අපේ විදිහට ගලේ අඹරණ අමු පොල්සම්බෝල 😍 හදමු (Let's Make Polsambola Our Way)

අවශ්‍ය ද්‍රව්‍ය:
  • උම්මලකඩ 20-30g
  • පොඩි රතු ළූණු ගෙඩි 7/8
  • ලුණු තේ හැදි 1/2 (රසය අනුව වැඩි කරගන්න)
  • මිරිස් කරල් 4/5(කැමැත්ත අනුව වැඩි කර ගන්න)
  • ගම්මිරිස් ඇට තේ හැදි1/2
  • දෙහි බෑයක ඉස්ම
හදන විදිහ:
  1. ඉස්සල්ලම උම්බලකඩ ටික ගලේ අඹර ගන්නවා. ඊට පස්සේ ඒ ටික පැත්තකින් තියනවා. 
  2. මිරිස් කරල් තුනක් හතරක් කෑලි කරලා ගල උඩට දාලා ඒකටම ලුණු කැට ටිකක් දාලා හොදට අඹරනවා.
  3. ඒකටම පුංචි රතු ළූණු ටිකක් දාලා සාමාන්‍ය ගානට අඹරනවා.
  4. දැන් ගම්මිරිස් ඇට ටිකකුත් දානවා (හේතුව:-ආහාර දිරවන්න උදව්වක් වෙනවා ඒ වගේම සම්බෝලය අමුතු  රසක් එනවා.)
  5. ඊලගට තලලා පැත්තකින් තියාගත්ත උම්බලකඩ ටික මිරිස් ගල උඩට දාලා කලින් අඹරගත්තු එවත් එක්ක එකතු කරලා අඹරණවා. ගොඩක් අඹරන්නෙ නෑ.
  6. දැන් පොල් කෝප්පයක් විතර (කැමති ගානක්)දාලා අඹරනවා. ගොඩක් අඹරන්නෙ නෑ.බ්ලෙන්ඩර් එකේ අඹරනවන්ම් පොල් ගොඩක් පුන්චි වෙනවා එත් ගලේ අඹරනකොට එහෙම වෙන්නෙ නෑ.බ්‍රෙන්ඩර් එකට වඩා ගලේ අඹරලා රසයි.
  7. අන්තිමට දෙහි මිරිකලා සම්බොලය හොදට අනාගන්න ඕනී.
අයෙත් ඊලග recipe එකෙන් හම්බෙමු..😍😘

මෙම පොල් සම්බෝලය රසට සාදන ආකාරය අපහට ලබාදුන්නේ නෙතුලි අහිංසා සොහොයුරිය(Nethuli Ahinsa) .

👉👇තවත් කෑම වට්ටෝරු පහතින්👇👌

Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
අපේ විදිහට ගලේ අඹරණ අමු පොල්සම්බෝල 😍 හදමු (Let's Make Polsambola Our Way) අපේ විදිහට ගලේ අඹරණ අමු පොල්සම්බෝල 😍 හදමු (Let's Make Polsambola Our Way) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 23, 2020 Rating: 5

0 comments:

Post a Comment