Skip to main content
Latest:
Loading...
Englich - Your Choice Way Sinhala - Your Choice Way

Lagna Palapala 2020-05-10 | ලග්න පලාපල | රාහු කාලය | Rahu Kalaya 2020

අද දවස ඔබට

2020 මැයි මස 10 වන ඉරිදා
ඉර උදාව   - පෙරවරු 05.54 ට 
ඉර බැසීම  - පස්වරු 18.20 ට

රාහු කාලය
දිවා 16.24 ට සිට 17.53 දක්වා
රාත්‍රී 04.24 සිට 05.53 දක්වා

සුභ දිශාව            - දකුණ
මරු සිටින දිශාව - උතුර

මේෂ
හවුල් කටයුතු සම්බන්ධව ව්‍යාපාර ආදිය සදහා පාඩු වීම් වේ. ආදර සම්බන්ධතා පවත්වා ගෙන යාමට බුද්ධිමත්ව කටයුතු කිරීමට සිදුවේ. අන්‍යයන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමට යෑමේ දී දන්නවාට වඩා යමක් පෙන්වීමට උත්සාහ දරයි. රථවාහන හා ඉඩම් සම්බන්ධ  ගිවිසුම් ආදියේ දී සැලකිලිමත් විය යුතු වේ. තරග විභාග ආදියට යෙදෙන්නන් හට අඩුම තරමේ අවම මට්ටමකින් හෝ අභිමතාර්ථ සැල කර ගැනීමට පසුබිම් යෙදේ. ගණ දෙවිඳුට පුද පූජා හා සුවඳ දුම් දෙන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09.

වෘෂභ
රැකියාවේ නිරත වී සිටින්නන් යම් කටයුත්තක් කිරීමට භාර ගැනීමේ දී හොඳින් සිතා බලා තීරණය කළ යුතු වේ. පවතින රෝගාබාධවල සුවතාවක් දැකිය හැකිය. තමා ඇසුරු  කළ හිතවතකුගේ ගැටලුවක් සොයා බැලීමකට ඉඩකඩ පවතී. මුදල් වියදම් කිරීමට පසුබට වන බවක් පෙන්නුම් කරයි. පැණි රස හා තෙල් රසැති ආහාර පරිභෝජනය සීමා කළයුතු දිනයකි. ශරීර සෞඛ්‍යමය ගැටලු ඇති විය හැකිය. මිතුරන්ට ලබාදෙන උපදෙස් ඔවුන් වැරදි ලෙස අවබෝධ කරගැනීමට ඉඩ පවතී. උදේ කපුටෙකුට හෝ කොවුලෙකුට ආහාර දිය යුතුය. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05.

මිථුන
විද්‍යාත්මක නිර්මාණකරණයන්හි නිරත වූවන්ගේ යම් ප්‍රගතියක් හෝ ඒ සම්බන්ධ වෘත්තිමය කටයුත්තකට සම්බන්ධ වීමට කටයුතු යෙදිය හැකිය. ආගමට දහමට යෙදීමට ද සිතිවිලි පහළ විය හැකිය. තරග විභාගවල යෙදී සිටින මෙම ලග්න හිමියන්ට අධ්‍යාපනයේ සාර්ථක බව හිමිකර ගැනීමට ඉඩ පවතී. හවුල්කරුවන්ගෙන් ලැබෙන ධනය සම්බන්ධ ගිවිසුම් ආදිය යෙදිය හැකිය. කාව්‍ය නිර්මාණයේ යෙදෙන්නන්ට එහි ප්‍රසිද්ධියක් ලැබිය හැකිය. ආගමික සිද්ධස්ථානයකට හකුරු පරිත්‍යාග කරන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05.

කටක
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදියට මුදල් වැය වීමක් විය හැකිය. තම කටයුතුවලට එරෙහිව පුද්ගලයන් පිරිසක්  ඉදිරිපත් වීමට ඉඩ ඇති බැවින් කරන කටයුතු සඳහා බාධා යෙදිය හැකිය. අද දිනය තුළ කවර කටයුත්තක් වුවද සාර්ථක කළ හැක්කේ මනා ඉවසීමකින් ක්‍රියා කිරීමෙනි. ලේ ඥාතීන් සමඟ අමනාපයක් ඇති කරන දිනයක් විය හැකිය. කාලත්‍රයාගේ අත්‍යවශ්‍ය කටයුතු වෙනුවෙන් මුදල් වැය කිරීමක් වේ. දවස සිල්වත්ව ගත කිරීම සුබදායී විය හැකිය. මල්, සුවඳ, කපුරු පූජා තබා ස්තෝත්‍ර කියන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02.

සිංහ
ගන්නා ආහාරපාන ශරීර සෞඛ්‍යයට හිතකර ඒවා වීමට වගබලා ගත යුතුය. ඔබ ඉගෙන ගන්නා කරුණු තේරුම් ගැනීමේ අපහසුතාවන්ට ලක් වේ. ව්‍යාපාරයේ කටයුතු සඳහා බුද්ධිමත්ව තේරුම් ගෙන කටයුතු කිරීම තුළින් වැඩි වාසි ගත හැකිය. දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා බුද්ධිමත්ව තේරුම් ගෙන කටයුතු කිරීම තුළින් වැඩි වාසි ගත හැකිය. දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා නැඹුරුතාවක් පවතින දිනයක් විය හැකිය. කළු තල පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01.

කන්‍යා
වැඩි ආරක්ෂාව සඳහා කටයුතු යෙදිය හැකිය. වඩා වාසි සහගත තත්ත්වයන් අත්කර ගැනීම උදෙසා වචන භාවිතා කිරීමට උත්සාහ ගනී. ආගමික කටයුතුවල නියැලී සිටීමේ අවශ්‍යතාව වෙනදාට වඩා වැඩිපුර දැනිය හැකිය. රැකියා කටයුතුවල දී රාජ්‍ය අංශවල තනතුරු දැරීමේ අවස්ථා ගොඩනැඟිය හැකිය. ව්‍යාපාර සඳහා නව දැනුම ළඟා කර ගැනීමේ අවශ්‍යතා උදෙසා වියදම් මතු කෙරේ. මිතුරන් හමුවට යෑමේ දී ඔබට කීර්තිය හා ගෞරවය ලැබීමේ අවස්ථාව පවතී. ගුණවත් කාන්තාවකට රිදී වළලු දෙකක් පරිත්‍යාග කරන්න. ජය වර්ණය - කොළ,   ජය අංකය - 05. 

තුලා 
තම ආත්ම ගෞරවයට හානියක් සිදුවිය හැකි ක්‍රියාවලින් ඈත් වී වැඩ කිරීමට පෙළඹේ. වෙනදාට වඩා දරුවන්ගේ  අඩුපාඩු සොයා බලා ඉටු කිරීමට යොමුවිය හැකි දිනයකි. රැකියා සම්බන්ධ ගැටලු ආදිය යෙදීමට අවකාශ පවතින දිනයක් විය හැකිය. හෘදය සම්බන්ධ රෝග තත්ත්වයන්හි වර්ධනයක් පවතින බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුය. ජීවිතයේ ගැටලු හා අර්බුදවලට අද දිනයේ මුහුණ දීමට වුවද බුද්ධිමත්ව කටයුතු කිරීම තුළින් බොහෝ ගැටලු නිරාකරණයට අවකාශ හිමි වේ. කැකුළු සහල්වලින් තැනූ කිරිබත් දන් දෙන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06.

වෘශ්චික
පවුලේ සාමාජිකයින් අතර සුළුවෙන් හෝ ඇතිවන ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් චිත්ත පීඩා යෙදීමේ අවකාශ යෙදේ. ආර්ථික ගැටලුවලට මැදි වී සිටින්නන් සඳහා කිසියම් සහනයක් ලැබීමේ ඉඩකඩ පවතී. කාලත්‍රයාගේ අසනීප තත්ත්වයන් සඳහා බෙහෙත් ආදිය වියදම් යෙදිය හැකිය. යාන වාහන ගේ දොර සම්බන්ධව විමර්ශනශීලීව කටයුතු කළ හැකි කලා කටයුතු හෝ පරිගණක ආශ්‍රිත රැකියාවල නිරතවන්නන් කාර්ය බහුල වීමේ ඉඩ පවතී. වියළි ආහාර හා තෙල් දුප්පතෙකුට පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය - 09.

ධනු
පොදු සේවාවන්හි නිරතව සිටින්නන්ට ඉන් යම් කීර්තියක් හිමි විය හැකිය. දේපළ වෙළඳාම්වල නිරත වන්නන්ට ඉන් ලාභ ලැබිය හැකි මාර්ග යෙදේ. පැවති සුළු හෝ අසනීප තත්ත්වයක් අඩු වී සහන ලැබිය හැකිය. තම උත්සාහයෙන් ප්‍රයෝජන ලැබිය හැකි දවසකි. ණයට දුන් මුදලක් ආපසු ලබාගත හැකිය. අද දින සමාජශීලී  වටපිටාවක් ඇති වේ. පවුලේ කටයුතු සම්බන්ධ වූ දීර්ඝ ගමන් බිමන්වල යෙදීමට ඉඩ ප්‍රස්ථාව පවතී. මැසි මදුරු ආදී සතුන්ගෙන් හිරිහැර පීඩා ඇතිවන දිනයක් වේ. කෝවිලකට හෝ පන්සලකට ධාන්‍ය වර්ග පූජා කරන්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03.

මකර
අද දිනය ලෞකික ආශාවන් සම්බන්ධයෙන් රුචිතාවක් දක්වයි. ඔබගේ ක්‍රියා කලාපයන් නිසා නීතිමය ගැටලු යෙදීමට ඉඩ පවතින නිසා සංවර දින චර්යාව වැදගත් විය හැකිය. සොර සතුරන්ගෙන් කරදර යෙදිය හැකිය. තමා රැකියාව තුළ තබා තිබෙනවා ස්ථාවරත්වය බිඳ හෙලීමට ඔබේ සතුරන් උත්සාහ ගැනීමට ඉඩ පවතී. ගුරුවරු හෝ උපදේශාත්මක කටයුතුවල නියැලී සිටින්නන්හට වෘත්තිමය ගැටළු ඇතිවිය හැකිය. අද දිනයේ සත්‍යවාදී ලෙස කටයුතු කිරීමෙන් අභියෝග සාර්ථක කර ගැනීමට හැකි වේ. එළඟිතෙල්, මුදවාපු කිරි පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08.

කුම්භ
නියම ආගමික කටයුතු පසෙක හෙළා මිත්‍යාදෘෂ්ටික ආගමික කටයුතුවල නියැළීමේ බොහෝ ප්‍රවණතාවන් පවතී. දේපළ සම්බන්ධ නීති තර්ක ආදියෙහි යෙදීමෙන් තමාට අවාසිදායක කරුණු යෙදිය හැකිය. සතුරන්ගේ ප්‍රයෝගවලට අවනත විය හැකි බැවින් ඔවුන් පිළිබඳ අධ්‍යයනයකින් පසුවීම වැදගත් විය හැකිය. උසස් අධ්‍යාපනයේ යෙදෙන්නන් හට සුබදායක දිනයක් විය හැකිය. දූ දරුවන්ගේ අධ්‍යාපනික කුසලතාවල දියුණුවක් දැකිය හැකිය. තිර 5 ක පහනක් තබා ලක්ෂ්මීට පූජා කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06.

මීන
අද දින එතරම් සුබදායක නොවන දිනයක් වේ. කාලත්‍රයා සම්බන්ධයෙන් මානසික වේදනා යෙදිය හැකිය. බොහෝ විට යම් රෝගී තත්ත්වයක් මතු වීමේ ප්‍රවණතාවක් පවතී. ඔබගේ මුදල් තත්ත්වයේ ද වැය වීමක් පෙන්නුම් කළ හැකිය. රැකියා ස්ථානය සම්බන්ධතාව ද ගැටලුකාරී තත්ත්වයන් හෝ දෝෂාරෝපණ එල්ල විය හැකිය. හදිසි ගමන් බිමන් යෙදීමට ඉඩකඩ පවතී. කරන කටයුතුවල උදාසීනත්වය මතුවීම නිසා රාජකාරී කටයුතු අතපසු විය හැකිය. ධාන්‍යාහාර හෝ තෙල් දන් දෙන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03.

👉👇අනෙකුත් විශ්මිත තොරතුරු👇👌

උපුටා ගැනීමකි...

Comments

Populat Posts Last 7 Days

Chris Brown/Young Thug - Slime&B Music Album Reviews

Rap’s trickster god and R&B’s least tolerable person collaborate on a mixtape with no discernible upside. 
Of the many strange pop-culture artifacts to emerge from quarantine, a collaboration between Young Thug and Chris Brown probably falls higher on the plausibility index than Beyoncé shouting out OnlyFans or the name X Æ A-12, but their new mixtape, Slime&B, still feels beyond explanation. It’s hard to imagine it existing in a world less dystopian than the one we’re in now. The title implies a meeting of the minds and a marrying of their styles, yet this is a clear mismatch. Brown, while still commercially viable, has been slumping creatively. Thug is at the height of his success and near the peak of his powers. To work with Brown, Thug must sacrifice a ton of what makes him special and engaging. Why go from So Much Fun to so little?

How to Setup an AddMeFast Bot With iMacros

Introduction AddMeFast is a website where you can collect points for various social media tasks. These mostly include following accounts, liking tweets or viewing YouTube videos. Register Now - addMeFast

Strawberry Cheesecake Trifle

Strawberry Cheesecake Trifle is a delicious dessert featuring layers of angel food cake, fluffy sweetened cream cheese, and fresh strawberries in a sweet strawberry glaze. It’s easy to throw together and perfect for your next summer dinner party. Follow these keys to success for stellar results every time.

ෆජ් අයිසින් (Fudge Icing)

කෑම ලන්තයෙන් අද ඔබට ෆජ් අයිසින් තැවරූ චොකලට් කේක් එකක් සාදන ආකාරය පිළිබඳව දැනුවත් කිරිමටයි මේ සුදානම.
කේක් කිව්ව ගමන් මතකයට එන්නේ චොක්ලට් කේක්. වැඩි දෙනෙක්ගේ කැමැත්ත තියෙන්නේ චොක්ලට් කේක් කන්නයි. චොක්ලට් අයිසින් කේක් නම් තවත් හොදයි. චොක්ලට් අයිසින් කේක් හදද්දී තමයි මේ ෆජ් අයිසින් එක භාවිතයට ගන්නේ. චොක්ලට් අයිසින් එක ලස්සනට දිලිසේනවානම් ඒ තමයි ෆජ් අයිසින්. කේක් කියන්නේ හොද ස්වයං රැකියාවක්. කේක් වර්ග වගේම අයිසින් වර්ගත් මෙහිදී ඕන වෙනවා. හොද ලාභදායි ස්වයං රැකියාවක් විදිහට කේක් හදනවනම් මේ හැමදේම දැනගෙන ඉන්න ඕනේ.ඒ නිසා කෑම ලන්තයෙන් ෆජ් අයිසින් පිලිබදව ඔබව දැනුවත් කිරීම සදහා සුදානම්ව සිටිනවා. එසේනම් අපි බලමු ෆජ් අයිසින් සාදාගන්නා ආකාරය.
අවශ්‍ය ද්‍රව්‍ය: කුකින් චොක්ලට් ග්‍රෑම් 250වැනිලා තේ හැඳි 1අයිසින් සීනි මේස හැඳි 1ෆ්‍රෙෂ් ක්‍රීම් කෝප්ප 1/4

මුර්තාබක් රොටි (Murtabak Roti)

අද අපි හදන්න යන්නේ රාමලාන් කෑමක්.  මුර්තාබක් රොටී කියන්නේ ඉතාමත් ප්‍රණීත ආහාරයක්. මීට ඉස්සෙල්ලා මේ රොටිය ගැන අහලවත්, කාලවත් නැත්නම් අදම හදලා බලන්න. ඔන්න ඒනම් අපි බලමු මුර්තාබක් රොටි හදන විදිය.
පිටි මෝලිය සදහා අවශ්‍ය ද්‍රව්‍ය: පිටි 200gලුණු ස්වල්පයක්මාගරින් තේ හැදි 02වතුර අවශ්‍ය පමණට