පුංචි නවසීලන්තය - අඹේවෙල ගොවිපොළ 🌱🐄🐂🥛 (Ambewela Farm)

අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ පුංචි නවසීලන්තය ගැන.

ඒ කියන්නේ අඹේවෙල ගොවිපොළ ගැන.පීඩාකාරී මානසිකත්වයෙන් මිදිලා මේ අපි ආපු ගමන නම් හරිම සුන්දර ගමනක් වුනා අපිට.

නුවරඑළියට කි.මී. 17ක් පමණ ගිණිකොන දෙසට වන්නට තමා අඹේවෙල ගොවිපොළ පිහිටලා තියෙන්නේ.

ඔයාලා දන්නවද අඹේවෙල ශ්‍රී ලංකාවේ වැඩි ම උසකින් යුත් මෙන්ම පුළුල්ම තෘණභූමි ලෙසයි හැදින්වෙන්නේ.

අඹේවෙල හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයට යන මාර්ගයේ නේ පිහිටලා තියෙන්නේ.මේ පාරේ ගමන් කරනකොට මනස්කාන්ත දර්ශන රැසක් දැකගන්න පුලුවන්.

කොළපාට මුහුදක් වගේ එක යායට තනකොළ වවලා හරිම ලස්සනයි.

අඩි 6,064ක උසකින් තමා අඹේවෙල පිහිටලා තියෙන්නේ.ශීත කාලයට හිම තුහීන දැකගන්න පුලුවන්.අක්කර 1500ක භූමි භාගයකම පිරි ඉතිරී ගිය තණ තිල්ල හරිම ලස්සනයී.

අඹේවෙල එයිට්කන් ස්පෙන්ස් සුළං විදුලි බල උද්‍යානයත් මේ පාරේ යද්දී බලාගන්න පුලුවන්.සුළං රෝද එක පෙළට කැරකෙනකොට හරිම ලස්සනයි.

නිල් තණ තීරයකින් වැසුනු කඳු ගැට හරහා වැටුනු අඹේවෙල ගොවිපල හරහා දිවෙන මාර්ගය මෙරට සුන්දරම මාවත් අතර ඉහලින්ම තියෙනවා කියලා මෙහි යන ඔබට නම් මතක් වෙනවා ඇති.

විටින් විට කුඩා වැසි පොදකින්ද තවත් විටෙක එහා මෙහා නොපෙනෙන ගණ මීදුමකින්ද වැසී යන ගොවිපල ස්වභාව සෞන්දර්යයෙන් පිරිපුන් නැරඹිය යුතුම සුන්දරම ස්ථාන අතරින් එකක් බව කියන්නම ඕනේ.

තාම ගොවිපොළ ඇතුලට ගිහින් බලන්න අවසර නෑ.හැබැයි නොබෝ දිනකින් මේ ව්‍යසනකාරී තත්ත්වය පහව ගිය පසු විවෘත කරයි.

හැබැයි ඉතින් මේ පාරේ දිගේ ඇවිදන් ගියත්හිතට දැනෙන සහනය නම් කියලා නිම කරන්න බෑ.

ඔයාලා දන්නවද අඹේවෙල දුම්රිය ස්ථානය තමා ලංකාවේ උසම තැනක පිහිටි දෙවන උසම දුම්‍ රිය ස්ථානය.

ඒකත් මේ පාරේ හැරිලා යද්දි දකින්නත් පුලුවන්.ඉතින් ඔබත් මෙහි ගිහින් සුන්දරත්වය විදින්න. පරිසරයට හානි නොකර.

ගොවිපොළ ඇතුලට යන්න බැරි නිසා අවට සුන්දරත්වය තමා අපේ කැමරා කාචයට හසුවුණේ.

Ambewela Farm
This farm is located at Ambewela which is a few Km away from Nuwara eliya. The New Zealand Farm is a part of the Ambewela Farm which are both dairy farms. New Zealand Farm is located only 3-4 Km away from Ambewela farm. New Zealand farm rears pure bred Friesian cows and maintain a pure line of cattle.

In order to maintain the quality of milk the cows are provided with a rich diet and sterilized water. Excellent health care are given on a 24 hr basis. Here one can see the largest grass lands of Sri Lanka and is also a part of the Ambewela farm which manufactures dairy products, such as milk, cheese and yoghurt and could be seen by visitors.










උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පුංචි නවසීලන්තය - අඹේවෙල ගොවිපොළ 🌱🐄🐂🥛 (Ambewela Farm) පුංචි නවසීලන්තය - අඹේවෙල ගොවිපොළ 🌱🐄🐂🥛 (Ambewela Farm) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 18, 2020 Rating: 5

0 comments:

Post a Comment