සුන්දර ලකේගල කදු මුදුන (Beautiful Lakegala Mountain Top)

කොළඹින් කි.මි.175ක් පමණ ඔබ්බෙන් නක්ල්ස් කඳු වැටියේ මධ්‍යයේ පිහිටා ඇති මෙම සුවිසල් පර්වතය, දිවයිනේ,  සමහර විට මුළු ලොවෙහිම පවා, තිබෙන වඩාත් තැතිගන්වෙන සුළු  පෙනුමක් ඇති ශිඛරයකි.

ලකේගල කන්දට පිවිසිය හැක්කේ මීමුරේ නම් සන්සුන් වූ හුදෙකලා ගම්මානය  මැදින්ය  නිසැකයෙන්ම එය ලංකාවේ දී ඔබට හමුවන දුෂ්කරතම කඳු තරණයයි. ඔබ තෝරා ගන්නා ගමන් මාර්ගය අනුව පැය ගණනාවක් පවා ගත විය හැකි කඳු පාමුල පිහිටි ලඳු කැලෑ ප්‍රදේශය පසු කළ පසු, කඳු මුදුන වෙත ලඟා වීමට ලණු සහ/හෝ කඳු නැගීමේ කට්ටල අවශ්‍ය වේ. 

මෙනිසා ලකේගල තරණය උසවල් සහ දුෂ්කරතා වලට අකමැති අයට  නම් සුදුසු ගමනක් නොවේ; කෙසේ වුවද අවම වශයෙන් ඔබ ඔබේ ජීවිතය තුල එවැන්නක් කර ඇති බව පැවසීමට හෝ එම දරන පරිශ්‍රමය සහ මුහුණ දෙන අවදානම නිසැකයෙන්ම වටිනා බව සඳහන් කළ යුතුය.
  • පුලතිසි ඉසිවරයා ලැග සිටය ගල
  • යක් විරුවන් ගරුත්වයෙන් හිස නැමූ ගල
  • දිවා රැයේ පුලතිසි පුර පෙනෙන ගල
  • ලක්ගල වාසනාවන් ඒ තෙදැති බල
  • උසට උසට පෙනූණා මාතලා ගල
  • සතර පැත්ත සැස්සා වැනි ලකේ ගල
  • දෙවියන් ගේ විමනක්දෝ මෙතැන බල
  • රාවණාට මග සැදුණේ ලකේ ගල
මෙම කවියෙන් ලකේගල රාවණාට මග තැනූ ස්ථානයක් ලෙස දක්වා ඇත. රාවණ රජූ දඬූ මොණරය නම් ගුවන් යානයකින් ගමන් ගිය බව කියනූ ලැබේ. දඬූ මොණර යානයෙන් ගුවනින් එද්දී ලංකාපූර දෙසට මඟ පෙන්වන මං සලකුණ ලෙස ලකේගල භාවිතා කරන්නට ඇත. 

දඬූ මොණරය ලංකාපූර රාජධානියට සේන්දු වන්නට ඇත්තේ මෙම ගිරි ශිඛරය ඉලක්ක කරගෙන වන්නට ඇත. ඒ අනූව "ඉලක්ක ගල" හෙවත් ලකේගල වන්නට ඇති බවට පළවී ඇති මතය සාධාරණීකරණය කළ හැකි වනූ ඇත
උපුටා ගැනීමකි....
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සුන්දර ලකේගල කදු මුදුන (Beautiful Lakegala Mountain Top) සුන්දර ලකේගල කදු මුදුන (Beautiful Lakegala Mountain Top) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 22, 2020 Rating: 5

0 comments:

Post a Comment