ගාලික් බ්‍රෙඩ් (Garlic Bread)

ඔන්න යාලුවනේ එහෙනම් අපි දැන් තවත් අලුත් කෑමක් සදීමටයි මේ සැරසෙන්නේ. අපි හදමු ගාලික් බ්‍රෙඩ් එකක්. ඔයාලත් ආස කෑමක් නේද...?

අවශ්‍ය ද්‍රව්‍ය:
  • පිටි 500g
  • සුදුළුනු 40g
  • බටර් 50g
  • සීනී 50g
  • යීස්ට් 10g
  • කිරිපිටි 8g
  • ලුණු 8g
  • බිත්තර 01
  • වතුර අඬුකෝප්ප එකයි තුන් කාලක් පමණ
  • අමතර බටර් මේස හැන්දක්

සාදන ක්‍රමය:
  1. මුලින්ම බටර් දමා චොප් කරගත් සුදුළුනු ටික මදක් පිසගෙන පසෙකින් තබන්න.
  2. ඉන්පසු භාජනයක් ගෙන පිටි,සීනි,කිරිපිටි,යීස්ට්,බටර්,සුදුළුනු,බිත්තර සහ ලුණු ද දමා කලවම් කරගන්න.
  3. ඉන්පසු වතුර දමා විනාඩි 10ක් හොඳින් අනාගන්න.
  4. විනාඩි 10කට පසු හොඳින් බටර් තැවරූ තැටිය මත දික් අතට සකසා ගත් පිටි ම්ක්ස් එක තබා විනාඩි 30ක් පිපෙන්නට හරින්න.
  5. උඩින් බිත්තර සාරු තවරා ගන්න.
  6. දැන් සෙල්සියස් 165 රස්නයෙන් විනාඩි 10ක් කලින් රත් කරගත් අවන් එකේ විනාඩි 25-30 පුළුස්සා ගැනීම ප්‍රමාණවත් වේ.
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ගාලික් බ්‍රෙඩ් (Garlic Bread) ගාලික් බ්‍රෙඩ් (Garlic Bread) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 04, 2020 Rating: 5

0 comments:

Post a Comment