Skip to main content
Latest:
Loading...
Englich - Your Choice Way Sinhala - Your Choice Way

Sponsor


ජීවීන් ඉන්න ග්‍රහලෝක ගැන බුදු හිමියන් කළ හෙළිදරව්ව | Your Choice Way

බුද්ධ දේශනාවේ සඳහන් ලෝක විෂය ඉදිරියේ විද්‍යාඥයෝ තවමත් අඳුරේ අතපත ගාති. පිටසක්වළ ජීවීන් පිළිබඳ පමණක් නොව ජීවින්ට වාසය කළ හැකි ලෝක පිළිබඳ විද්‍යාඥයන් කොයි තරම් සොයාගැනීම් කළත් ඒ කිසිවක් බුද්ධ දේශනාවේ සඳහන් කරුණු පිළිබඳ අල්ප මාත්‍රයක් දුරටවත් පැමිණ නැන.

බුදුරජාණන් වහන්සේ ලෝක විෂය දේශනා කරද්දී වද‌ාළේම එය පෘථග්ජනයාට සොයා ගත නොහැකි, පුළුල් විෂය පථයක් වන බවයි. කෙළවරක් නැති, හිතීමෙන් පවා උම්මන්තක වන විෂය පරාසයක් ලෝක ධාතුව විෂයේ පවතී. බුදුදහමට අනුව ජීවින් වාසය කරන ලෝක රාශියකි. ‘පිටසක්වළ ජීවින්’ යැයි විද්‍යාවේ භාෂාවෙන් කියනු ලබන්නේ ඔවුන්ටය. සියලු දැනුමින් ආඪ්‍ය වන්නේ පෘථිවිවාසීන් යැයි කීවද පෘථිවිවාසීන්ට වඩා දැනුමැති ජීවින්ද පිටසක්වළ නැතැයි කීම උගහටය.

මේ පිළිබඳ යම් කතිකාවක් ගොඩනැගීමට අපි සිතුවෙමු. නූතන විද්‍යාව පරයා නැඟුණු බුද්ධ දේශනාව ඇසුරින් ගොඩනැගෙන විශ්වයේ පවතිනා ලෝක කවරේද? ඒවායේ ජීවීහු වෙසෙත්ද? ඒවායේ ස්වභාවය කවරේද? හට ගත්තේ කෙසේද? විනාශය කවරාකාර වේද? ආදී කාරණා බොහොමයක් මේ හරහා අපට ඉදිරියේදී සාකච්ඡා කළ හැක.

ආචාර්ය ඇත්කඳුරේ සුමනසාර හිමි විශ්වය හා ලෝකය පිළිබඳ බහුවිධ දර්ශනයක් පහළව ඇතත් ඒ පිළිබඳ තත්වාකාර විග්‍රහයක් මීට වර්ෂ 2550කටත් පෙර බුදුරජාණන්වහන්සේ විසින් ඉදිරිපත් කර ඇත. එය හුදෙක් ලෝකෝත්තර සුවයෙන් ලබාගත් මානසික අධිගමය ඇසුරිනි. එය මානසික ගවේෂණය තුළින් ලබා ගත් තවමත්, කිසිවකුත් බොරු යැයි නොකී, එසේ යැයි හඳුනා නොගත් විශ්වයේ විශිෂ්ටතම පර්යේෂණයකි. විශ්වය පිළිබඳව බුදුරජාණන්වහන්සේ විසින් සිදු කළ ඉතා වටිනා, වැදගත් කරුණු විමර්ශනයක් අභිභු සූත්‍රයේ සඳහන් වෙයි.

දිනක් බුදුරජාණන්වහන්සේ හමුවූ අානන්ද මහ තෙරුන් වහන්සේ, භාග්‍යවතුන් වහන්ස, අභිභු තෙරුන්ට සහස්සී ලෝක ධාතුව තෙක් ශබ්ද පැවැත්වීමට හැකියාව තිබෙයි. ඔබවහන්සේට කොපමණ දුරක් ශබ්ද ඇසීමට සැලැස්විය හැකිදැ,’යි ප්‍රශ්න නැගූහ. එම අවස්ථාවේදී බුදුරජාණන්වහන්සේ, ‘ආනන්ද, අභිභු තෙරුන් මගේ ශ්‍රාවකයෙකි. සම්බුදුවරයෙකු පතුරන ශබ්දයේ හඬ ප්‍රමාණ කළ නොහැකි තරම්වේ.

අනන්ත විශ්වයේ අසීමාන්තිකව ගමන් කරන්නේය’, ‘‘සාවකෝ සෝ ආනන්ද අප්පමෙය්‍යෝ තථාගතෝ’’ යනුවෙන් වඳාළහ. ආනන්ද තෙරුන් නැවත නැවතත් ප්‍රශ්න කරන ලදුව විශ්වය නිර්මාණය වී ඇති ලෝක ධාතු ප්‍රභේද තුනක් පිළිබඳව අභිභු සූත්‍රයේ කරුණු දක්වා ඇත. ඒ ලෝක ධාතු තුන වනාහි, සහස්සී චූලනිකා ලෝක ධාතුවය, ද්වි සහස්සී මජ්ඣිමා ලෝක ධාතුවය තිසහස්සී මහා සහස්සී ලෝක ධාතුවය. එම සූත්‍රයට අනුව, යාවතා ආනන්ද චන්දිම සූරියා පරිමරන්ති විරෝචනා තාව සහස්සධා ලෝකධාතු(අංගුත්තර නිකාය)

එක ඉරකුත්, එක සඳකුත් වශයෙන් හිරු සඳු දෙදෙනකු ආලෝකය විහිදුවමින් පරිභ්‍රමණය වන්නේ යම්තාක් දුරක්ද එය සක්වළක් වන්නේය. එබඳු වූ සක්වළ දහසක් ‘සහස්සධා’ ලෝක ධාතුව වන බව පැහැදිලි කර ඇත. එසේ නම් නූතන විද්‍යා දැනුම තවමත් ලෝක විෂයේ ළදරු වියටද එළැඹ නැත. සහස්සී ලෝක ධාතුවෙහි අන්තර්ගත ප්‍රභේද 16ක් (සොළොසක්) දැක්වේ.
  • චන්ද්‍රයන් – 1000 (දහසකි)
  • සූර්යයන් – 1000 (දහසකි)
  • සිනේරු පර්වත – 1000 (දහසකි)
  • ජම්බුදීප – 1000
  • අපර ගෝයාන – 1000
  • උතුරුකුරු දිවයින් – 1000
  • පූර්ව විදේහ – 1000
  • සිවුමහා මුහුදු – 1000
  • සිවුමහා රජවරු – 1000
  • චාතුම්මහාරාජික – 1000
  • තවුතිසා – 1000
  • යාම – 1000
  • තුසිත – 1000
  • නිම්මානරති – 1000
  • පරනිම්මිත වසවර්ති – 1000
  • බ්‍රහ්මලෝක – 1000
මෙහි දක්වන ලද ඉහත විශ්ව සීමාව ශ්‍රාවක විෂය සීමාවයි. එය විශ්ව පරාසය සහස්සී චූලනිකා ලෝක ධාතුවයි. විද්‍යාඥයන්ට ගවේෂණය කළ හැක්කේ මේ විශ්ව සීමාව තුළ යමක් පමණි. එයද මහා මෙරකින් අල්පයක් තරම් දෙයකි.

ඉහත දැක්වූ හිරු-සඳු දහස බැගින් සහ අනෙක් සොළොස් අංග ඇති සහස්සී චූලනිකා ලෝක ධාතු දහසක්ද, ද්වි සහස්සී මජ්ඣිමා ලෝකධාතු එකක්ද ඇති බව බුදුරජාණන්වහන්සේ දේශනා කොට ඇත. එය ශ්‍රාවකයන්ගේ පථය නොවන අතර සර්වඥයන්වහන්සේලා පමණක් දකින උන්වහන්සේලාගේම විෂය භූමිය වේ.

බෝසතුන් මවුකුසෙහි පිළිසිඳ ගන්නා විටද, මවුකුසින් බිහිවන කල්හිද, ගිහිගෙය හැරද‌ා යන විටද, බුද්ධත්වයට පත්ව දම්සක් පවත්වන විටද, ආයු සංස්කාර අත්හරින විටද, පිරිනිවන් පාන විටද මෙකී විෂය ප්‍රදේශයම කම්පා වෙයි.

අභිභු සූත්‍රයේ කරුණු පැහැදිලි කරමින් ද්වි සහස්සී මජ්ඣිමා ලෝක ධාතු දහසක් එක්වූ තැන ත්‍රිසහස්සී ලෝක ධාතුව නිර්මාණය වී ඇත. ‘‘යාවතා ආනන්ද සහස්සී චූලනිකා ලෝකධාතු තාව සහස්සධා ලෝකේ අයං වුච්චතානන්ද ද්වි සහස්සි මජ්ඣිමා ලෝකධාතු යාවතා ආනන්ද ද්විසහස්සී මජ්ඣිමා ලෝකධාතු තාව සහස්සධා ලෝකෝ අයං වුච්චතානන්ද තිසහස්සී, මහ සහස්සී ලෝක ධාතු’’ මේ සියලු කාරණා එකට කැටිව ගත් කල බුද්ධ දේශනාවට අනුව කෝටි සීයක් පමණ සූර්යයන් (හිරු) සහිත විශ්ව පථයක් අප වටා පවතී. විද්‍යාඥයන්ට සොයා යා හැකි උපරිම සීමාවේ ඇත්තේ හිරු 1000ක් හා සඳු 1000ක් ඇති විශ්ව පථය පමණකි.

එසේ නම් කෝ්ටි 1000ක් හිරු කවද‌ා කෙසේ සොයා ගන්නද? සහස්සී ලෝක ධාතු විස්තරයට අනුව ජම්බු දීප දහසකි. බඹලොව දහසකි. ඒ අනුව පිටසක්වළ ජීවින්ට මේ විශ්ව පථයේ ඕනෑ තරම් සුදුසු වාසස්ථාන පවතින බව පැහැදිලි කරුණකි. එකී සුදුසු වාසභූමිවල බුදුවරුන්ටද පහළ වීමට බාධාවක් නැති බව බුද්ධ දේශනාවේ විස්තර වේ.

ඒ අනුව බුදුවරුන් ලොව පහළ වීම පවා පෘථිවියේම සිද්ධ නොවිය හැක. පෘථිවියෙන් එහා සුදුසු කවර ලෝකයක වුව එය සිද්ධ විය හැක. පෘථිවියට සාපේක්‍ෂව ජීවින් මිනිය හැකි ප්‍රමාණයක් ලෝක ධාතුවේ විවිධ තැන්හි ජීවිත ගෙවති. ඒ ඇතැම් සක්වළ නූතන කිසිම විද්‍යා උපකරණයකට හෝ විද්‍යාඥයකුට ගෝචර නොවන්නේය. එය ගෝචර වනුයේම මානසික අධිගමයෙන් පරතෙරට ගිය සර්වඥ නමකටය.

👉👇අනෙකුත් විශ්මිත තොරතුරු👇👌

උපුටා ගැනීමකි...

Comments

Populat Posts Last 7 Days

Elvis from Outer Space Movie Review

Blue Suede Saucers
"ATTENTION! ELVIS has left the planet! Elvis has left the planet!" Yup. A completely predictable remark you could expect from pretty much anybody after hearing the title of this movie.  Fortunately, the predictability of "Elvis from Outer Space" stops there. Instead, first time writer/directors Marv Silverman and Tracy Wuischpard have crafted a wonderfully original story that pushes aside all caricatures and tropes and replaces them with a fun and clever romp that fully lives up to its kooky title.

How to Setup an AddMeFast Bot With iMacros

Introduction AddMeFast is a website where you can collect points for various social media tasks. These mostly include following accounts, liking tweets or viewing YouTube videos. Register Now - addMeFast

කමු ද ජුජුබ්ස් කෑල්ලක් 🍭🍭🍭🍭 (Let's Eat A Piece Of Jujubes)

🖊️අවශ්‍ය ද්‍රව්‍ය:
🥇සීනි කෝප්ප එකක් .
🥇වතුර කෝප්ප භාගයක් .
🥇ජෙලටින් මේස හැදි දෙකක් .
🥇ජෙලටින් දිය කර ගැනීමට වතුර කෝප්ප බාගයක් .
🥇රතු කහ කොළ වර්ණක බින්දුව බැගින් .

මුර්තාබක් රොටි (Murtabak Roti)

අද අපි හදන්න යන්නේ රාමලාන් කෑමක්.  මුර්තාබක් රොටී කියන්නේ ඉතාමත් ප්‍රණීත ආහාරයක්. මීට ඉස්සෙල්ලා මේ රොටිය ගැන අහලවත්, කාලවත් නැත්නම් අදම හදලා බලන්න. ඔන්න ඒනම් අපි බලමු මුර්තාබක් රොටි හදන විදිය.
පිටි මෝලිය සදහා අවශ්‍ය ද්‍රව්‍ය: පිටි 200gලුණු ස්වල්පයක්මාගරින් තේ හැදි 02වතුර අවශ්‍ය පමණට

hide.me VPN Review

Hide.me offers some interesting features including a completely free, anonymous trial. It now unblocks streaming services and supports WireGuard for better speeds.
Should I Buy hide.me VPN? Pros Unblocks NetflixFree versionSupports WireGuard Cons More expensive than rivals Our Verdict Hide.me is a good VPN service which has recently sorted a number of issues that previously held it back. It still needs to be a bit cheaper though.