20 ශාපය අසා තිබේද? 2020 ගොඩක් අපලයිද? | Your Choice Way

ශාපලත් අංක ගැන ඔබ අසා ඇතිවාට සැක නැත. බොහෝ ලෙසම ශාපලත් අංකයන් ලෙස සලකනු ලබන්නේ 9 හා 13 ය. නමුත් දැන් එම අංක දෙකම අභිබවා අංක 20 ලොව ශාපලත් අංකයක් බවට පත් වී ඇත. මෙයට නොයෙක් හේතූ කාරණාද ඇත.ප්‍රධානම කාරණය වන්නේ වසර සීයකට වරක් පැතිර ගිය උණ වසංගතය. 20න් ඉවර වන වසර වලදී විවිධ උණ රෝගයන් නිසා බොහෝ මිනිසුන් ජීවිතයෙන් වන්දි ගෙවා ඇත.
පළමු සිද්දිය ලෙස 1720 දී සිදු වූ මාර්සේලී වසංගතය හැදින්විය හැක. එම වසංගතය මගින් මරණ ලක්ෂයකට අධික ප්‍රමාණයක් සිදුවිය.දෙවන සිද්දිය ලෙස 1820 දී සිදු වූ කොලෝරා වසංගතය හැදින්විය හැක. එමගිනුත් මරණ ලක්ෂයකට අධික ප්‍රමාණයක් සිදු විය.තෙවන සිද්දිය ලෙස 1920 දී සිදු වූ ස්පාඥ්ඥ උණ සැලකිය හැක. මෙමගිනුත් ඉහත වසර වලට වඩා මරණ සිදු විය. වාර්තා අපැහැදිලිය. ඊට හේතුව මෙම උණ රෝගය මගින් විශාල සංඛ්‍යාවක් මිය ගිය නිසා බව කියැවේ.

කෙසේ හෝ මේ වසර කුමක්ද? 2020 වේ. එක ළගම 20 සංඛ්‍යා දෙකක් පවති. එම නිසාම මෙම වසර ඉහත සදහන් කල වසරවල් වලට වඩා බිහිසුණුය. දැනටමත් කොරෝනා වෛරසය මහත් විනාශයක් සිදු කර පවති. 2020 ඉවර වීමට තව මාස ගණනාවක්ම ඇත. ඉදිරියට කුමකින් කුමක් සිදු වේදැයි කා හටවත් පැවසිය නොහැක.

උදාහරණයක් ලෙස බාබා වැන්ගා අනාවැකිකාරිය විසින් 2020 දී සිදුවන මහා උණ වසංගතයක් පිලිබදව කියා ඇත. මුලදී එය කවුරුවත් විශ්වාස නොකළත් උද්ගතව ඇති කොරෝනා තත්ත්වය නිසා දැන් එය සැවොම පාහේ විශ්වාස කරයි.අනික් අතට නොස්ට්‍රාඩුමුස් නැමැති අනාවැකිකරු පැවසු අනාවැකියත් ඇත්ත වී පවති. ඔහු පවසා ඇත්තේ ද්විත්ව වසරකදී සිදුවන මහත් විනාශයකි. මේ ගෙවී යන්නෙත් ද්විත්ව වසරකි. 20 එක ළග දෙතැනක යෙදී පවති. 2020 බියකරුය.
කෙසේ හෝ 2020 දී සිදුවන මහත් විනාශයක් ගැන ඉන්දියාවේ සිටිනා අත්භූත බලයන් ඇති ළමයෙකුද අනාවැකි පවසා ඇත. ඔහු එකල පවසා සිටියේ 2020 දී ලෝකයේ සෑම රටක්ම පාහේ යුධ වදිනු ඇති බවයි. නමුත් එම යුද්ධය වන්නේ රටවල් අතර නොවන බවත් එහිදී ඔහු විශේෂයෙන්ම සදහන් කර ඇත.
මේ අතර ශ්‍රිලංකා විද්‍යාඥයෙකු වන මහාචාර්‍ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා පළකල අනාවැකියකුත් මේ දවස් වල කතාබහ වෙමින් පවති. 2019 සහ 2020 වසර වලදී සූර්‍ය ලප වැඩියෙන් ඇති වන කාලයක් බවත් එහි ප්‍රතිපලයක් ලෙස වෛරස් ආසාධන වැනි රෝගී තත්ත්වයන් උත්සන්න වනු ඇති බවත් ඔහු සදහන් කර ඇත.
කෙසේ හෝ සමහර අනාවැකි කරුවන්ගේ මතය අනුව අප මේ ගත කරන්නේ ලෝකයේ අදුරුම යුගයකි. කෙසේ හෝ එමගින් මිනිස් ජීවිත විශාල ප්‍රමානයක් විනාශ වනු ඇති බවත් ඉන් අනතුරුව ලෝකයට ඉතා හොද කාලයක් උදාවනු ඇති බවත් ඔවුන් පවසති. මෙම අනාවැකි කියන්නන් අතර මනසින් කාලතරණය කලායැයි පවසන පුද්ගලයන්ද සිටී. කෙසේ හෝ මෙම කාලය අවසන් වූ පසු නැවතත් හොද කාලයක් උදාවනු ඇත. නමුත් එතෙක් අප ජීවත් වේයැයි විශ්වාස නොමැත. තත්වය එතරම්ම බියකරුය. හොද කාලය එනතුරු අප ජීවත් වනවානම් එය පින මිස අනෙකුත් යමක් නොවන්නේය.
කෙසේ හෝ 20 මිනිසට නපුරු වුවද සොබාදමටනම් හොද කාලයක් උදාකර ඇති බව කියැවේ. ඒ කෙසේද යත් ලෝකයේ වායූ දූෂණය ඉතාමත්ම පහළ ගොස් ඇත. සිදුරු වූ ඕසෝන් වියනේ සිදුරු වැසී යමින් පවති. වායූ දූෂණයෙන් පිරී තිබූ චීනයේ සමහර නගර වල චෙරි මල් පිපි තිබුණි. මේ අතර ඇල මාර්ග වල ජලය ඉතා පැහැදිලි වී මසුන් එහෙ මෙහෙ යමින් තිබෙනු දකින්නට තිබුණි.
කෙසේ හෝ කොරෝනා යනු සොබාදහම විසින් මිනිසාට ලබා දුන් දඩුවමක් විය හැක. නමුත් ගැටළුව ඇත්තේ මිනිසා මෙය මගිනුත් පාඩමක් ඉගෙනගත්තාද යන සැකයයි.
👉අනෙකුත් විශ්මිත පුවත්...👌

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
20 ශාපය අසා තිබේද? 2020 ගොඩක් අපලයිද? | Your Choice Way 20 ශාපය අසා තිබේද? 2020 ගොඩක් අපලයිද? | Your Choice Way Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 12, 2020 Rating: 5

0 comments:

Post a Comment