බට වල හුලන් තිබ්බොත් ගහන බ්‍රේක් පාර හරියට වදින්නේ නෑ… පොඩි බ්‍රේක් පාරකටත් ලෑල්ලටම පාගන්න වෙයි… නිපල් එකට බටේ ගහන හැටි පහල පින්තුරු වලින් බලාගන්න…

දැන් අර බෝතලේ නිපල් එකට වඩා උඩකින් තියන්න… ඊට පස්සේ ගැලපෙන යතුරක් අරගෙන බ්ලීඩින් නිපල් එක යට තියෙන නට් එක බුරුල් කරන්න… කරන හැටි පල්ලෙහා රූපේ තියෙනවා…
නිපල් ග්‍රීස් ගෑම හෙවත් බ්රේක් ෆ්ලුයිඩ් මාරු කිරීම (Nipple Grease Grinding - Brake Fluid Replacement) - Your Choice Way
බ්ලීඩින් නිපල් එකට බෝතලේ සම්බන්ධ කරන හැටි
නිපල් ග්‍රීස් ගෑම හෙවත් බ්රේක් ෆ්ලුයිඩ් මාරු කිරීම (Nipple Grease Grinding - Brake Fluid Replacement) - Your Choice Way
මේ විදියට බ්ලීඩින් නිපල් එක බුරුල් කරන්න
එහෙම ටිකක් බුරුල් කලාම නල වල ඉතුරු වෙලා තියෙන පරණ බ්‍රේක් ෆ්ලුයිඩ් ටික ටික එලියට එන්න පටන් ගන්නවා… ටිකක් එලියට ආවට පස්සේ වාහනේ ඇතුලට ගිහින් හෙමිට බ්‍රේක් පැඩල් එක පාගන්න… මෙහෙම පාගද්දී පරණ ෆ්ලුයිඩ් වේගෙන් එලියට එන්න පටන් ගන්නවා… මේ වෙලාවේ පාගද්දී බ්‍රේක් පැඩල් එක ගොඩක් බුරුලට දැනෙයි… මොකද දැන් බ්‍රේක් සිස්ටම් එකේ කිසිම පීඩනයක් නැහැනේ… නිපල් එකෙන් එලියට එන බ්‍රේක් ෆ්ලුයිඩ් වල පාට අවර්ණ වෙනකල්ම මේ විදියට බ්‍රේක් පැඩල් එක පාගන්න ඕන… අලුත් බ්‍රේක් ෆ්ලුයිඩ් නිපල් එකෙන් එලියට එනවා කියන්නේ ඒ රෝදෙට එනකල් නලේ අලුත් ෆ්ලුයිඩ් පිරුනා කියන එකයි…

එහෙම සුද්ද උනාට පස්සේ යතුර අරගෙන ආයෙත් බ්ලීඩින් නිපල් එක යට නට් එක තද කරන්න ඕන… අතේ හයියට තද කලාම ඇති… ඔය නට් එක තද කරනකල් නිපල් එකට ගහපු බටේ ගලවන්න එපා… ගැලෙව්වොත් හුලන් යන්න ඉඩ තියෙනවා…

නට් එක තද කලාට පස්සේ පරණ ෆ්ලුයිඩ් එකතු වෙච්ච් බෝතලේ බිමින් තියන්න… තියල හෙමිට බටේ එකතු වෙලා තියෙන ෆ්ලුයිඩ් ඉහිරෙන්නේ නැති වෙන්න හෙමිට බටේ ගලවන්න ඕන… මේකෙදි රබර් ග්ලවුස් දෙකක් දාගත්තත් කමක් නැහැ… මොකද බ්‍රේක් ෆ්ලුයිඩ් අතේ ගෑවෙන්න හොඳ නැති නිසා… ඕව වහ…

දැන් ඒ රෝදේ වැඩ ඉවරයි… දැන් රෝදේ නැවත හයි කරලා ජැක් එක පාත් කරන්න…

රෝද හතරටම කලින් කිව පිළිවෙලට ඔය වැඩේ කරන්න ඕන… මේ අපි කරපු වැඩේට “බ්‍රේක් බ්ලීඩ්” කරනවා කියලත් කියනවා… රෝද හතරේම බ්‍රේක් බ්ලීඩ් කලාම බ්‍රේක් ඔයිල් මාරු කිරීමේ කර්තව්‍ය නිමාවට පත් වෙනවා…

අන්තිමට බලන්න රෙසර්වොයර් එකේ MAX ලෙවල් එකට එනකල් බ්‍රේක් ෆ්ලුයිඩ් තියෙනවද කියල… අඩු වෙලානම් නැවත MAX ලෙවල් එකට එනකල් ෆ්ලුයිඩ් දාන්න…

ඉතින් ඔහොම තමයි වාහනේක බ්‍රේක් ෆ්ලුයිඩ් මාරු කිරිල්ල කරන්නේ.. මාරු කලාට පස්සේ බ්‍රේක් හරියට වදිනවද බලන්න පොඩි ටෙස්ට් ඩ්‍රයිව් එකක් දැම්මත් කමක් නැහැ…

මේ වැඩේ බොහොම පිරිසිදුවට ඉවසීමෙන් කරන්න ඕන වැඩක් කියල ලිපිය කියෝපු ඔයාලට තේරෙන්න ඇති… එක පාරට වැඩේට අත ගහන්න බය නම් දන්නා කියන ගරාජ් බාස් වැඩේට සෙට් කර ගත්තත් අව්ලක් නැහැ… එක පාරක් හරියට කරගත්තොත් ඔයාලා ඕක කරන්න ආයේ කවදාවත් සර්විස් ස්ටේෂන් නම් යන්නේ නෑ නෑමයි….ඔබ වාහන කාර්මික ශිල්පයට ආධුනික නම් සැමවිටම පළපුරුදු කාර්මිකයෙකුගේ සහය ලබාගන්න. නිසි පළපුරුද්දක් නොමැතිව ඔබ විසින්ම සිදුකරන අලුත්වැඩියාවන් මගින් ඔබේ වාහනයට හානි සිදුවිය හැකියි. එවන් හානි සම්බන්ධයෙන් www.yourchoiceway.com වග නොකියන බව මෙයින් කාරුණිකව දන්වා සිටිමු.

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
නිපල් ග්‍රීස් ගෑම හෙවත් බ්රේක් ෆ්ලුයිඩ් මාරු කිරීම (Nipple Grease Grinding - Brake Fluid Replacement) නිපල් ග්‍රීස් ගෑම හෙවත් බ්රේක් ෆ්ලුයිඩ් මාරු කිරීම (Nipple Grease Grinding - Brake Fluid Replacement) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 29, 2020 Rating: 5

0 comments:

Post a Comment