රස දිව පිනවන මාතර මාළු ඇඹුල් තියල් හදමු

මාළු ඇඹුල් තියල් නම් ඉතින් මාතර තමයි ‍.විශේෂයෙන් දික්වැල්ල සිට මාතර දක්වා මුහුදු වැල්ල ආශ්‍රිතව ජිවත් වන අයගේ මාළු ඉවුම් පිහුම් ඉතාම රසවත් බව කිව යුතුය. ගම්මිරිස් යොදමින් හදන ඔවුන්ගේ මාළු ඇඹුල් තියල ඉතාම රසවත්ව එවන් මාළු ඇඹුල් තියලක් ඒ ආකාරයෙන්ම අපටද නිවසේදී සකස් කරගත හැක එසේ සකස් කරගන්නා ආකාරය ප්‍රමිතියටම පහතින් දක්වා ඇත.

අවශ්‍ය දෑ-
  • මාළු කිලෝ ග්‍රෑම් එකක් (බලයන්,තලපත් හෝ කෙළවල්ලන් වඩාත් රසවත්ය)
  • ගොරකා ග්‍රෑම් 10 ක් පමණ
  • ගම්මිරිස් තේ හැදි 02 ක් පමණ
  • අමුමිරිස් කරල් 4ක් 5ක්
  • කහ තේ හැඳි කාලක් පමණ
  • ලුණු මේස හැඳි 01
  • සුදු ළූණු බික් 4 ක්
  • වියළි මිරිස් තේ හැඳි 01 ක්
  • රමිපෙ කරපිංචා අවශ්‍ය ප්‍රමාණයට,තලාගත් ඉඟුරු කැබැල්ලක් සහ කුරුඳු කැබැල්ලක්, කරාබු නැටි කිහිපයක්
සාදන ක්‍රමය-
  1. මාළු කිලෝ ග්‍රෑම් 01 තරමක කුඩා කැබලි කපා හොඳින් සෝදාගන්න සොදාගන්නා විට දෙහි ඇඹුල් ස්වල්පයක් දඑක්කරගන්න.
  2. පසුව ගොරකා කැබලි ටික උණු වතුරට දමා මද වේලාවකින් මිරිස් ගලක් භාවිතා කර අඹරාගන්න.
  3. ඉඟුරු, සුදු ළූණු හා වියලි මිරිස් ද අඹරා ගන්න.
  4. ඉන්පසුව ගොරකා, ගම්මිරිස්, අමුමිරිස්, රම්පෙ, කරපිංචා, ඉඟුරු, වියලි මිරිස්, සුදු ළූණු, කුරුඳු, ලුණු ,කරාබු නැටි  ආදී සියල්ලම මැටි බඳුනක (මැටි බඳුන පතුලට කෙසෙල් කොළයක් අතුරා ගන්න) දමා හොදින් අතින් මිශ්‍ර කරගන්න.
  5. පසුව එයට වතුර කෝප්පයක් පමණ එක්කර වතුර හි‍‍ඳෙනතුරු සාමාන්‍ය රස්නයකට අඩිය යාන්තමට රොස් වන තුරු තැමිබෙන්නට හරින්න.
විශේෂ කරුණු- තම රුචිකත්වය පරිදි ගම්මිරිස් හා වියළි මිරිස් අනුපාතය වෙනස් කරගත හැක. 
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

View my Flipboard Magazine.
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
රස දිව පිනවන මාතර මාළු ඇඹුල් තියල් හදමු රස දිව පිනවන මාතර මාළු ඇඹුල් තියල් හදමු Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 28, 2020 Rating: 5

0 comments:

Post a Comment