ගෝනෙකුගේ ස්වරූපයට හැඩවු - ගොන්ගල 🌿🏞 (Gongala 🏞🌄 )

දකුණු ලකේ පුංචි නුවර එලිය ලෙස විරුදාවලි ලත් ගොන්ගල බෙහෙවින්ම කදුකරයට සමාන දකුනු පලාත සහ සබරගමුවත් මායිම් ව පිහිටි ඉතාමත් සුන්දර කදු මුදුනක් කිව්වොත් නිවැරදි.ගොන්ගල කන්ද සිංහරාජ වනයෙන් හුදකලා වු කදු ප්‍රදේශයක්.

මේ කන්දට මේ නම ලැබුනේ මෙහෙමයි.ගොන්ගල නාමය මෙම කන්දට ලැබී ඇත්තේ ගොනෙකුගේ හිස ආකාරයට පිහිටි විශාල ගල් පර්වතයක් ලෙස මේ පර්වතය පිහිටීම නිසයි.
පෙරකල මේ කන්ද ආශ්‍රිතව ගෝනුන්ගෙන් ගහන වු නිසා ගෝන්ගල පසුව ගොන්ගල බවට පත්වූ බවත් ජනප්‍රවාදයේ පවතිනවා.

සීත මීදුමින් නැහැවෙන මෙම කදුකර ප්‍රදේශය දේශි සංචාරකයන්ගේ වඩි ඇස නොගැටීම නිසා තවමත් ස්වභාවිකත්වය ආරක්ෂා වෙමින් පවතිනවා.

විශාල ගල් තලාවකින් මුදුනක නිර්මාණයවී ඇති ගොන්ගල කදු පන්තිය ස්වභාව ධර්මයේ තවත් අපූර්ව නිමැයුමක්.

දකුණු පළාතත් සබරගමුවව පළාතත් වෙන්කරන මායිමට ආසන්නව පිහිටා තිබෙන ගොන්ගල ට මෙම නම පටබැඳී තිබන්නේ එහි හැඩහුරුව ගොනෙකුගේ ස්වරූපයක් ගන්නා නිසාවෙන්.

ගොන්ගල ශ්‍රී ලංකාවේ උසින් 15 වන කදුමුදුන වන අතර එහි උස අඩි 4455 ක් වේ. 

ගමන ඇත්තේ කැලෑවක් මැදින් බැවින් වදුල ඉතා සිසිල්ය. අතරින් පතර ගලා යන කුඩා දිය පහරවල් කිහිපයකි. ඒවා ගිං ගඟෙහි ආරාම්භක ජල පෝෂක ප්‍රදේශයන්ය.

අඩි පාර දිගේ පසු කරන බොහොමයක් තැන් එක සමානය.මෙ‍ම කදු ප්‍රදේශය තුළ ජෛව විවිධත්වය මෙසේ වර්ග කල හැක. 
  • පක්ෂි විවිධත්වය 
  • මත්‍යස විවිධත්වය 
  • උරග විවිධත්වය 
  • සිරපායි සතුන් විශේෂ බොහොමයක් හදුනා ගෙන ඇත.
Gongala
Gongala is a mountain in the Rathnapura District of Sri Lanka. At a summit elevation of 1,358 m (4,455 ft), it is the 15th tallest mountain in Sri Lanka.

Gongala is the Highest Mountain in Southern Province and its boarders Sinharaja Forest. Nilwala and Gin ganga starts from this mountain range.

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏







උපුටා ගැනීමකි....
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ගෝනෙකුගේ ස්වරූපයට හැඩවු - ගොන්ගල 🌿🏞 (Gongala 🏞🌄 ) ගෝනෙකුගේ ස්වරූපයට හැඩවු - ගොන්ගල 🌿🏞 (Gongala 🏞🌄 ) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 15, 2020 Rating: 5

0 comments:

Post a Comment