ඇපල් ලොෆ් කේක් (Apple Loaf Cake)

ටී ටයිම් එකට ඇපල් කේක් එකක්.ඇපල් පළතුරක් විදිහට කනවා වුනාට ඇපල් වලින් වෙන කෑම හදන්න ගොඩක් අය දැනුවත් නෑ.ඔබ දන්නවද රහට කන්න පුළුවන් කෑම වට්ටෝරු ගණනාවක් ඇපල්වලින් හදන්න පුළුවන් වග.ඉතින් කෑම ලන්තයෙන් මේ කියන්න හදන්නේ ඇපල් වලින් සාදාගන්නා කේක් එකක් ගැනයි.

අවශ්‍ය ද්‍රව්‍ය:
  • පිටි 225g 
  • දුඹුරු සීනි 260g 
  • ඇපල් සෝස් 270ml 
  • කුරුඳු තේ හැඳි 01
  • බේකින් පවුඩර් තේ හැඳි 1 3/4
  • වැනිලා මේස හැඳි 01
  • ආමන්ඩ් කිරි 120ml 
  • ඇපල් ගෙඩි 02
  • බටර් 115g 
සාදන ක්‍රමය:
  1. අවන් එක 180⁰ උෂ්ණත්වයට රත් කරගන්න.
  2. බඳුනක් ගෙන එයට බටර්ද සීනි 130g ද දමා හොඳින් බීට් කරගන්න.
  3. එයටම ඇපල් සෝස්,වැනිලා,ආමන්ඩ් කිරි දමා බ්ලෙන්ඩ් කරන්න.
  4. තවත් බඳුනක් ගෙන එයට කුරුඳු,පිටි හා බේකින් පවුඩර් දමා කලවම් කරන්න.
  5. පිටි මිශ්‍රණය බටර් මිශ්‍රණයට දමා ගන්න.
  6. කුඩාවට කපාගත් ඇපල් කැබලි,දුඹුරු සීනි 60g එකතු කර හොඳින් කලවම් කරන්න.
  7. බේකින් ට්‍රේ එකට බැටරය දමා ගන්න.
  8. ඇපල් කැබැලි උඩින් ඉස සෙමින් ඇතුලට තද කරන්න.
  9. මෙය විනාඩි 20-35 පමණ බේක් කරගන්න. 

Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඇපල් ලොෆ් කේක් (Apple Loaf Cake) ඇපල් ලොෆ් කේක් (Apple Loaf Cake) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 14, 2020 Rating: 5

0 comments:

Post a Comment