Breakthrough (2019) Sinhala Samalochanaya - බයිස්කෝප් සිංහලෙන්

Image:amazon.com
මනුස්සයෙකුට හුස්ම නොගෙන සිටිය හැකි උපරිම කාලය කොපමණද ?
  • සාමාන්‍ය මනුස්සයෙකුට තත්පර 30 පමණත් හොදින් පුහුණු වූ කෙනෙකුට විනාඩි 2ක් පමණ කාලයක් දක්වාත් හුස්ම රඳවාගෙන සිටිය හැකි වෙනවා.

නුස්සයෙක් දියේ ගිලුනම ඔහුට සිද්ධ වෙන්නෙ මොකක්ද ?
  • මුලින්ම හුස්මගැනීමේදී, පෙනහලුවලට වතුර ගමන් කිරීම නිසා හුස්ම ගැනීමට නොහැකිවීමෙන් ශරීරයට අවශ්‍ය ඔක්සිජන් සැපයුම නතර වෙනවා.
  • ඉන්පස්සෙ ඒ හේතුවෙන් ඔහුට සිහිය නැතිවී යනවා.
  • පසුව පෙනහලුවලට සම්පූර්ණයෙන් වතුර පිරීම නිසා පෙනහලුවලට හානි වෙනවා.
  • රුධිරයේ අවශ්‍ය තරම් ඔක්සිජන් නොමති වීමෙන් මොලයට අවශ්‍ය ඔක්සිජන් සැපයුම අඩාලවී මොලයේ සෛල මිය යන්න පටන් ගන්නවා. මේ හේතුවෙන්ම අනෙකුත් අවයව වලටත් හානි වීමට පටන් ගන්නවා.
  • දියේ ගිලී මිනිත්තු 4-6ක් පමණ ගත වූවිට මොලයේ සෛල හානිවෙන්න පටන් ගන්නවා.
  • මෙසේ තවදුරටත් මොලයට අවශ්‍ය ඔක්සිජන් සැපයුම අඩාලවීම නිසා මොලයේ සෛල මිය යෑම නිසා මිනිත්තු 10ත් -12ත් අතර කාලයකට පසුව ඔහුගේ මරණය සිදුවෙනවා.
හරි, අපි හැරෙමු චිත්‍රපටිය දිහාවට.

සත්‍ය සිදුවීමක් පාදක කරගත් පැය 1යි මිනිත්තු 56ක් පුරා දිග හැරෙන Breakthrough [2019] චිත්‍රපටිය මුලින්ම තිරගත වෙන්න පටන් ගත්තෙ 2019 අප්‍රේල් 17 වෙනිදා ඇමරිකාවේදි . ඇමරිකානු ඩොලර් මිලියන 14ක් වියදම් කරල නිෂ්පාදනය කරලා, ආදායම විදියට ලොවපුරා ඇමරිකානු ඩොලර් මිලියන 50ක් හොයන්න සමත් උන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂනය කලේ Roxann Dawson විසින්. මේ චිත්‍රපටිය අද වනවිට IMDb දර්ශකයේ 6.1 ක අගයකුත් අගයකුත් අරගන්නට සමත්වෙලා තියනවා. මෙහි ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් Marcel Ruiz , Chrissy Metz , Josh Lucas , Topher Grace යන නලු නිලියන් දායක වෙනව. මෙයින් Topher Grace Spider-Man 3 (2007) චිත්‍රපටියෙත් Josh Lucas Ford v Ferrari (2019) , A Beautiful Mind (2001) යන චිත්‍රපටිවලත් රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම, මේ චිත්‍රපටියෙ එන “ I’m standing with you ” කියන ගීතය 2020 වසරේ Oscar සම්මාන උළෙලේදී Best Achievement in Music Written for Motion Pictures (Original Song) කාණ්ඩය යටතේ නිර්දේශ නාමයන් අතරට පවා සුදුසුකම් ලැබුවා.
John Smith කියන අවුරුදු 14ක් වන පිරිමි ළමයගෙ ජීවිත කතාව වටා මේ චිත්‍රපටිය ගෙතිල තියනවා. ඒ 2015 වසරේ ජනවාරි මාසයේ දිනයක්. John එයාගෙ හොඳම යාලුවො දෙන්නවන Josh සහ Rieger එක්ක St. Louis විලට යන්නෙ හිම ක්‍රීඩා කරන්න කියල හිතාගෙන. ඒත් නොසිතුව මොහොතක මේ තුන්දෙනා දරුණු අනතුරකට මුහුණ පානවා. වාසනාවකට යාලුවන් දෙදෙනා බේරුණත් John ඉදිරියේ ඇත්තෙ ජීවිතයත් මරණයත් අතර සටනක්. මෙතනින් එහාට සිද්ධවෙනදේ මම නොකියා ඉන්නම්. ඒක චිත්‍රපටිය නරඹන ඔයාලටම බාර කරනවා.

ඇත්තටම ජීවිතය ගැන, යහලුවන් ගැන, දුක වේදනාව ගැන, අම්මගෙ තාත්තගෙ සමහරවිටක අපට නොපෙනුන ආදරය ගැන බොහොම ලස්සනට මේ හදවත සංවේදී කරවන චිත්‍රපටියෙන් පෙන්නල දෙනවා. සමහර විටක කෙනෙක්ගේ වටිනාකම අපිට වැඩියෙන්ම දැනෙන්නෙ එයාට නැවත අපි අතරට එන්නවෙන්නෙ නැතිබව හිතට දැනුනම වෙන්න පුලුවන්.

එහෙනම් නැවත ඔයාලව මුණ ගැහෙන බලාපොරොත්තුවෙන් මම සමු ගන්නවා. අවසාන වශයෙන් මතක් කරන්න ඕනෙ කොරෝනා වෛරසය සීග්‍රයෙන් පැතිරෙමින් තියන මේ දවස් ටිකේ ගෙදර අයත් එක්ක පුලුවන් තරම් ගෙදරටම වෙලා ඉන්න කියන එකත්.


Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Breakthrough (2019) Sinhala Samalochanaya - බයිස්කෝප් සිංහලෙන් Breakthrough (2019) Sinhala Samalochanaya - බයිස්කෝප් සිංහලෙන් Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 09, 2020 Rating: 5

0 comments:

Post a Comment