දෙවන පාසල් වාරයේ ආරම්භය මැයි 11 දක්වා කල් යයි (වීඩියෝ) / කොරෝනා මර්දනයට කැපවෙන සියලු අංශ අගය කරමින් කොළඹ නෙළුම් කුළුණ ආලෝකවත් වෙයි (වීඩියෝ) : අනෙකුත් පුවත් | Your Choice Way

දෙවන පාසල් වාරයේ ආරම්භය මැයි 11 දක්වා කල් යයි (වීඩියෝ)
මෙම වසරේ දෙවන පාසල් වාරයේ ආරම්භය මැයි 11 වන සඳුදා සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

මීට පෙර තීරණය වී තිබුනේ දෙවන පාසල් වාරය මෙම මස 20 වන සඳුදා ආරම්භ කිරීමටයි.
කෙසේවෙතත් කොරෝනා වෛරසය පැතිර යාමත් සමග එය පාලනය කිරීමට රජය ගත් ක්‍රියාමාර්ග තවදුරටත් ඉදිරියට ගෙන යමින් පාසල් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙනුයි මෙලෙස පාසල් ආරම්භ කරන දිනය දීර්ඝ කිරීමට තීරණය වී ඇත්තේ.

පාසල් නොපැවැත්වෙන කාලය තුල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සිය අධ්‍යාපන කටයුතු සිදුකරගෙන යාම සඳහා දුරස්ථ පහසුකම් හැකි උපරිමයෙන් සැලසීමට රජය සැලසුම් කර තිබෙනවා.

විශ්ව විද්‍යාල ආරම්භ කරන දිනය වත්මන් තත්වය සමාලෝචනය කර විශ්වවිද්‍යාල බලධාරීන්ගේ සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ එකඟත්වය අනුව තීරණය කරන ලෙසටයි උසස් අධ්‍යාපන අමාත්‍යංශයට දැනුම්දී ඇත්තේ.





කොරෝනා මර්දනයට කැපවෙන සියලු අංශ අගය කරමින් කොළඹ නෙළුම් කුළුණ ආලෝකවත් වෙයි (වීඩියෝ)
කොරෝනා මර්දනය කිරීම වෙනුවෙන් කැපවී සිටින සියලු අංශ අගය කිරීමක් ලෙස කොළඹ නෙළුම් කුළුණ ආලෝකවත් කිරීම අද පස්වරුවේ සිදු කෙරුණා.

සෞඛ්‍ය, ත්‍රිවිධ හමුදා, පොලීසිය ඇතුලු සියලු අංශ අගය කරමිනුයි අද පස්වරු 6.45 ට මෙලෙස නෙළුම් කුළුණ විශේෂ තේමාවකින් ආලෝකවත් කිරීම සිදු කෙරුණේ.






ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 199ක් දක්වා ඉහළට
ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 199ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවත් වෛරස් ආසාදිතයෙකු හඳුනාගෙන ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය කියාසිටියේ.

දැනට රෝහල්වල පුද්ගලයන් 138ක් ප්‍රතිකාර ලබමින් සිටිනවා.

වෛරසය ආසාදනයෙන් පසු ප්‍රතිකාර ලබා පුද්ගලයන් 54 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් ඇති අතර වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 7ක්.

ලොව පුරා කොරෝනා ආසාදිතයින් දහ අට ලක්ෂයට ආසන්න වෙයි
ලොව රටවල් රැසක් පුරා පැතිර ගොස් ඇති කොරෝනා වසංගතය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 108,742ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

17 ලක්ෂ 77,892කට වෛරසය ආසාදනය වී ඇති අතර ඉන් සුවය ලැබූ සංඛ්‍යාව 376,327ක්.

ඇමරිකාව තුළ ඊයේ දිනයේ පමණක් මරණ 1,808ක් වාර්තා වී ඇති අතර, ඒ අනුව එරටින් මෙතෙක් වාර්තා වූ මුළු මරණ 20,555ක්.

එමෙන්ම, 531,943ක් මේ වන විට වෛරසය ආසාදනය වී තිබෙනවා.

ප්‍රංශයේ දිනක් තුළ මරණ 635ක් වාර්තා වන අතර, එරටින් වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 13,832ක්.

ආසාදිතයින් 129,654ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ස්පාඤ්ඤයේ දිනක් තුළ මරණ 525ක් වාර්තා වන අතර ඒ අනුව එහි සමස්ත මරණ සංඛ්‍යාව 16,606ක්.

එක්ලක්ෂ 63,027ක් ආසාදිතයින් එරටින් වාර්තා වනවා.

ගත වූ පැය 24 තුළ පමණක් ඉතාලියේ මරණ 619ක් වාර්තා වන අතර ඒ අනුව එරටින් වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 19,468ක්.

ආසාදිතයින් සංඛ්‍යාව එක්ලක්ෂ 52,271ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන්දියාවේ මරණ 288ක් වන අතර එරටින් වාර්තා වන මුළු ආසාදිතයන් සංඛ්‍යාව 8,446ක්.

කොළඹ පොල් වෙන්දේසිය පළමු වරට අන්තර්ජාලයෙන්
පොල් සංවර්ධන අධිකාරිය විසින් අන්තර්ජාලය හරහා පවත්වන ලද කොළඹ පොල් වෙන්දේසිය ප්‍රථම වරට පසුගිය 9දා පැවැත්විණ.

එහිදී පොල් 500,000 කට අධික ප්‍රමාණයක් රු. 38.20ක සාමාන්‍ය මිලකට අලෙවි වී ඇත. මෙම වෙන්දේසිය සාමාන්‍යයෙන් සෑම බ්‍රහස්පතින්දා දිනකම උදේ 10 ට කොළඹදී පැවැත්වෙන නමුත් වසර 26 කට පසු ප්‍රථම වතාවට එය අන්තර්ජාලය හරහා පවත්වනු ලැබුවේ ශ්‍රී ලංකාවේ COVID-19 පැතිරීම පාලනය කිරීම සඳහා වන සමාජ දුරස්ථ ක්‍රියාමාර්ග හේතුවෙන් ය.

සාමන්‍ය වෙන්දේසියකදී ගොවියාගේ මිල රු. 45 සිට රු. 50 දක්වා පැවතියත් මෙම අන්තර්ජාල වෙන්දේසියේදී පොල් ගෙඩියක සාමාන්‍ය මිල රු.35ත් - 40ත් අතර පැවතී ඇත.කෙසේ වෙතත් ගොවීන්ට තම ගොවිපල නඩත්තු කිරීමට එය ප්‍රමාණවත් බව පොල් සංවර්ධන අදිකාරිය පවසයි.

මේ අනුව විද්‍යුත් වෙන්දේසිය සාර්ථක වූ බවත්, සියලු දෙනා ක්‍රියාකාරීව සහභාගී වූ බවත්, වෙන්දේසිය පැය තුනක් වීඩියෝ සම්මන්ත්‍රණයක් හරහා පවත්වන ලද බවත් ඔවුන් සදහන් කරයි.

රටේ තත්ත්වය පාලනය වන තුරු මෙම වෙන්දේසිය අන්තර්ජාලය හරහා සිදුකරන අතර කර්මාන්තශාලා මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට ද පියවර ගනිමින් සිටින බවත් ඉදිරි සතියේ දී පොල් ආශ්‍රිත නිෂ්පාදන නිෂ්පාදනය නැවත ආරම්භ කරන බවත් පොල් සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සදහන් කරයි.
👉අනෙකුත් පුවත්...👌


View the original article here - 1 2
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
දෙවන පාසල් වාරයේ ආරම්භය මැයි 11 දක්වා කල් යයි (වීඩියෝ) / කොරෝනා මර්දනයට කැපවෙන සියලු අංශ අගය කරමින් කොළඹ නෙළුම් කුළුණ ආලෝකවත් වෙයි (වීඩියෝ) : අනෙකුත් පුවත් | Your Choice Way දෙවන පාසල් වාරයේ ආරම්භය මැයි 11 දක්වා කල් යයි (වීඩියෝ) / කොරෝනා මර්දනයට කැපවෙන සියලු අංශ අගය කරමින් කොළඹ නෙළුම් කුළුණ ආලෝකවත් වෙයි (වීඩියෝ) : අනෙකුත් පුවත් | Your Choice Way Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 12, 2020 Rating: 5

0 comments:

Post a Comment