අවසන් රන්දෝලි පෙරහරේ රජූ - ඉන්දි රාජා ❤️🐘 (Indi Raja ❤️🐘)

අද අවසන් රන්දෝලි පෙරහරේ දළදා කරඩුව වඩම්මන හස්ථි රාජයා ගැන ලියන්න හිතුනා..ඒ තමා ඉන්දි රජා.

මාලිගාවේ ඇත් පන්තියේ පෙරහර කරඩුව වඩම්මන වගකීම හරි අපූරුව ඉටු කරන හස්ථියෙක් තමා මේ ඉන්දි රාජා කියන්නේ.

ඉන්දි රාජාගේ උපන් රට ශ්‍රී ලංකාව නෙමේ..ඉන්දියාවේ ඇත් සුරැකුම් මධ්‍යස්ථානයකදී උපත ලද ඉන්දි රාජාගේ මුල් නම “බෂීර්“.....

1989 වර්ෂයේ දී 'බෂීර්' නම් මෙම ඇත් පැටවා ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයෙන් තමා ලැබුණේ.

හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය දිවංගත රජීව් ගාන්ධී මහතාගේ උපදෙස් මත මෙම ඇතා දළදා මාළිගාවට පරිත්‍යාග කරලා තියෙනවා.

තරුණ වියේදීම කරඬුව සහිත රන්සිවි ගෙය වැඩමවීමට ඉන්දි රාජාට අවස්ථාව හිමිවෙනවා.

තරමක් මුරණ්ඩු ගති පෙන්වූවත් ඇත් රජාගේ පිටේ රන්සිවි ගෙය තැන්පත් කළායින් පසු බොහෝ තැන්පත් ගති දක්වන්නෙකු ලෙසයි ඉන්දි රාජා ප්‍රසිද්ධ වන්නේ.

පෙරහරේ රන්සිවිගෙය සමග ගමන් කිරීමේදී පාවඩ නොමැතිව ඉදිරියට ගමන් නොකරන මෙම හස්ථියා ලංකාවේ අලි භාෂාවට මෙන්ම ඉන්දියාවේ අලි භාෂාවයටද ප්‍රතිචාර දක්වනවා.

මේ ඇතා හා බැදි කතාවක් තියෙනවා.ඉන්දි රාජා 2013 වසරේදී කුඹල් පෙරහැරකදී කරඬුව වැඬමවමින් සිටියදී දෑලේ වම්පස සිටි හස්ථියා විසින් තදබල පහරක් එල්ල කළත් ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

ප්‍රහාරය එල්ල කළ හස්ථියාට වඩා මුරණ්ඩු ගති ඇති ඉන්දි රාජා එයින් කෝප නොවී, සෙමින් ඉදිරියට ගොස් දෑළෙන් මිදී කරඬුව බිම වැටෙන්නට නොදී බේරාගෙන තිබෙනවා.

දැනට වයස අවුරුදු 37ක් පමණ වන ඉන්දි රාජා දැනට ලංකාවේ වෙසෙන හීලෑ ඇතුන් අතරින් දළදා කරඬුව වැඩම කිරීමට සුදුසුම හස්ථියෙක්.

ශ්‍රී දළදා මාළිගා ඇත් පන්තියේ නායකයා ලෙස තමා මේ ඉන්දි රාජා හදුන්වන්නේ.

ඉතින් අද මේ උතුම් පොහෝ දිනත් ඉන්දි රාජාට අවසන් රන්දෝලි පෙරෙහරේ ඝාම්භීරව ගමන් කිරීමට වාසනාව සහ ආශිර්වාද ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරමූ.

අවසන් රන්දෝලි පෙරහර අද රාත්‍රී 7.14ට යෙදෙන සුභ මොහොතින් විථි සංචාරක කිරීමට නියමිතයි.

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏






උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
අවසන් රන්දෝලි පෙරහරේ රජූ - ඉන්දි රාජා ❤️🐘 (Indi Raja ❤️🐘) අවසන් රන්දෝලි පෙරහරේ රජූ - ඉන්දි රාජා ❤️🐘 (Indi Raja ❤️🐘) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 03, 2020 Rating: 5

0 comments:

Post a Comment