ප්‍රථම දිය යට කෞතුකාගාර - ගාල්ලට🧜‍♂️🧜‍♀️🥽🌊 (Under Water Museum)

අද අපි කතාකරන්න යන්නේ ශ්‍රී ලංකාවේ ඉදි කෙරුණු පළමුවැනි දිය යට කෞතුකාගාරය ගැන.තව නොබෝ දිනකින් ඔයාලටත් මෙහි යන්න අවස්ථාව ලැබෙනවා.

පීනන්න දන්න ඕන කෙනෙක්ට මේ කෞතුකාගාරය බලන්න යන්න පුලුවන්.

මේ කෞතුකාගාරය විවෘත කෙරුණේ නාවික හමුදාපතිවරයා දිය යටදී පීත්ත පටිය කපලා තමා.ඒක හරි ඓතිහාසික සිදුවීමක්.

ගාල්ල මුහුදු තීරයේ තමා මෙම කෞතුකාගාරය ඉදිකරලා තියෙන්නේ.

සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමි ද්‍රව්‍යවලින් තමා මෙහි සෑම නිර්මාණයක්ම කර තිබෙන්නේ.

ගාලු වරාය තුළ අඩි 50ක් පමණ ගැඹුරට තමා මෙය පිහිටලා තියෙන්නේ.

මෙහි ස්ථාපනය කර ඇති සියලුම නිර්මාණ නාවික හමුදා පුද්ගලයන් විසින්ම සකස් කර ඇති නිර්මාණ වීම විශේෂත්වයක්.

ඒ වගේම ඉදිරියේ දී මෙහි කොරල් පරිසර පද්ධතියක් නිර්මාණයවී එහි අලංකාරය තවත් වර්ධනය වනු ඇති.ඒ වගේම මෙම ප්‍රදේශය ආශ්‍රිතව මත්ස්‍ය අභිජනනය ද සිදුකිරීමට අපේක්ෂිතයි.

විවිධ ප්‍රතිමා සහ සමරු පලක ස්ථාපිත කරලා තියෙන නිසා මෙහි අලංකාරය තවත් වැඩී.

ඉදිරියේදී භාවිතයෙන් ඉවත් කල දුම්රිය මැදිරි සහ ධීවර යාත්‍රා යොදා ගනිමින් මෙහි ආකර්ශනය තව තවත් වැඩිවෙයි කියලා අපි විශ්වාස කරනවා.

දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ගාලු මුහුදු තීරය ඉදිරියේදි මේ නිසා තවත් ජනප්‍රිය වෙයි.

ඔයාලා දන්නවද ඉදිරියේ දී මේ ආකාරයේ කෞතුකාගාර දෙකක් ත්‍රිකුණාමලයේ සහ තංගල්ලේ ද ඉදි කිරීමට අපේක්ෂා කරනවා.

ඓතිහාසික ගාලු පුරවරයේ සංචාරක ආකර්ෂණ සටහන් ගොන්නට අලුතින් එක්වු මෙම දිය යට කෞතුකාගාරය ව්‍යාපෘතිය කොරෝනා උවදුරෙන් පසු යළි පිබිදෙන මෙරට සංචාරක කර්මාන්තයට සුවිශාල දායකත්වයක් සපයනු ඇති බව විශ්වාසයි.

ඉතින් ඔබත් මෙහි ගිහින් ඒ අත්දැකීම විදගන්න.

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏

Under water Museum
Marking a historic day in the annals of our nation, Sri Lanka’s first ever underwater museum was declared open by Commander of the Sri Lanka Navy, Vice Admiral Piyal De Silva off the shores of Galle, a popular tourist destination.

The museum has been constructed 50 feet underwater within the Galle harbour based on a concept.

The museum had been constructed under the direct supervision of the Commander of the Sri Lanka Navy.

All sculptures that have been placed at the museum were designed and sculpted by Navy sailors with the use of cement and eco friendly material.

The museum is expected to be developed into an artificial coral reef over time, promoting marine life in the area and also enhancing the beauty of the museum.












උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ප්‍රථම දිය යට කෞතුකාගාර - ගාල්ලට🧜‍♂️🧜‍♀️🥽🌊 (Under Water Museum) ප්‍රථම දිය යට කෞතුකාගාර - ගාල්ලට🧜‍♂️🧜‍♀️🥽🌊 (Under Water Museum) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 20, 2020 Rating: 5

0 comments:

Post a Comment