යටියන මහත්තයාට ඉසුරු ගෙනා - සිසිරගිරි වලව්ව 🏰 (Sisiragiri Walawwa)

අද අපි කතාකරන්නේ ජාත්‍යන්තරයට නම ගෙනියපූ පුද්ගලයෙකුගේ වලව්වක් ගැන.

මාතර යටියන ප්‍රදේශයේ නාමය ජාත්‍යන්තරය පවා අඳුරන බව හිතාගන්නවත් පුළුවන් ද එහෙම වුණේ යටියන මහත්තයා නිසයි.

යටියන මහත්තයාට සියලු ඉසුරු කැන්දා දුන්නේ මේ සිසිරගිරි වලව්ව බවට මතයක් තියෙනවා. 

එහෙම වුනේ මෙන්න මේ නිසාලූ,යටියන මහත්තයා එකල පදිංචිව සිටියේ යටියන දැනට ඔහු තැනූ නිවෙස තිබූ ඉඩමේ ඉහළ ම කඳු ගැටය මත වූ කුඩා නිවෙසකයි.

එවකට ඔවුන්ගේ අවශ්‍යතාව සඳහා ජලය ගෙන යන්නේ, දැනට යටියන කැකණදුර පාර සමීපයේ ඉඩමේ පල්ලමේ ඇති ළිඳකින්.

යටියන මහත්තයාගේ නෝනා කළයෙන් වතුර රැගෙන නිවසට එන අතරවාරයේ කළයෙන් බුබුළු මතු වී තියෙනවා. 

හාමිනේ ඒක දැක්කේ මෙහෙමයී, කළෙත් උකුලේ තියන් කඳු ගැටේ අඩක් පමණ ඉහළට නගින විට, හාමිනේ හැඳ සිටි චීත්ත රෙද්ද බුරුල් වෙලා තියෙනවා.

ඇය ඉණ තබා ගෙන සිටි වතුර කළය වහා බිම තබා රෙද්ද හැඳ ගැනීමට සැරසුණා.වතුර කළය බිමතබා රෙද්ද තද කර අඳින හාමිනේ ඇස් අදහාගත නොහැකි අරුම පුදුම දෙයක් දැක්කා.

ඒ තම කළයෙන් බුබුළු දමනවා. ඒ බව යටියන මහතාට කියූ පසු ඒ ස්ථානය මැදි කරලා නිවසක් හැදුවා.නිවස හැදුවා විතරයි යටියන මහත්තයා නතර වුණේ නුවර ක්වීන්ස් හෝටලෙත් මිලට අරගෙනලූ.

සුද්දන්ගේ රැස් යටියන මහත්තයා නිසා සෑහෙන බැහැලා තියනවා. කිටිකිටියේ ජගුවර් කාර් තුනක්ම ගෙදර අරගෙන ගිහින් තියෙන්නෙත් සුද්දන්ට රිදෙන්න. මේ කාර් කතාවත් හරී අපූරුයි.

මේ නවීනම වර්ගයේ ජගුවර් රථ එම කොම්පැණිය ගෙන්වා තිබුණේ, තුනක් පමණයි.එතැන ජැන්ඩියට ඇඳ පැලඳ, ටයි කෝට් දමා සිටි කළමනාකරුගෙන් මේ ජගුවර් එකක් කීයදැයි යටියන මහත්තයා විමසලා තියෙනවා.

රෙද්ද , බැනියම හැඳ සිටි යටියන මහතා දෙස බැලූ කළමනාකරු පැවසුවේ, "අනේ තමුසෙ ගන්න ජගුවර්" යනුවෙනි. ඒ මොකද එකල තිබූ මිල අධිකම වාහනය තමා ජගුවර්.ඉතින් මේ රථ තුනම එවෙලේම සල්ලි දී මිලදී ගත් යටියන මහතා, එය මාතර යටියන නිවෙසට රැගෙන ආවේ හරි උජාරුවෙන්ලූ.


අනේ ඉතින් ඒ තරම් ධන බලයකින් තිබුණ සිසිරගිරි වලව්ව දැන් අතඇරලා දාලා. කවුරුත් පදිංචියක් නැහැ.යටියන මහත්තයාගේත් හාමිනේගේත් ඔවුන්ගේ පුතාගේත් සොහොන් පමණක් තියෙනවා වලව්වේ තනියට.

සමහරු කියනවා දැන් මේ වලව්වේ හොල්මන් තියෙනවා කියලා.ඔව්වා ඉතින් මිනිස්සු කිව්වට දැකපු කෙනෙක් නෑනේ.

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏











උපුටා ගැනීමකි....
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
යටියන මහත්තයාට ඉසුරු ගෙනා - සිසිරගිරි වලව්ව 🏰 (Sisiragiri Walawwa) යටියන මහත්තයාට ඉසුරු ගෙනා - සිසිරගිරි වලව්ව 🏰 (Sisiragiri Walawwa) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 12, 2020 Rating: 5

0 comments:

Post a Comment