සුපිරි රෝස චන්ද්‍රයා සමග ග්‍රහයින් 5ක් අද රාත්‍රියේදී

චන්ද්‍රග්‍රහණ සුර්යග්‍රහණ නරබන්න ලොකු කුඩා අපි හැමෝම ආසයි මොකද එක නිතර නිතර සිදු නොවන දුර්ලභ සිදුවීමක් නිසා, ඔන්න ඒ වගේ සුවිශේෂී අවස්ථාවක් අපිට අද උදාවෙලා මෙම වසරේ දිස්වන පුරහඳ වලින් විශාලතම සහ දීප්තිමත්ම වූ “සුපිරි රෝස චන්ද්‍රයා” නමින් හදුන්වන පුරහඳ සමග බුද, සිකුරු, අගහරු, බ්‍රහස්පතී සහ සෙනසුරු යන ග්‍රහයින් 5ක් ද දිස්වන අහස් සංදර්ශනයක් බක් පුර පොහෝ දිනය වන අද (07) දින අහසේ දැකගත හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසයි.


පෘථිවිය වටා චන්ද්‍රයා ගමන් කරනුයේ වෘතාකාර මාර්ගයක නොව ඉලිප්සාකාර මගකය. එහිදී චන්ද්‍රයා, පෘථිවියට ලගින්ම ගමන්කරන දිනයක දී පුරහදක් ඇතිවුවහොත් චන්ද්‍රයා වෙනදට වඩා කි.මි. 50000 ක් පමණ ලංවන බැවින් සඳු ඇතින් පිහිටන දිනකදී වඩා 14% විශාලව හා 30% වඩා දීප්තිමත්ව, පෙනෙන නීසාවෙන් එයට සුපිරිසද යන නම භාවිතා කරනු ලැබේ සුපිරි සදක් නැරබිමට හොදම වෙලාව චන්ද්‍රයා ක්ෂ්තිජයෙන් තරමක් ඉහලින් පිහිටන සදු පායන හෝ බසින අවස්ථා බව මහාචාර්ය චන්දන ජයරත්න පවසයි අද දින සවස නැගෙනහිරින් සඳ උදාවන විට චන්ද්‍රයා ද බටහිර අහසේ ඉතා දීප්තිමත්ව සිකුරු ග්‍රලෝකය ද අපට දැක ගැත හැකිය.

මෙම සුපිරි සඳ නැරඹීම සඳහා හෙට(08) අළුයම 5.00 ත් – 5.30 ත් අතර කාලය වඩා සුදුසු බව ඔහු පවසන් අතර එවිට බටහිර සිට පිළිවෙලින් අහස මුදුනට වන්නට කහ පැහැයෙන් දිස්වන යෝධ බ්‍රහස්පති, වළලුපලන් ග්‍රහයා වන සෙනසුරු, සහ රත් පැහැ අඟහරු යන ග්‍රහයින් තිදෙනා එක ළඟට වන්නටද, නැගෙනහිර ක්‍ෂිතිජයට ආසන්න ව බුධ ග්‍රහයා ද දීස්වනු ඇත මෙම ග්‍රහ දසුන හෙට රාත්‍රී කාලයේද දැක ගත හැකිය මෙම පුරහඳ සුපිරි රෝස චන්ද්‍රයා නමින් හැඳින්නුවද මෙහි කිසිදු රෝස පැහැයක් නැති අතර වසන්තය උදාවත් සමඟ ඇතිවන පළමු පුරහඳ එකල පිපෙන රෝස පැහැ මල්වර්ගයක් නිසා මෙනමින් හඳුන්වයි.

Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සුපිරි රෝස චන්ද්‍රයා සමග ග්‍රහයින් 5ක් අද රාත්‍රියේදී සුපිරි රෝස චන්ද්‍රයා සමග ග්‍රහයින් 5ක් අද රාත්‍රියේදී Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 07, 2020 Rating: 5

0 comments:

Post a Comment