බුරිටෝ (Burrito)

උදෑසන ආහාරයට මෙක්සිකන් ආහාරයක්.හැම දාම උදේට බත් කාලා එපා වෙලා නේද..?ඉතින් නිතර දෙවේලේ බත් කාලා එපා උන අයට උදැසන අහාර වේලට පෝෂණ ගුණ සපිරි අලුත්ම අහාර වේලක් සකසා ගන්න විදිහ මේ කියන්න හදන්නේ.මෙක්සිකෝවට  පමණක්ම  අවේනික අහාර වේලක් ලෙස හඳුන්වන්න පුළුවන් බුරිටෝ පෝෂණ ගුණයෙන් ඉතාම ඉහලයි.ඒ වගේම සකසා ගැනීම ඉතාම පහසුයි.වෙළඳපොළේදී මිලට ගත හැකි corn trotilla  bread සොයාගන්න බැරි උනොත්,ඒ වෙණුවට ගොදම්බ්බ රොටි ආදේශකයක් ලෙස භාවිතා කරන්න පුළුවන්.මීගමුව ජෙට්වින් බීච් හෝටලයේ  සුපවේදී  ප්‍රසන්න පෙරේරා සකස් කළ මෙම රෙසිපිය ඔබත් අත්හදා බලන්න.

අවශ්‍ය ද්‍රව්‍ය:
  • corn tortilla bred
  • චෙඩාර් චීස් 50g
  • මොසරල්ලා චීස් 50g
  • හැම් 200g
  • අල 200g
  • refried beans 100g
  • තෙල් ස්වල්පයක්
  • සිහින්ව කපාගත් ළුණු 100g   
  • අවශ්‍ය පමණ ලුනු,ගම්මිරිස්
  • ටබැස්කෝ සෝස් ස්වල්පයක්
සාදන ආකාරය:
  1. refried beens වියළි හෝ ටින් කර හෝ මිලට ගැනීමට ඇත.මුලින්ම ළිප දල්වා සාස්පානක් ළිප තබා එයට තෙල් ටිකක් දමා තෙල් රත්වෙන විට ළුණු දමා රන්වන් පැහැ වනතුරු බැදගන්න.
  2. ඉන්පසුව එය වෙනත් බඳුනකින් තබා නැවත refried beens තෙලට දමා බැදගන්න.
  3. එයටම ලුනු,ගම්මිරිස්,ටැබැස්කෝ සෝස් දමා සීසන් කරගෙන පේස්ට් එකක් ලෙස සකසා ගන්න.
  4. ඒ අතරම,අල ගෙන සුද්ද කර කොටු කපා තම්බා ගන්න.
  5. ඉන්පසු tortilla bred එක ගෙන එයට refried beens පේස්ට් එක bread එක මත තවර ගන්න.
  6. එම තවරුම මත තම්බාගත් අල,හැම් සහ චීස් තබා tortilla bread එක රෝල් එකක් ලෙස සකසා ගෙන ග්‍රිල් කර පිසගන්න.
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
බුරිටෝ (Burrito) බුරිටෝ (Burrito) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 10, 2020 Rating: 5

0 comments:

Post a Comment