රහස් රැසක් සැගවුණු- කළු දිය පොකුණ🕳🖤🕳 (Kaludiya Pokuna - Mihintale)

අද අපි කතා කරන්න යන්නේ මිහින්තලේ යන බොහෝ දෙනෙකුට බලන්න යන්න ඕනෙම සුවිශේෂි පොකුණක් ගැන කියන්න.ඒ නමින් කළු දිය පොකුණයි.

මිහින්තලා පුජා භුමියේ පිහිටා ඇති පොකුණු අතර කළු දිය පොකුණට හිමිවන්නේ සුවිශේෂීත්වයකි.

පොකුණෙහි ඇති ජලය කළු පාටට පෙනෙන නිසා තමා එයට කළු දිය පොකුණ යන නම ලැබිලා තියෙන්නේ.

කඳු වලින් වටවී වන අරණක් මැද පිහිටීම මෙන්ම අඩි 60, 70 පමණ ගැඹුරකින් පිහිටීම මෙහි පතුල කළු ගල් තලාවක් වීම වැනි කාරණා නිසා මේ පොකුණෙහි දිය කළු පාට වෙලා තියෙනවා.

මෙහි පතුලේ ජල කර්ණිකා පිහිටා ඇති බව සඳහන්.දැනට මඩෙන් වැසී තිබුණ ද අතීතයේ අලංකාර පොකුණකි.

ඉතිහාස කතා පිරික්සීමේ දී එක්තරා පොහෝ දිනක කළු බුද්ධරක්ඛිත හිමියන් කළු දිය පොකුණු සමීපයෙහි ඇති තිඹිරිය ගසක් යටට වී කාල කර්ම සුත්‍රය දේශනා කල බවට විශ්වාස කෙරෙනවා.

මිස්සක පව්ව අභියස නිහඬ වන අරණක පිහිටි කළු දිය පොකුණ මිහින්තලයෙ යන බැතිමතුන්ට සමහර විට අමතක වනවා ඇති.

කළු දිය පොකුණ කේතුවක් අනෙක් අතට හැරවූවාසේ පිහිටීමකින් සමන්විත වන බවද කියවෙනවා.

කළුදිය පොකුණ ආරාම සංකීර්ණය හතරවන කාශ්‍යප රජතුමා(ක්‍රි.ව 898-916) විසින් ධම්මරුචික නිකායික භික්ෂූන් වහන්සේලා උදෙසා ඉදිකරන ලද"හදසුණ්හ" විහාරය විය හැකි බව අනුමාන කරයි.

මේ පොකුණ හා බැදි ජනප්‍රවාද රැසක්ම තියෙනවා.රාවනා රජුන් සක්වල සමග සම්බන්ධතා පැවැත් වූ තවත් ස්ථානයක් ලෙස මෙම ස්ථානය කියවෙනවා.

රාවනා රජුන් සක්වල වෙනත් ලෝකවලට ගොස් යුද ජය ලබා ජීවග්රහනයෙන් අල්වා ගත් ජීවීන් මෙම කළු දිය පොකුනෙහි වූ සිර කුටි වල රදවා තැබූ බව කියවෙනවා.

මෙවැනි ජනප්‍රවාද තිබ්බට ලිඛිත සාක්ෂියක් නම් නෑ.කළුදිය පොකුණ දෙසට පිවිසිය යුත්තේ ඒ අඩිපාර ඔස්සේය.

කළුදිය පොකුණ අසල ලෙන් 18 තුළම භාවනානුයෝගී ස්වාමීන්වහන්සේලා වැඩ වාසය කරනවා.මෙහි යන ඔබ ශබ්ද කරන්නේ නැතුව අවට සුන්දරත්වය නරඹන්න.

පොකුණ දෙසට ගමන් කිරීමේදී ඔයාලට මුලින්ම හමු වන්නේ දේවානම්පියතිස්ස රජු විසින් රහතන් වහන්සේලා සඳහා පිළිසකර කර ඇති ශූන්‍යාගාරයි.

ස්වභාවික පරිසරයට අනුව නිම කරන ලද මේ පොකුණ මධ්‍යයේ සීමා මාලකය දැක ගන්න පුලුවන්.

පොකුණට දකුණු දෙසින් කාලබුද්ධරක්ඛිත හිමියන් බණ දෙසූ කලුගල් අසුන ද ජන්ඨාගරයද පොත් ගුලද ඔබට හමුවෙනවා.මිහින්තලා පුද බිමටම ඇති එකම ජන්ඨාඝරය මෙය වීම විශේෂත්වයක්.

ඇත්තටම බැලුවොත් අද අප සමරන්නේ නටබුන්ව ගිය ඒ අතිතය ක්.. නමුත් අපේ වර්තමාන පරපුර මේ ප්‍රෟඩ අතීතය පිළිබඳව ලොකු වැටහීමක් නෑ.

මේ තැන් අපේ උරුමයන්.මේවා විනාශ නොකරන්න වගබලා ගන්න කියලා අපි ඔයාලගෙන් ඉල්ලනවා.

අතීතයේ මහ රහතුන් ඔබ මොබ ඇවිද ගිය බන භාවනා කල මෙම බිමේ අදටද අතීතයේ බොහෝ රහස් සගවා ගනිමින් කළු දිය පොකුන නිසලව බලාසිටී.
පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏

Kaludiya Pokuna - Mihintale
Amongst its serene, tranquil beautiful forest and bolder clad environs we find some of the earliest examples of Sinhalese hydraulic civilization in Mihintale. The monastic establishment in fact brought about an ideal motive for the development of an impressive network of irrigation channels with the use of both natural and artificial ponds and waterways.

Out of the many ponds and waterways that have graced this area three ponds and bathing places can be identified even today; Naga pokuna, Sinha pokuna and Kaludiya pokuna.
They are no more the life line of the community of monks that may have depended on them for their daily chores. Yet today they have more of a historic value. It stands witness to our forefathers’ skills of hydraulic engineering blended with landscaping and the fine art of sculpture.













උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
රහස් රැසක් සැගවුණු- කළු දිය පොකුණ🕳🖤🕳 (Kaludiya Pokuna - Mihintale) රහස් රැසක් සැගවුණු- කළු දිය පොකුණ🕳🖤🕳 (Kaludiya Pokuna - Mihintale) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 19, 2020 Rating: 5

0 comments:

Post a Comment