මොනවද මේ ඩොංගා..??🍊🍑🍊 (What is this donga[Sandoricum koetjap]?)

මොනවද මේ ඩොංගා? ඔයාලා කාලා තියෙනවා ද ඩොංගා නැතිනම් ඩොංකා නිකන් මැංගුස් වගේ නේද හැබැයි මේ මැංගුස් නෙමේ.

මේ ඩොංගා ගාල්ල දිස්ත්‍රික්කයට පමණක් සුවිශේෂි පළතුරක්. මාතර,කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්ක වල තැනින් තැන මේ පළතුර වැවෙනවා.

දැන් මේ කාලේ තමා ඩොංගා හැදෙන කාලේ.මේ දිනවල ඩොංගා ගස් යට ගෙඩි විසිරිලා තියෙනවා.හැබැයි උෂ්ණ අධික පළතුරක්.

ඩොංගා රාජධානිය වදුරඹ ප්‍රදේශය කිව්වොත් නිවැරදී.ඩොංගා වල විද්‍යාත්මක නාමය තමා Sandoricum koetjap.

මේ පළතුර ඇඹුල් වුණාට මිහිරි රසක් දෙනවා.. ලුණු සහ මිරිස් කුඩු ස්වල්පයක් ඉසගෙන කද්දී හරිම අපූරුයී.මැංගුස් වගේ තමා ඇතුලේ මදේ තමා කන්නේ.

පාචනය සහ අතීසාරය වැනි රෝක සඳහා ප්‍රතිකාරක ඖෂධයක් ලෙසත් භාවිත කරනවා.

ඩොංගා ගස් අඩි 50කට වඩා උසට වැඩෙනවා.මේ ගස් වල දැව වලට ඉහල ඉල්ලුමක් තියෙනවා.

හැබැයි නිකරුණේ මේ ගස් කපන එක නම් හරි අපරාදයක්.

බොහො පිරිසක් මේ වගේ පළතුරක් අපේ රටේ තියෙනවා ද කියලාවත් දන්නේ නැතුව ඇති.

මේ කාලේ ඩොංගා වාරේ නිසා ගාල්ලේ යාලුවෝ ඩොංගා වල පින්තූර facebook දාද්දී මටත් හිතුනා ඒ ගැන ඔයාලට කියන්න.

තව දන්න තොරතුරු තියෙනවා නම් බෙදාගමූ




උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මොනවද මේ ඩොංගා..??🍊🍑🍊 (What is this donga[Sandoricum koetjap]?) මොනවද මේ ඩොංගා..??🍊🍑🍊 (What is this donga[Sandoricum koetjap]?) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 22, 2020 Rating: 5

0 comments:

Post a Comment