පැණි බීම වර්ග කුඩා ළමයිට දෙන්න එපා | Your Choice Way

අධික ලෙස සීනි පරිභෝජනය ඔබේ සෞඛ්‍යට අහිතකර ලෙස බලපායි. සමහර සීනි ප්‍රභවයන් ඔබේ සෞඛ්‍යට දැඩි ලෙස බලපෑම් ඇති කරයි. මුලික වශයෙන් සීනි සෝඩා වලට පමණක් නොව පලතුරු යුෂ අධික පැණි රස කෝපි සහ දියර සිනී ප්‍රභවයන්ද ඔබේ සෞඛ්‍යට අහිතකර ලෙස බලපායි.

සීනි සෝඩා මඟින් ඔබට පුර්ණ හැඟීමක් ඇති නොවන අතර බර වැඩි වීම සිදුවේ. ඔබ දියර සීනි පරාභෝජනය කරන විට, සාමාන්‍යයෙන් එය ඔබේ මුළු කැලරි ප්‍රමාණය වැඩි කිරිමට සමත් වෙනවා. සීනි පානය මඟින් පූර්ණ හැඟිමක් ඇති නොවන නිසා එක් අධ්‍යනයකින් අනාවරණය වි ඇත්ත, සීනි සෝඩා පානය කල අය ඔවුන්ගේ ආහාරයට අමතරව 17% වැඩි කැලරි ප්‍රමාණයක් පරිභෝජනය කල බවයි. අධ්‍යන වලින් පෙනි යන්නේ සීනි පැණි රස බීම පානය කරන පුද්ලලයින්ට වඩා සීනි සෝඩා පානය කරන ලද පුද්ගලයින්ගේ බර විශාල ලෙස වැඩි වි ඇත් බවයි. ළමුන් සම්බන්ධයෙන් සිදු කරන ලද අධ්‍යනයකින් අනාවරණය වි ඇත්තේ සෑම දිනකම සීනි රසකාරක පානය කිරීමෙන් 60%කින් තරබාරු වීමේ අවධානමට සම්බන්ධ වන බවයි.

ඔබේ අක්මාව තුල සීනි විශාල ප්‍රමාණයක් මෙිදය බවට පරිවර්තනය කරය.ඔබේ ශරිරයේ සෑම සෛලයකටම ග්ලුකෝස් පරිවෘත්තිය කල හැකි අතර පෘක්ටෝස් පරිවර්තනය කල හැක්කේ එක් ඉන්ද්‍රියකට පමණි. ඔබ අධික ලෙස සීනි පරිභෝජනය කරන විට අක්මාව අධික ලෙස පෘක්ටෝස් මෙිදය බවට පරිවර්තනය කරයි. සමහර මේදය රුධිරය ට්‍රයිග්ලිසරයිඩ ලෙස පිටවන අතර එයින් කොටසක් ඔබේ අක්මාව තුළ පවති. කාලයාගේ ඇවෑමෙන් මෙය මධ්‍යසාර නොවන මේද අක්මා රෝගයකට අත වැනීම සිදු වේ.

පැණි බීම ඉන්සියුලින් ප්‍රතිරෝධයට හේතු වේ. මෙය පරිවෘත්තිය සින්ඩ්‍රොම් වල ප්‍රධාන ලක්ෂණයකි.ඉන්සියුලින් හෝමෝනය ඔබේ රුධිරයෙන් ග්ලුකෝස් ඔබේ සෛල තුලට ගෙන යයි. නමුත් ඔබ සීනි පානය කරන විට, ඔබේ සෛල ඉන්සියුලින් වල බලපෑමට අඩු සංවේදි හෝ ප්‍රතිරෝධි විය හැකිය. මෙය සිදු වන විට, ඔබේ අග්න්‍යාශය මඟින් ඔබේ රුධිර ප්‍රවාහ⁣යෙන් ග්ලුකෝස් ඉවත් කිරීම සඳහා වඩාත් ඉන්සියුලින් සෑදිය යුතු වේ. එම නිසා ඔබේ රුධිරයේ ඉන්සියුලින් මට්ටම ඉහල යයි. එම නිසා මෙම ඉන්සියුලින් ප්‍රතිරෝධය දෙවන වර්ගයේ දියවැඩියාවට හා හෘද රෝග සඳහා පියවරක් වේ. සත්ව අධ්‍යනයකින් අණාවරණය වි ඇත්තේ අතිරික්ත පෘක්ටෝස් ඉන්සියුලින් ප්‍රතිරෝධය සහ කාලානුරූපීව ඉහල යන ඉන්සියුලින් මට්ටම ඉහළ නංවන බවයි.

දෙවන වර්ගයේ දියවැඩියාව සඳහා ප්‍රමුඛතම ආහාරය වන්නේ පැණි බීමයි දෙවන වර්ගයේ දියවැඩියාව ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවකට බලපාන පොදු රොගයක් වේ. අධික ලෙස පෘක්ටෝස් පරිභෝජනය ඉන්සියුලින් ප්‍රතිරෝධයට හේතු ව්ය හැක් බැවින් බොහෝ අධ්‍යනයන්ගෙන් අණාවරණය වි ඇත්තේ සෝඩා පරිභෝජනය දෙවන වර්ගයේ දියවැඩියාවට සම්බන්ධ වි ඇත් බවයි. ඇත්ත වශයෙන්ම දිනකට සීනි සෝඩා ටින් එකක් තරම් අඩු ප්‍රමාණයක් පානය කිරීම දෙවන වර්ගයේ දියවැඩියාව ඇත්වීමේ අවදානම සමඟ නිරන්තරයෙන් සම්බන්ධ වී ඇති බවයි.

සීනි සෝඩා අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ නොමැත. සීනි සෝඩා වල අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ නොමැත අඩංගු වන්නේ සීනි පමණි. එමගින් ඔබේ ශරීරයට ලැබෙන්නේ අනවශ්‍ය කැලරි පමණි. එම නිසා සීනි සෝඩා පරිභෝජනය හැක්තාක් අවම කර ඔබේ සෞඛය රැක ගැනීමටය ඔබම දායක වන්න.

👉👇අනෙකුත් විශ්මිත තොරතුරු👇👌

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පැණි බීම වර්ග කුඩා ළමයිට දෙන්න එපා | Your Choice Way පැණි බීම වර්ග කුඩා ළමයිට දෙන්න එපා | Your Choice Way Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 13, 2020 Rating: 5

0 comments:

Post a Comment