පෘථිවියට වෙන්න යනදේ මෙන්න

ලෝක ඉතිහාසයේ මහා වඳ වීම් 5ක් දැනට සිදු වෙලා තිබෙනවා.එයින් සමහර ඒවා ගැන ඔබ අහලත් ඇති.ඩයිනෝසරයන් මිහිපිටින් වඳ වී ගියේ ඒ එක් වඳ වීමකින්.විශේෂඥයන් පවසන ආකාරයට 6වන වඳ වීම දැනටමත් ආරම්භ වෙලයි තියෙන්නේ. කලින් සිදු වූ වඳ වීම් සියල්ලගෙන්ම මේ 6වන වඳ වීම වෙනස් වෙනවා. එසේ වෙනස් වීමට හේතුව තමයි මේකට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ මිනිසුන් සහ මිනිස් ක්‍රියාකාරකම්.
මේ නිසා දවසින් දවස සතුන් සහ පක්ෂී විශේෂ සිය ගණනක් මේ පොළවෙන් තුරන් වෙලා යනවා. ජාතික විද්‍යා ඇකඩමියට අනූව 1970 සිට 2012 දක්වා කාලය වන විට ගෝලීය සත්ව විශේෂ, 58%කින් අවම වී තිබෙනවා. ඔබට සිතාගත හැකියි ද? දැනටමත් අපේ සත්ව ප්‍රජාවෙන් අර්ධයකටත් වඩා අපට අහිමි වෙලා. විශේෂඥයන්ට අනූව පසුගිය වසර මිලියන 66ටම මෙතරම් වේගයෙන් වඳ වීමක් සිදු වී නැහැ. අවසන් වරට සිදු වූ මහා වඳ වීම හදුන්වන්නේ “Cretaceous -Tertiary mass extinction” යනුවෙන්. ඊට පෙර තවත් වඳ වීම් 4ක් සිදුවෙලා තිබෙනවා. ඒ,
  • Triassic-Jurassic extinction
  • Great dying extinction
  • Late devonian extinction සහ
  • Ordovician- Silurian Extinction විදිහටයි.
මේ සියලුම වඳ වීම් වලට හේතු වුනේ ස්වභාවික හේතු. දැනට සිදු වෙමින් පවතින මහා වඳ වීමට පමණයි මිනිසුන් කියන එකම එක තනි ජීවීන් කොට්ඨාසය හේතු වෙලා තියෙන්නේ.දැනට සොයාගෙන ඇති පරිදි වසරකට සත්ව විශේෂ 3% බැගින් මිහිමතින් ඉවත් වෙනවා. 2026 වන විට එය 100%ක් වීමට නියමිතයි.මිනිසා පමණක් ඉතිරි වී අනිත් සියලුම සතුන් මිහිමතින් ඉවත් වී ගියොත් එතැන් සිට මිනිසාට නිර්මාංශ වීමට සිදු වෙනවා.

මේ වඳ වීමට ප්‍රධාන හෙතුවක් ලෙස සත්ව ගොවිපළවල් හඳුන්වන්න පුලුවන්. විශාල භූමි ප්‍රමාණයක සිදුකෙරෙන මේ ගොවිපළවල් නිසා වනාන්තර විනාශ වීම විශාල වශයෙන් සිදුවෙනවා වගේම මේ ගොවිපළවල් වලින් හරිතාගාර ආචරණයට හේතු වෙන වායු බොහොමයක් නිපදවා පරිසරයට මුදා හැරෙනවා. මේ නිසා ගෝලීය උෂ්ණත්වය බොහෝ සෙයින් ඉහල යනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ධ්‍රැව ප්‍රදේශ වල අයිස් වැස්ම දිය වීමත් සාගර ජල මට්ටම ඉහළ යාමත් සිදු වෙනවා.

ඒ වගේම මිනිසුන්ගේ පරිභෝජනය සදහා වසරකට සාගර ජීවීන් ට්‍රිලියන 2.7ක් පමණ මරා දැ⁣⁣මෙනවා. මේ හේතුව සහ සාගර ජලයේ උෂ්ණත්වය ඉහළ යාම නිසා 2048 පමණ වන විට සාගර මත්ස්‍ය සම්පත අපට සිතාගත නොහැකි තරම් අඩු වීමට නියමිතයි. ලිවින්ග් ප්ලැනට් දර්ශකයට (living planet index) අනූව 2020,එනම් අපි මේ ජීවත් වන වසර වන විටත්, ජීවීන්ගෙන් 2/3ක් වද වී ගිහින් තිබෙන හැටි බලාගන්න පුලුවන්.

මේ සියලුම දේවල් වල අවසානය,උපරිමය තව වසර 5ක් 6ක් වැනි කාලයක් ඇතුලත, අපේ ජීවිත කාලය තුලදීම අපට බලාගන්න පුලුවන්. මේ සියලු තොරතුරු සත්‍ය ඒවා. අනික මේ බොහෝ දේ අපේ ඇස් පනාපිට දැනටම සිදු වෙමින් පවතින දේවල්. මීළඟ මහා වද වීමට වගකියන ජීවියෙක් විදිහට ඔබට කළ හැක්කේ මොනවාද ? පරිසරයට ආදරය නොකරනවා නම්,එය රැක බලාගන්නේ නැති නම් සොබාදහමත් අපිව ප්‍රතික්ෂේප කරනවා. අපට දඬුවමක් ලබා දෙනවා.ඒ නිසා කළ යුත්තේ තවත් පමා නොවී හැකි තරම් සොබාදහමට හානිකරන දේවල් කිරීමෙන් වැළකී සිටීමයි.

උපුටා ගැනීමකි....
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පෘථිවියට වෙන්න යනදේ මෙන්න පෘථිවියට වෙන්න යනදේ මෙන්න Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 01, 2020 Rating: 5

0 comments:

Post a Comment