පියා නසා පුතා සැදූ කෝවිල - බැරැන්ඩි කෝවිල🛕✡️ (Barandi Kovila)

අද අපි කතා කරන්න යන්නේ සීතාවක යුගයේ දැනට ශේෂව පවතින ඓතිහාසික ස්ථාන අතරින් වැදගත් ස්ථානයක් ගැනයි.ඒ නමින් බැරැන්ඩි කෝවිලයි.

බැරැන්ඩි, එහෙමත් නැත්නම් බයිරැන්ඩි යනු ශිව දෙවියන් සඳහා යෙදෙන පර්යාය වදනක්.

ඒ අනුව අපිට කතාව පටන්ගන්න පුලුවන් මේ කෝවිල ශිව දෙවියන් උදෙසාම නිර්මාණය වූවක් බව.

සීතාවක රාජධානිය ආරම්භක යුගයේදීම තමයි බැරැන්ඩි කෝවිල ඉදි වී තියෙන්නේ. ඒත් එහි ආරම්භය ගැන නිශ්චිත දින වකවානු නම් ඉතිහාසයේ සදහන් නෑ.

සාමාන්‍ය පිළිගැනීම තමා සීතාවක රාජසිංහ රාජ යුගයේදී බැරැන්ඩි කෝවිල ආරම්භ කළා කියන එක.

මේ කෝවිල නිර්මාණය කිරිම හා බැදි ජනප්‍රවාදයක් තියෙනවා.හැබැයි ඒ කතාවනම් අවාදර්ශමත් කතාවක්.පියෙකු ඝාතනය කල කතාවක්.

සීතාවක රාජසිංහ ලෙස විරුදාවලි ලද පළමු වැනි රාජසිංහ රජ, සීතාවක රාජධානියේ සිටි ජනප්‍රියම රජු යැයි කීවොත් නිවැරැදි යි.

ජනප්‍රවාදයට අනුව, ඔහු සිය පියා ඝාතනය කිරීමෙන් අනතුරුව කළකිරුණු සිතින් ගොස්, මහ සඟ රුවනේ පිහිට පැතූව ද,උන් වහන්සේලා පවසා ඇත්තේ පීතෘ ඝාතනය ආනන්තරීය පාප කර්මයක් වන බැවින්, කිසි දිනෙක ඉන් මිදීමට නොහැකි බව යි.

අනතුරුව ඔහු ශිව ආගම වැළඳ ගනිමින්, එම ආගමේ පිහිට පැතූ බව ඉතිහාසගත ‍තතු අනාවරණය කරයි.ඒ අනුව,පීතෘ ඝාතනයෙන් පසු ඔහු බෞද්ධාගමෙන් දුරස් වී හින්දු ආගම වැළඳගන්නවා.

අරිට්ඨකී පෙරුමාල් කියන හින්දු පූජකයා තමයි හින්දු ආගම වැළඳගන්නට සීතාවක රාජසිංහ රජුට උපදෙස් දුන්නා කියලා කියන්නේ.

ඒ ආදර්ශ අනුව පීතෘ ඝාතනයේ පව් සෝදාහරින්නට නම් භික්ෂූන් වහන්සේලා 120 නමක් දියේ ගිල්ලා මරා සීතාවක කාලි මෑණියන්ට පූජාවක් ලෙස බැරැන්ඩි කෝවිල ඉදි කළ යුතු බවටත් අවවාද දිලා තියෙනවා.

ඒ අනුව, සීතාවක ගඟේ 'කණාමැදිරියන්වළ' නමැති ස්ථානයේදී භික්ෂූන් වහන්සේලා ඝාතනය කළ බවත්, සීතාවක ගං ඉවුරේ බැරැන්ඩි කෝවිල තැනීමට කටයුතු කළ බවත් ඉතිහාසගත තතු අනා‍වරණය කරයි.

හැබැයි වසර 20ක් පුරා තැනූ මේ කෝවිල , කවදාකවත් සකසා නිම කරන්න බැරිවෙලා තියෙනවා.

ඒ කියන්නේ සීතාවක රාජසිංහ රජු මියදෙන විටත් මෙහි වැඩ අවසන් නැහැ. ඔන්න ඕකයි මෙහි කතාව.

බැරුන්ඩි කෝවිලට පිහිටා තිබෙන්නේ කෑගලු දිස්ත්‍රික්කයේ අටුළුගම් කෝරලයට අයත් ප්‍රදේශයක.

ඉන්දියාවේ විජය නගර්වල ඇති හින්දු කෝවිලක ස්වරූපයේ නිර්මාණාත්මක ලක්ෂණ තමා බැරැන්ඩි කෝවිලේ තියෙන්නේ.ඒත් දේශීය කලාත්මක සම්ප්‍රදායේ හුරුවත් බැරැන්ඩි කෝවිලේ තියෙනවා.

කළු ගලින් නිමැවූ බැරැන්ඩි කෝවිලට අයත් කළු ගල් එදා මනාව ඔපමට්ටම් කරලා නිර්මාණය කරගෙන තියෙන්නේ අවට ගමකින්ලූ.

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏

Barandi Kovila of Sitawaka Kingdom
The Barandiya Kovil, also known as Berendi Kovil, Barandi Koovila or nicknamed Brandy Kovil, is the only stone monument that remains from Sri Lanka’s 16th century Sitavaka kingdom. It’s disputed whether the Hindu temple is from the Sitavaka period or earlier and if it was ever completed.













උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පියා නසා පුතා සැදූ කෝවිල - බැරැන්ඩි කෝවිල🛕✡️ (Barandi Kovila) පියා නසා පුතා සැදූ කෝවිල - බැරැන්ඩි කෝවිල🛕✡️ (Barandi Kovila) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 27, 2020 Rating: 5

0 comments:

Post a Comment