ඇල්ලේ තියෙන - ඇල්ලේ වල ඇල්ල 🌱💦💐 (Ellewala Ella)

අද අපි කතාකරන්න යන්නේ ඇල්ලේ යන ඔයාලට ගිහින් බලන්න පුලුවන් ලස්සන දිය ඇල්ලක් ගැන.. ඒ නමින් ඇල්ලේ වල ඇල්ල.

මේකට අලි හොඩ දියඇල්ල කියලත් කියනවා.මේ පැත්තේ මිනිස්සු ඇල්ලේ වල කියනවාට වඩා දන්නේ අලි හොඩ දියඇල්ල කියලයි.

ගොඩක් අය මෙහි ගිහින් ඇති හැබැයි ඒ වගේම බහුතරේකට මේ ඇල්ල මගහැරෙන්නත් ඇති .මේ ඇල්ල ගොඩක් උස නෑ මීටර් 6ක් වගේ තමා.

මොණරාගල දිස්ත්‍රික්කයේ තියන අති සුන්දරම දිය ඇල්ල මේක කිව්වොත් නිවැරදී.

ඇල්ල – වැල්ලවාය පාරේ වැල්ලවාය ටවුන් එකේ ඉඳලා කි.මි.5ක් වගේ ඇතු ළට වෙන්න සැඟවුණු කැළයක තමා මේ ඇල්ල තියෙන්නේ.

මේ ඇල්ලේ පාදමේ ස්වභාවික ජල තටාකයක් පිහිටලා තියෙන නිසා තමා මේ තැන තවත් ලස්සන.

මේ දිය ඇල්ලේ නාන්න නම් මරු ඒත් ගැඹුරුයි අවදානෙන් තමා හැමදේම කරන්න ඕනේ.

මේ ඇල්ලට යන මාර්ගයේ වාහන නම් යන්න බෑ.පයින්ම තමා යන්න වෙන්නේ.

මේ තැන සති අන්තයේ දවස් වල නම් ටිකක් සෙනග වැඩියි.

හැබැයි ඔයාලාට සතියේ දවසක වගේ මෙතනට යන්න පුළුවන් නම් නිදහසේ දවස ගත කරලා මේ ඇල්ලේ සුන්දරත්වයත් විදගෙනම එන්න පුළුවන්.

මෙතනට ඇල්ලේ වල කියලා නම වැටිලා තියෙන්නේ මේ ඇල්ලේ පාදමේ නිර්මාණය වෙලා තියෙන වලක් ආකාරයේ ස්වභාවික තටාකය නිසා වෙන්න ඇති.

මේ තැන් බලලා විනෝද වුණාට කමක් නෑ. මේ පරිසර පද්ධතිය ජල පෝශක ප්‍රදේශයක්.. ඒ නිසා මේ තැන් අපිරිසිදු කරන්න නම් එපා.

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏

Ellewala Ella
Ellewala Ella is a small but beautiful waterfall lying in the Monaragala District accessible from the Ella – Wellawaya Road. This waterfall lies hidden inside the jungle about 5 km from Wellawaya Town.

Coming from Wellawaya, travel 3 km on the Ella Road to reach the Rathmal Vehera Ancient Temple. Take the road oppersite to the temple which will lead to the waterfall. Last few kilo meters are said be rough and not suitable for a vehicle with low ground clearance. To reach the fall, you will need to walk few hundred meters in to the jungle.







උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඇල්ලේ තියෙන - ඇල්ලේ වල ඇල්ල 🌱💦💐 (Ellewala Ella) ඇල්ලේ තියෙන - ඇල්ලේ වල ඇල්ල 🌱💦💐 (Ellewala Ella) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 21, 2020 Rating: 5

0 comments:

Post a Comment