ෆජ් අයිසින් (Fudge Icing)

කෑම ලන්තයෙන් අද ඔබට ෆජ් අයිසින් තැවරූ චොකලට් කේක් එකක් සාදන ආකාරය පිළිබඳව දැනුවත් කිරිමටයි මේ සුදානම.

කේක් කිව්ව ගමන් මතකයට එන්නේ චොක්ලට් කේක්. වැඩි දෙනෙක්ගේ කැමැත්ත තියෙන්නේ චොක්ලට් කේක් කන්නයි. චොක්ලට් අයිසින් කේක් නම් තවත් හොදයි. චොක්ලට් අයිසින් කේක් හදද්දී තමයි මේ ෆජ් අයිසින් එක භාවිතයට ගන්නේ. චොක්ලට් අයිසින් එක ලස්සනට දිලිසේනවානම් ඒ තමයි ෆජ් අයිසින්. කේක් කියන්නේ හොද ස්වයං රැකියාවක්. කේක් වර්ග වගේම අයිසින් වර්ගත් මෙහිදී ඕන වෙනවා. හොද ලාභදායි ස්වයං රැකියාවක් විදිහට කේක් හදනවනම් මේ හැමදේම දැනගෙන ඉන්න ඕනේ.ඒ නිසා කෑම ලන්තයෙන් ෆජ් අයිසින් පිලිබදව ඔබව දැනුවත් කිරීම සදහා සුදානම්ව සිටිනවා. එසේනම් අපි බලමු ෆජ් අයිසින් සාදාගන්නා ආකාරය.

අවශ්‍ය ද්‍රව්‍ය:
  • කුකින් චොක්ලට් ග්‍රෑම් 250
  • වැනිලා තේ හැඳි 1
  • අයිසින් සීනි මේස හැඳි 1
  • ෆ්‍රෙෂ් ක්‍රීම් කෝප්ප 1/4
සාදන ක්‍රමය:
  1. පළමුව කුකින් චොක්ලට් ග්‍රේට් කර ගන්න. පසුව එයට වැනිලා සහ අයිසින් සීනිද දමා  ෆ්‍රෙෂ් ක්‍රීම් වලින් කොටසක්ද එකතු කරන්න. 
  2. එයට පසු මේ සියල්ල උණුවතුර දැමු බදුනක් උඩින් තබා ඩබල් බොයිල් කරගන්න. 
  3. හොදින් මතක තබා ගන්න, ඉහත මිශ්‍රණය සකසා ගත් සැනින්ම එය රත්වෙනසුලු ස්ටෙයින්ලස් ස්ටිල් (මළ නොබැදෙන) බදුනකට දැමිය යුතුය. 
  4. ඩබල් බොයිල් කරගන්නා විට මද වෙලාවක් යනතුරු මිශ්‍රණය හැන්දක්  හෝ වෙනත් උපකරණයක්  භාවිතයෙන් කූරුගෑම හෝ හැදිගම නොකරන්න. 
  5. කුකින් චොක්ලට් මිශ්‍රණය සහිත බදුන උණුවතුර බදුන මත තබා විනාඩි ගණනක් (වි. 3-4ක් පමණ) ගෙවී ගිය පසු හොදින් හැඳි ගාන්න. 
  6. කුකින් චොක්ලට් මිශ්‍රණයෙහි උකුගතිය වඩාත් ඝනව දැනේනම්, ඉතිරි ෆ්රෙශ්මිල්ක් ප්‍රමාණයද එකතු කරන්න. දිය හෝ වඩාත් උකු නැති මිශ්‍රණයක් ලෙස එය සැකසුනු පසු උණුවතුර බදුන වෙතින් ඉවතට ගන්න.
  7. අනතුරුව ඔබ චොක්ලට් අයිසින් තවරා ගත් චොක්ලට් කේක් එක මත "ෆජ් අයිසින්" පරෙස්සමට වත්කර ගන්න. කාපට් එකක් ආකාරයට මෙය කිසිදු පලුද්දක් නොවන ලෙස නිමකර ගත යුතුයි. 
  8. මද වෙලාවකට පසු "ෆජ් අයිසින් " ආවරණය අලංකාර කළු පැහැයකට හැරී යන ආකාරය ඔබට පෙනේවි.
ෆජ් අයිසින් සකසා ගැනීමේදී මෙම කරුණු පිළිබද සැලකිලිමත් වන්න:
ඉක්මන් නොවිය යුතු හැදී ගෑම.
  • කුකින් චොක්ලට් මිශ්‍රණය ඩබල් බොයිල් කරන විට එසැනින් හැඳි ගෑමෙන් එය පමණට වඩා ඝන විය හැකියි. 
  • ඒ නිසා උණුවතුර බදුන මත කුකින්චොක්ලට් සහිත මිශ්‍රණය විනාඩි 3-4ක් පමණ රත්වු පසුව හැඳිගෑම ආරම්භ කරන්න.

ග්ලිසරින් භාවිතය වඩා සුදුසුයි.
  • කුකින් චොක්ලට් සමග මිශ්‍රණය සකසන විට ග්ලිසරින් ස්වල්පයක්ද එක් කිරීමෙන් ෆජ් අයිසින් වැඩි කාලයක් නැවුම්ව තබාගත හැකියි.
  • එලෙසම මිශ්‍රණය වඩාත් මෘදුව සකසාගත හැකියි. මේ සදහා කේක් භාවිතය සදහා ගන්නා ග්ලිසරින් මේ සදහා ප්‍රමාණකර ගැනීමේදී කුකින් චොක්ලට් ග්‍රෑම් 250ට තේ හැදී 1ක් වශයෙන් යොදා ගත යුතුයි.
වඩාත් සුදුසු චොක්ලට් අයිසින්.
  • සමහර දෙනෙකු ෆජ් අයිසින් කවර් එක දැමීමට පළමුව බටර් අයිසින් කේක් එක මත තවරා ගන්නවා. 
  • නමුත් බටර් අයිසින් වෙනුවට චොක්ලට් අයිසින් ඒ සදහා වඩා සුදුසුයි. එවිට රසය වඩාත් වැඩිවෙනවා.
අයිසින් කිරීම අනිවාර්යයි.
  • චොක්ලට් අයිසින් තවරා නොගත් කේක් මතට ෆජ් අයිසින් වත් කිරීම සුදුසු නැහැ. රසයටද අලංකාර පෙනුමටද එය ඉවහල් වෙනවා. 
  • කිසිදු හිස්තැනක් නොමැතිව ස්පටියුලර් එකක් හෝ පිහි තලයක් භාවිතයෙන් නියම රසයට සාදාගත් චොක්ලට් අයිසින් කේක් එක පුරාම තවරා ගත පසුව ෆජ් අයිසින් වත්කර ගන්න.අලංකාරව චොක්ලට් අයිසින් තවරා ගැනීම සදහා පිහි තලය හෝ ස්පටියුලර් එක උණු දියෙහි වරින් වර පොගවා ගත යුතුය.
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ෆජ් අයිසින් (Fudge Icing) ෆජ් අයිසින් (Fudge Icing) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 02, 2020 Rating: 5

0 comments:

Post a Comment