18 core පිස්සු හැදෙන performance තියෙන Intel ලගේ අලුත් Core i9 Extream Edition CPU එක

2016 අවුරුද්දේ Computex event එකේදී Intel සමාගම ඔවුන්ගේ 10-core consumer CPU එක එළිදැක්වූවා. "Megatasking" ලෝකෙකට පා තබන්න ඔවුන්ගේ උත්සහයක් විදිහට මේ CPU එක දකින්න පුළුවන්. හැබැයි ඒක මිලෙන් ටිකක් වැඩියි. හදුන්වාදීමේ මිල උනේ ඩොලර් 1700 ක් වගේ ඉහල මිලක්. එත් ඉතින් එක පාර ලොකු වැඩ ගොඩක් කරගන්න දගල දගල හිටපු කට්ටියටනම් මේක හොද විසදුමක් උනා. දැන් ඉන්ටෙල් සමාගම මේ වගේ ලොකු වැඩ ගොඩක් එකපාර කර ගන්න උවමනා කට්ටියට අලුත් CPU Series එකක් හදුන්වල දීල තියෙනවා. ඒ Core X-series එක. ඉතින් පළමු CPU එක විදිහට ඔවුන් 18-core CPU එකක් වන Core i9-7980XE එළිදැක්වූවා.
ගාන නම් කලින් වගේම සැහෙන්න සරයි. ඩොලර් 1,999 වෙනවා. හැබයි ඉතින් මේක කොහොමත් ඔයාට එදිනදා Desktop පරිගණක වල දකින්න පුළුවන් වෙන චිප් එකක් නම් නෙවෙයි. ඉන්ටෙල් සමාගම කියන්නෙත් එහෙම කතාවක්. ඒ වගේම මේ CPU එකට AMD සමාගමේ 16-core Threadripper CPU එක පරද්දන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ CPU එක 2017 AMD සමාගම සතුව තිබෙන බලගතුම CPU එක වෙනවා. ඉතින් මේ නිසාත් ඉන්ටෙල් සමාගමට ගොඩක් සෑහීමකට පත් වෙන්න පුළුවන් මොකද හුගක් බලයක් ඕනේ කරන වැඩ කරන, හරියට 4K වලින් game සෙල්ලම් කරන ගමන් Twitch එකේ HD ඒ වීඩියෝ live බෙදාහරින, කට්ටිය අතරේ මේ CPU එකට හොද demand එකක් එන නිසා.core ගාන පැත්තකින් තියමුකෝ, ඒ විතරක් නෙවෙයි. මේ CPU එක තමයි ඉන්ටෙල් සමාගමේ පලවෙනි consumer චිප් එක ටෙරා ෆ්ලොප් ගණන් Computing පවර් එකක් pack වෙලා තියෙන.
Source: engadget
ඔයාට core 18ක් වැඩයි වගේ නම් ඔයාට තවත් තොර ගන්න 10-,12,14,16 core චිප්ස් ටිකකුත් තියෙනවා. hardware geeks ලට තියෙන හොදම news එක තමයි 10-core i9 7900X CPU එක ඩොලර් 999 වගේ මුදලකට ගන්න පුළුවන් වීමයි. ලංකාවේ අපිටනම් ඉතින් මේකත් ලොකු ගානක් තමයි. එත් කලින් අවුරුද්දේ තිබ්බ price එකට වඩා දැන් මේක ගාන අඩුවට තමයි දෙන්නේ.

මේ හැම i9 චිප් එකක්ම සාමාන්‍ය 3.3 GHz ක clock speed එකක් පෙන්නනවා. ඒ වගේම ඒක 4.3 GHz වෙනකන් reach වෙන dual-core speed turbo boost 2.0 වගේම 4.5 GHz වෙනකන් reach වෙන turbo boost 3.0 තියෙනවා. turbo boost 3.0 ගැන කතා කරන කොට, Single-core සහ dual-core speed විදිහට මේකේ performance වැඩිදියුණු කරලා තියෙනවා. ඒ නිසා මේ X-series family එක කලින් තිබුන quad-core i5- 7640X සහ core 4,6,8 මොඩල්ස් වලින් තිබුන i7 චිප්ස් අභිබවල යනවා.
source: engadget

ගිය අවුර්ද්දේ 10-core චිප් එකට ලැබුණු අදහාගන්න බැරි demand එක නිසාමලු ඉන්ටෙල් සමගම මේ අලුත් චිප් සීරීස් එක එළිදක්වන්න හිතුවේ. ඉන්ටෙල් සමාගම කියල තියෙන්නේ මෙන්න මෙහෙම කතාවක්. "Broadwell E කියන්න හරියට නිකන් Experiment එකක් වගේ. ඒක විකිණුනා. එකෙන් තේරුම් ගියා මේ ගැන උනන්දුවක් තියන පිරිස හැම වෙලාවේම හොයන්නේ හොද දේවල් අතර හොදම දේ කියල. ඇත්ත අපි core count එක එන්න එන්නම වැඩි කරනවා. ඒ වගේම core count එක අඩු ඒවත් අපි හදුන්වල දෙනවා. දෙපැත්තෙන්ම සමබරව products දෙන එක තමයි අපේ අරමුණ."

එක processor එකක් ඇතුලට core එක එක වැඩි කරද්දී ඉක්මනින් රත් වෙන ප්‍රශ්න එන්න පුළුවන් කියල ඔයාලට හිතෙන්න පුළුවන්. ඔව් ඇත්තටම එහෙම වෙනවා. ඒකට විසදුමක් විදිහට ඉන්ටෙල් සමාගම ඔවුන්ගේ මේ චිප්ස් වලට ගැලපෙන්න Liquid Cooling System එකකුත් නිර්මාණය කරලා තියෙනවා. ඒ system එක මේ අලුත් chip family එකත් එක්ක වගේම සමහර පරණ CPU එක්කත් ගැලපෙන්න හදල තියෙන්නේ. හැම core i9 processor එකක්ම, 6 core සහ 8 core i7 processor එක්කම, සාමාන්‍ය මතුපිට උෂ්ණත්වය 140W thermal design points (TDPs) , ලෙස මේ processor consume කරන වැඩිම පවර් එක වෙනවා. ඒක හරියටම ගිය අවුරුද්දේ 10-core CPU එකට සමානයි. හැබැයි තවමත් මේ අගයන් 91W TDP එකක් තියෙන affordable i7-7700K processor එක එක්ක සසදද්දී ඉහල අගයක් ගන්නවා.

ගිය අවුරුදු කිහිපය තුල ඉන්ටෙල් සමාගමේ ලැප්ටොප් පරිගණක සදහා වන චිප්ස් සාමාන්‍යයෙන් ඩෙස්ක්ටොප් පරිගණක සදහා වන CPU එක්ක සසදල බාද්දී සිත් ඇදගන්න සුළු ගතියෙන් වැඩියි. ඒ මොකද කිව්වොත්, Ultra-portable සහ Convertible ලැප්ටොප් පරිගණ වල වැඩි වීමත් සමග මේ පරිගණක ගොඩක් Computing Power එක වැඩිපුර දෙනවට වඩා, කාර්යක්‍ෂම Processing Power එකක් දෙන්න උනන්දු වෙලා තියෙනවා. ඉතින් ගොඩක් සාමාන්‍ය පාරිබෝගිකයන්ට නම් මේ අලුත් i9 X-Series එක ගැලපෙන්නේ නැති උනාට, තමන්ගේ පරිගණක වලට හොදම තත්වයේ hardware හොයන hardware geeks ලට නම් මේක මේ චිප් සීරීස් එක ඔවුන්ගේ සිහිනයක් සැබෑ උනා වගේ වේවි.

පහත වීඩියෝව බලන්න. ඒ වගේම ඔයාලට මේ ගැන මොනා හරි ප්‍රශ්න තියෙනවා නම් පහල comment section එකේ දාන්න. ඒ වගේම ඔයාලගේ අදහස් හරි ඔයාල මේ ගැන දන්නා දේවල් හරි නැත්නම් ඔයාලට අලුතෙන් දැන ගන්න දේවල් හරි තියෙනවා නම් එකත් පහළ comment section එකේ දාන්න. ඒ වගේම මේ වගේ දේවල් ගැන තොරතුරු හැමදාම දැන ගන්න අපේ facebook page එකටත් like එකක් දාන්න. තව ඉතින් කියන්නන තියෙන්නේ මේ දේවල් තනියම බලන්නේ නැතුව යාලුවන්ටත් දැන ගන්න share කරන්න.

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
18 core පිස්සු හැදෙන performance තියෙන Intel ලගේ අලුත් Core i9 Extream Edition CPU එක 18 core පිස්සු හැදෙන performance තියෙන Intel ලගේ අලුත් Core i9 Extream Edition CPU එක Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 18, 2020 Rating: 5

0 comments:

Post a Comment