Skip to main content
Latest:
Loading...
Englich - Your Choice Way Sinhala - Your Choice Way

Sponsor


Lagna Palapala 2020-05-24 | ලග්න පලාපල | රාහු කාලය | Rahu Kalaya 2020

අද දවස ඔබට

2020 මැයි මස 24 වන ඉරිදා
ඉර උදාව   - පෙරවරු 05.53 ට 
ඉර බැසීම  - පස්වරු 18.22 ට

රාහු කාලය
දිවා 16.23 සිට 17.52 දක්වා
රාත්‍රී 04.23 සිට 05.52 දක්වා

සුභ දිශාව            - දකුණ
මරු සිටින දිශාව - උතුර

මේෂ
විවාහ ජීවිතය සැපවත් වේ. අවිවාහකයන්ට යහපත් මංගල යෝජනා උදා වේ. කාලයක් පැවති ගැටලුවකට නිවැරදි විසඳුම් ලැබේ. සමාජයට යහපත් කාර්යයන් කිහිපයක් ඔබ අතින් වන නිසා ප්‍රියමනාප පුද්ගලයකු වේ. ප්‍රසිද්ධියට පත්වේ. උපදෙස් අනුශාසනා දීමට පෙළඹේ. සෙම් රෝග, තුනටියේ ආබාධ ඇතිවිය හැකිය. බීම වර්ග, ආහාර වෙළදාමේ යෙදෙන අයට වැඩි ලාභ ලැබෙන දිනයකි. විනෝද ගමන්වලට ඉඩ සැලසේ. ඉර බැසීමට විනාඩි 45 කට පෙර දුගීන්ට පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09.

වෘෂභ
ව්‍යාපාරවලින් පාඩු දිනයකි. රැවටිලි ආදියට හසුවීමට ඉඩකඩ ඇති බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. ආදරවන්තයන්ට මව්පියන්ගේ ආශිර්වාදය ලැබෙයි. ඉගෙනීමේ කටයුතුවලට බාධා ඇති වේ. උදාසීන තත්ත්වයක් දැකිය හැකිය. යටි බඩේ අමාරු ඇති වීමට හැකියාව ඇත. වැරදි තීරණවලට යොමු නොවී සිතා බලා නිවැරදි තීන්දු ගත යුතුය. ආදායම් තත්ත්වය යහපත් නොවේ. මිතුරු සබඳතාවලට අසුබදායකය. දුප්පතුන්ට ඇඳ ඇතිරිලි පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05.

මිථුන
රැකියාවේ දියුණුවක් දැකිය හැකිය. ගර්භණී මාතාවන් ප්‍රවේශම් විය යුතුය. උපයාගත් ධනය අනවශ්‍ය ලෙස නාස්ති වේ. කුඩා ළමයින් පිළිබඳව සැලකිලිමත් විය යුතුය. ආදරවන්තයන්ට එතරම් යහපත් දිනයක් නොවේ. ගැටලු ඇති වීමට පුළුවන. අහංකාර මුරණ්ඩු ගතිගුණ පෙන්නුම් කරයි. මවුපස ඥාතීන් පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වයි. සෙම් රෝග ආදියෙන් ප්‍රවේශම් විය යුතු දිනයකි. අධ්‍යාපන කටයුතුවල නිරත දූ දරුවන්ට ද යහපත් දිනයකි. කෝවිලකට හෝ පන්සලකට ධාන්‍ය වර්ග පූජා කරන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05.

කටක
ප්‍රීතිමත්, උද්යෝගිමත් දිනයකි. ගෘහ ජීවිතයේ තිබූ බාධක, කම්කටොලු මඟ හැරේ. යාන වාහන සිහින සැබෑ වෙන ලකුණු දිස් වේ. ඉඩකඩ සම්බන්ධ ගැටලු නිරාකරණය වේ. කෘෂිකාර්මික හා ඊට අදාළ නිෂ්පාදන සම්බන්ධව වැඩි නැඹුරුතාවක් දක්වයි. කුලී හා බදු දීම මඟින් වාසි සැලසේ. පියාට තරමක් අපල ගෙන දෙයි. මවුපියන් සතු දේපළ ලැබීමට සුබයි. පතල් සම්බන්ධ කටයුතුවලින් වැඩි ලාභ ඇති වේ. ධාන්‍යාහාර හෝ තෙල් දන් දෙන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02.

සිංහ
කෙටි ගමන්වලින් වාසි සැලසේ. අලුත් දෙයක් ඉගෙනීමට සිත යොමු වේ. ලිපි ගනුදෙනු, ග්‍රන්ථකරණ ආශ්‍රිත කටයුතුවල වැඩි දියුණුවක් දැකිය හැකිය. ගිවිසුම් අත්සන් කිරීමට සුභ දිනයකි. අසාධාරණයට විරුද්ධව නැඟී සිටීම හේතුවෙන් ජනප්‍රිය චරිතයක් බවට පත් වේ. රැකියා ස්ථානයේ ගැටලු ඇති වීමට ඉඩකඩ ඇති බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. රජයේ දඬුවම් ආදියට ලක් විය හැකි දිනයකි. එළඟිතෙල් හා රතු ඇඳුම් දුගීන්ට පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01.

කන්‍යා
තැන්පත් ධනය වැය වේ. ආදායම් තත්ත්වය පහළ බසී. නීතිමය ගැටලුවලට මුහුණ දීමට වේ. අධ්‍යාපන කටයුතුවලට තරමක් බාධාකාරී දේ වේ. නරක සිතුවිලි පහළ වීමෙන් චරිතයට කැළැල් වීමට ඉඩ ඇති බැවින් ප්‍රවේශම්වන්න. කන සම්බන්ධව හා උගුර ආශ්‍රිත රෝගාබාධ ඇති විය හැකිය. ආගමික කටයුතුවල යෙදීමෙන් අපහසුතාවන් මඟ හරවා ගත හැකිය. මිතුරු සබඳතාවලට සුබදායක දිනයක් නොවේ. ගුණවත් කාන්තාවකට රිදී වළලු දෙකක් පරිත්‍යාග කරන්න. ජය වර්ණය - කොළ,   ජය අංකය - 05.

තුලා
සෞඛ්‍යය තත්ත්වය අයහපත් වේ. කීර්තිය පලුදු වීමට කරුණු යෙදේ. මව්පිය සතුට වෙනුවෙන් කාලය වැය කිරීමට වේ. කෙටි ගමන් බිමන් යෙදේ. ආදායම් තත්ත්වය එතරම් යහපත් නොවේ. අන්‍යයන්ගේ දෝෂාරෝපණයට ලක්විය හැකිය. උදාසීන තත්ත්වයක් දවස පුරා පෙන්නුම් කරයි. පවුල් ජීවිතයේ ප්‍රශ්න  ප්‍රශ්න පැන නැඟී. දූ දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වෙනදාට වඩා වෙහෙසක් දැරීමට වන දිනයකි ගලා යන ජලයට බුලත් දමන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06.

වෘශ්චික
සමාජයට ප්‍රිය පුද්ගලයකු වේ. විදේශ සිහිනය සැබෑ වේ. ගුප්ත ශාස්ත්‍රයේ ඉගෙනීමට සිත යොමු වේ. පදිංචි ස්ථානයේ වෙනසක් විය හැකිය. අනවශ්‍ය වියදමක් දැරීමට වේ. රජයේ නීතියට යටත්ව කටයුතු කරනු ලබයි. කලක් තිස්සේ සිතේ තිබුණු බරකින් නිදහස ලැබේ. නිවැරදි තීන්දු ගත යුතුය. මිත්‍ර සබඳතා වැඩි දියුණු වේ. උදරය හා යටිබඩ ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයන් මතුකර විය හැකිය. කල්පනාකාරීවන්න ගණ දෙවිඳුට පුද පූජා හා සුවඳ දුම් දෙන්න. ජය වර්ණය - රතු,   ජය අංකය - 09.

ධනු
බලාපොරොත්තු ඉටු වන දිනයකි. ප්‍රියමනාප පුද්ගලයකු බවට පත් වේ. ආදායම් තත්ත්වය යහපත් වේ. ණයට දුන් මුදලක් ලැබීමට පුළුවන. ආදර සබඳතා ගොඩ නැගෙයි. ලොතරැයි දිනුම් ලැබීමේ වාසනාව ඇත. ව්‍යාපාරවලින් ලාභ ලැබේ. වැඩිමහල් සහෝදරියන් සමඟ වැඩි සබඳකම් ගොඩනැගේ. කෙණ්ඩ පෙරලීම, පීනස ආදි රෝග තත්ත්වයන් මතුවිය හැකි නිසා ප්‍රවේසම්වන්න. කෘමි සතුන් ආදීන්ගෙන් ප්‍රවේශම් විය යුතුය. කුරුල්ලන්ට කෑමට ආහාර දමන්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03.

මකර
රැකියාව ආශ්‍රිත ගැටලුකාරී තත්ත්වයන් මතුවිය හැකිය. ඉඩකඩම් සම්බන්ධ ආරවුල් ඇතිවිය හැකි බැවින් තීරණ ගැනීමේ දී සැලකිලිමත්වන්න. ව්‍යාපාර කටයුතුවලින් පාඩු වේ. රැවටිලි හා වංචා ආදියට හසු වීමට ඉඩකඩ ඇති බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. විවාහ ජීවිතය සම්බන්ධව ප්‍රශ්න පැන නැඟී. ආගමික කටයුතු කෙරෙහි සිත යොමු වේ. ඇස් රෝග, දණහිස් අමාරු ආදිය ඇති විය හැකිය. එළඟිතෙල්, මුදවාපු කිරි පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08.

කුම්භ
ධාර්මික පුද්ගලයන් ඇසුරට ලැබේ. ආගම දහම සම්බන්ධ කටයුතුවලට වැඩි නැඹුරුතාවක් ඇති වේ. වන්දනා ගමන් සඳහා කාලය යොදවයි. දූ දරුවන් සම්බන්ධව වෙහෙසීමට වේ. පියාගේ දේපළ සම්බන්ධ ගැටලුවලට මුහුණ දීමට සිදුවිය හැකිය. විදේශ සංචාර සඳහා එතරම් යහපත් නොවේ. උත්සව කටයුතුවලට සහභාගි වීමට අවස්ථාව ලැබේ. කෘමි සතුන් හා ඔවුන්ගෙන් ඇති වන ලෙඩ රෝග ආදියෙන් පීඩා ඇති වේ. උදේ ධාන්‍ය වර්ග පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06.

මීන
ආදායම් තත්ත්වයේ වර්ධනයක් පෙන්නුම් කරයි. රැකියාවේ උසස්වීම්, තානාන්තර හිමි වේ. ප්‍රසිද්ධ උත්සවවලට සහභාගිවීමට අවස්ථාව ලැබෙයි. අන්‍යයන් කෙරෙහි අනුකම්පා සහගතව උදව් උපකාරවලට යොමු වන දිනයකි. ජලය සම්බන්ධ කටයුතුවල දී ප්‍රවේශම් විය යුතුය. අධ්‍යාපන කටයුතුවලට සුබයි. දණහිස් හා වළලුකර ආශ්‍රිත ආබාධ මතු කරවිය හැකිය. ක්‍රීඩා තරග ආදියෙන් ජයග්‍රහණ ලැබිය හැකි දිනයකි. සතෙක් නිදහස් කිරීමට ආධාර කරන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03.

👉👇අනෙකුත් විශ්මිත තොරතුරු👇👌

උපුටා ගැනීමකි...

Comments

Populat Posts Last 7 Days

Xiaomi Redmi Note 9 Review

It's the cheapest Xiaomi phone in the new 2020 UK line-up, but is Redmi Note 9 the high-value proposition you're looking for?
Should I Buy The Xiaomi Redmi Note 9?
Pros Competitive pricingQuad-lens cameraDual-4G3.5mm headphone jackCons Plastic bodyMediaTek chip sacrifices performance & battery lifeCamera focus can be softOur Verdict An excellent budget phone, but unless money is very tight the Redmi Note 9S offers better value still.

Elvis from Outer Space Movie Review

Blue Suede Saucers
"ATTENTION! ELVIS has left the planet! Elvis has left the planet!" Yup. A completely predictable remark you could expect from pretty much anybody after hearing the title of this movie.  Fortunately, the predictability of "Elvis from Outer Space" stops there. Instead, first time writer/directors Marv Silverman and Tracy Wuischpard have crafted a wonderfully original story that pushes aside all caricatures and tropes and replaces them with a fun and clever romp that fully lives up to its kooky title.

How to Setup an AddMeFast Bot With iMacros

Introduction AddMeFast is a website where you can collect points for various social media tasks. These mostly include following accounts, liking tweets or viewing YouTube videos. Register Now - addMeFast

කමු ද ජුජුබ්ස් කෑල්ලක් 🍭🍭🍭🍭 (Let's Eat A Piece Of Jujubes)

🖊️අවශ්‍ය ද්‍රව්‍ය:
🥇සීනි කෝප්ප එකක් .
🥇වතුර කෝප්ප භාගයක් .
🥇ජෙලටින් මේස හැදි දෙකක් .
🥇ජෙලටින් දිය කර ගැනීමට වතුර කෝප්ප බාගයක් .
🥇රතු කහ කොළ වර්ණක බින්දුව බැගින් .

ෂුගර් කුකීස් හදන විදිහ (How To Make Sugar Cookies)

අද අපි කියලා දෙන්න යන්නේ දරුවන්ටම විශේෂ වූ කුකීස් වර්ගයක් ගැන. දරුවන්ට රසට කන්න පුළුවන් වගේම අම්මලට ලේසියෙන් හදන්නත් පුළුවන්. කඩෙන් මිලදී ගන්න බිස්කට් වගේ කල් තබාගැනීමේ ද්‍රව්‍ය මුකුත් දාන්නැති නිසා කිසිම බයක් නැතුව ළමයින්ට දෙන්නත් පුළුවන්නේ.
විනාඩි 30ක් වගේ සුළු වෙලාවකින් මෙය සාදා නිමකරගත හැකි වගේම කැමති ආකාරයට හැඩ කරගත හැකිය. එනම් අපි බලමු හදන්නේ කොමද කියලා.
අවශ්‍ය ද්‍රව්‍ය:(කුකීස් 12ක් හදන්න පුළුවන්)
බටර් 100gසීනි 100gබිත්තර 01පාන් පිටි 150gබේකින් පවුඩර් තේ හැඳි 01වැනිලා තේ හැඳි 01