රෝහලට පැමිණි එංගලන්ත රූ රැජිණ | Your Choice Way

ලස්සන කියන්නේ සාපේක්ෂ දෙයක් එත් කෙනෙක් හැමෝටම ලස්සනයි කියන්නේ එයා ගොඩක් විශේෂයි මේ කියන්නේ ලෝකේ ලස්සනම කෙනෙක් කල අපුරු කැපකිරීමක් ගැන, විසි පස් හැවිරිදි භාෂා මුකර්ජි එංගලන්ත රූ රැජිණ ලෙස 2019 වර්ෂයේ කිරුළු දැරූ සුරූපිනියයි. පසුගිය දෙසැම්බරයේ පැවති ලෝක රූ රැජිණ තරගයට එංගලන්තය නියෝජනය කරමින් සහභාගී වූ ඇය කනිෂ්ඨ වෛද්‍යවරියක ලෙස ගත කළ වෘත්තීය ජීවිතයට විවේකයක් ලබාදුන්නේ රූ රැජිණක් ලෙස සිදුකළ යුතු පුණ්‍ය කටයුතු වල යෙදීම වෙනුවෙනි නමුත් කොරෝනා වෛරස වසංගතය මධ්‍යයේ ඇය නියැළී සිටි විදෙස් පුණ්‍ය කටයුතුවලින් බැහැර වී වෛද්‍යවරියක ලෙස සිය වෘත්තීය සේවය ලබාදීම සඳහා නැවත එංගලන්තයට පැමිණ ඇති බව සී එන් එන් පුවත් වාර්තා කරයි.


එක්සත් රාජධානි‍යේ කොරෝනා වෛරස තත්ත්වය වඩාත් නරක අතට හැරෙද්දී, මුකර්ජි සිය පැරණි රෝහල වන නැගෙනහිර එංගලන්තයේ බොස්ටන්හි පිල්ග්‍රිම් රෝහල වෙත නැවත සේවයට පැමිණීමට අවශ්‍ය බව දැනුම් දී ඇත මට අප්‍රිකාවට, තුර්කියට පසුව ඉන්දියාවට, පාකිස්තානයට සහ තවත් ආසියානු රටවල් කිහිපයකට විවිධ පුණ්‍ය කටයුතු සඳහා තානාපතිවරියක් ලෙස කටයුතු කිරීමට ආරාධනා ලැබුණා. ලොව පුරා ජනයා කොරෝනා වෛරසයෙන් මිය යමින් සිටින අවස්ථාවක මාත් සමඟ සේවය කළ අනෙක් මිතුරන් වෙහෙස මහන්සි වී වැඩ කරමින් සිටියදී කිරුළක් දැරීම නිසා වෛද්‍යව රියක ලෙස සේවය නොකර සිටීමවැරදි යැයි මට හැඟුණා.

ඒ නිසා මට නැවත එංගලන්තයට පැමිණීමට අවශ්‍ය වුණා. මට අවශ්‍ය වූයේ කෙලින්ම වැඩට යාමටයි. යැයි ඇය සීඑන්එන් වෙත පැවසුවාය. කෙසේ නමුත් ඇයට සේවයට පැමිණීමට අවස්ථාව ලැබුණේ දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට ලක්වීමෙන් පසුව බව සී එන් එන් වෙබ් අඩවිය සඳහන් කරයි.

උපුටා ගැනීමකි.....
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
රෝහලට පැමිණි එංගලන්ත රූ රැජිණ | Your Choice Way රෝහලට පැමිණි එංගලන්ත රූ රැජිණ | Your Choice Way Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 09, 2020 Rating: 5

0 comments:

Post a Comment