බඹරක් බැදීමෙන් නම බැදි බඹර කිරි ඇල්ල (Bambara Kiri Ella)

මාතලේ, රත්තොට සිට රිවර්ස්ටන් දක්වා වූ ගමන් ගන්නා මාර්ග අතරතුර බඹර කිරි ඇල්ල පිහිටා තිබේ.

බඹර කිරි ඇල්ලේ සුන්දරත්වය නැරඹීමට වැල් පාලමක් හරහා ගමන් කළ යුතු වේ.

එම වැල පාලමේ ගමන් කිරීම විටෙක එය බයංකර මෙන්ම සුන්දර ගමන් ලෙස ද හැඳින්විය හැකිය.

මෙම දිය ඇල්ලේ උල්පත් ආරම්භ වන්නේ නකල්ස් කඳු පන්තියෙනි.

බඹර කිරි ඇල්ල ලෙස නම පටබැඳී ඇත්තේ, ඇල්ල අසල පර්වතයක බඹර බැඳ තිබු නිසා බව ජනප්‍රවාදයේ සඳහන් වේ.

මෙහි දිය ඇලි 2ක් තිබේ. එක් ඇල්ලකින් වැටෙන ජලය අනෙක් ඇල්ල ඔස්සේ පහල පිහිටා ඇති විශාල තටාකයට වැටී ගලා යයි

බඹර කිරි ඇල්ල වෙත පහසුවෙන් ළඟා වීමට තිබෙන වැල් පාලමේ අනතුරක සේයාවක් ද අපට දක්නට ලැබුණි.

ඒ, වැල් පාලමේ අතුරා ඇති ලෑලි තැනින් තැන කැඩී ගොස් තිබීම හේතුවෙනි. එබැවින් මෙවැනි අඩුපාඩු පිලිසකර කිරීම කඩිනම් අවශ්‍යතාවකි.

සුන්දර පරිසර පද්ධතියක පිහිටා ඇති මෙම බඹර කිරි ඇල්ලේ සුන්දරත්වය විඳ ගන්න ගමන් මෙම පරිසර පද්ධතිය අපවිත්‍ර නොකර අපේ අනාගත පරපුර වෙනුවෙන් එය ඉතිරි කරන්නැයි අපි ඔබෙන් ඉල්ලා සිටින්නෙමු.







උපුටා ගැනීමකි...

Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
බඹරක් බැදීමෙන් නම බැදි බඹර කිරි ඇල්ල (Bambara Kiri Ella) බඹරක් බැදීමෙන් නම බැදි බඹර කිරි ඇල්ල (Bambara Kiri Ella) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 14, 2020 Rating: 5

0 comments:

Post a Comment