මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 142ක් දක්වා ඉහළට / අලුතින් හඳුනාගත් කොරෝනා ආසාදිතයන් 10 ගැන තොරතුරු එළියට / කොරෝනා රෝගයට එක්වූ අලුත්ම ලක්ෂණය / ලොව පුරා ආසාදිතයන් ලක්ෂඅට ඉක්මවයි / තත්වය භයානකයි - පුත්තලමෙන් හමුවූ කොරෝනා ආසාදිතයින්ට මූලික රෝග ලක්ෂණවත් පෙන්වා නැහැ / කොස් ගෙඩියක් කඩා ගන්න ගිය පුද්ගලයෙකුට කැත්තකින් කෙටුවේ ඇයි...? සමාජ ජාලා කැළඹූ වීඩියෝවේ ඇත්ත කතාව හෙළිවෙයි

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 142ක් දක්වා ඉහළට
ශ්‍රී ලංකාවෙන් කොරෝනා වෛරසය ආසාදිත තවත් රෝගීන් 10 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරටින් හමුවූ කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 142ක් දක්වා ඉහළයන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ.
අලුතින් හඳුනාගත් කොරෝනා ආසාදිතයන් 10 ගැන තොරතුරු එළියට
පුත්තලමෙන් හමුවූ කොරෝනා අසාදිතයා සමඟ ඉන්දුනීසියාවේ සංචාරය කළ තවත් 5 දෙනෙකු සහ ඔවුන්ගේ ඥාතීන්, අලුතින් සොයාගත් ආසාදිතයන් 10 දෙනා අතර සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා.

මෙරටින් හඳුනාගත් කොවිඩ් 19 ආසාදනය වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව අද 142 දක්වා ඉහළ ගියා.

ඒ, වෛරසය ආසාදිත තවත් පුද්ගලයින් 20 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

මේ අතර, වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් තුන්දෙනෙකු අද පූර්ණ සුවය ලබා පිටව ගිය අතර, මේ වනවිට පූර්ණ සුවය ලැබූ පිරිස 16 ක්.

මේ අතර, වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ වාර්තාවට අනුව තවමත් වැඩිම කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට සැකපිට වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල දැනට ප්‍රතිකාර ලබන පිරිස 173 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආසාදිතයෙකු හමුවීම හේතුවෙන් බාහිර සබඳතාවලින් හුදෙකලා කර තැබීමට සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ කටයුතු කළ මහනුවර, අකුරණ ගම්මානයේ ආරක්ෂාව තවදුරටත් තර කර තිබෙනවා.

කොරෝනා රෝගයට එක්වූ අලුත්ම ලක්ෂණය

කොවිඩ් - 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වන්නන්ගෙන් සියයට 30 ක් පමණ ස්නායු රෝග සංකූලතාවන්ට ලක්වන බව පෙනී ගොස් තිබෙනවා.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් විද්‍යාත්මක පත්‍රිකාවක් ගොනුකරන ලෙස ලෝක ස්නායු රෝග සංවිධානය ඇරයුම් කර ඇත්තේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි වෙස්ටන් මහ රෝහලේ ස්නායු රෝග ඒකකයේ අංශ ප්‍රධානියා ලෙස සේවය කරන ශ්‍රී ලාංකික වෛද්‍ය මහාචාර්ය තිස්ස විජේරත්නටයි.

ඔහු ලෝක ස්නායු රෝග සංවිධානයේ මහජන අවබෝධය පිළිබඳ ලෝක කමිටුවේ සභාපතිවරයාද වනවා.

ඕස්ට්‍රේලියාවේ සිට හිරු ප්‍රවෘත්ති අංශය සමඟ දුරකථන සංවාදයක නිරතවෙමින් ඔහු කියා සිටියේ ගඳ සුවඳ නොදැනීම කොරෝනා රෝගයේ මූලික රෝග ලක්ෂණ අතරට ඇතුළත් වන බවට මේ වනවිට හඳුනාගෙන ඇති බවයි.

ඉතාලි වෛද්‍ය විශේෂඥයින්ගේ තොරතුරුවලට අනුව මෙම රෝග ලක්ෂණ හඳුනාගෙන ඇති අතර, තමන් විසින් සකස් කරන විද්‍යාත්මක පත්‍රිකාවට මෙම කරුණු ඇතුළත් කරන බව මහාචාර්ය තිස්ස විජේරත්න ප්‍රකාශ කළා.



ලොව පුරා ආසාදිතයන් ලක්ෂඅට ඉක්මවයි
ලොව පුරා කොරෝනා ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව මේ වනවිට අටලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා.

වෛරසයෙන් ජීවිතක්ෂයට පත්වූවන්ගේ සංඛ්‍යාව 38,769 ක්.

වැඩිම මරණ සංඛ්‍යාවක් ඉතාලියෙන් වාර්තාවන අතර, එම සංඛ්‍යාව 11,591 ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ස්පාඤාඤයෙන් මරණ 8,189 ක් වාර්තා වනවා.

මේ අතර සෞඛ්‍ය උපකරණවල හිඟය හේතුවෙන් අසල්වැසි ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර ලබාදෙන වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල වැහි කබා සහ හෙල්මට් පැළඳ සේවයේ නිරතවන බව වාර්තාවනවා.

මියන්මාරයේ ප්‍රථම කොවිඞ් නයින්ටීන් මරණය අද වාර්තා වුණා.

මේ අතර, ඇමරිකානු මෝටර් රථ නිෂ්පාදන සමාගම් කොවිඩ් නයින්ටීන් ආසාදිතයන්ට කෘත්‍රිම ශ්වසනය ලබාදීමේ වෙන්ටිලේටර් උපකරණ නිපදවීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

ජනපති ට්‍රම්ප් කළ ඉල්ලීමකට අනුව ෆෝඞ් මෝටර් රථ සමාගම එවැනි කෘත්‍රිම ශ්වසන උපකරණ 50,000ක් ඉදිරි දින 100 තුළ නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති අතර, ජෙනරල් ඉලෙටි‍්‍රක් සමාගම එවැනි උපකරණ 30,000ක් නිෂ්පාදනය කිරීමට අපේක්ෂිතයි.

මේ අතර ආසියා පැසිෆික් කලාපයේ කොරෝනා වෛරස් ගෝලීය වසංගතයේ ව්‍යාප්තිය අවසන් වී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා.


තත්වය භයානකයි - පුත්තලමෙන් හමුවූ කොරෝනා ආසාදිතයින්ට මූලික රෝග ලක්ෂණවත් පෙන්වා නැහැ
කෝවිඩ් - 19 වෛරසය වැළදී ඇති බවට ඊයේ (31) සවස් කාලයේදී තහවුරු වූ පුද්ගලයින් 10 දෙනා පුත්තලම ප්‍රදේශයෙන් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.

මෙම පුද්ගලයින් 10 දෙනා වෛද්‍ය පරීක්ෂණයේදී කොරෝනා ආසාධිතයින් බවට තහවුරු කර ගනු ලැබුවත් මේ දක්වා ඔවුන්ට කොරෝනා වෛරසය හා සම්බන්ධ කිසිදු මුලික රෝග ලක්ෂණයක් පෙන්නුම් කර නොතිබීම විශේෂත්වයක් බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ වැඩිදුරටත් සඳහන් කර සිටියි.

කොස් ගෙඩියක් කඩා ගන්න ගිය පුද්ගලයෙකුට කැත්තකින් කෙටුවේ ඇයි...? සමාජ ජාලා කැළඹූ වීඩියෝවේ ඇත්ත කතාව හෙළිවෙයි
පසුගියදා එක්තරා පුද්ගලයෙකු කුසගින්නට කොස් ගෙඩියක් කඩා ගැනීම සඳහා ඉඩමකට ගිය ආස්ථාවේදී එම ඉඩමේ හිමිකරු විසින් අදාල පුද්ගලයාට කැත්තකින් පහරදුන් වීඩියෝවක් සමාජ මාධ්‍ය හරාහා බොහෝ දෙනාගේ අවධානයට ලක්වුනා. පසුගිය 29 වැනිදා වාර්තාවුන සිදුවීමෙන් අනතුරුව සිදුකළ පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබුනේ මෙවැනි තොරතුරක්.

එකම ඉඩමේ පදිංචිව සිටි සහෝදරයින් දෙදෙනකු අතර කලක සිට එම ඉඩමේ අයිතිය පිළිබඳ ආරවුලක් තිබී තිබෙනවා. ඒ අනුව එම ආරවුල දුරදිග ගිය අවස්ථා කීපයකදීම තිහගොඩ පොලිසියට ඒ සම්බන්ධයෙන් පැමිණිළ කර ඇති අතර, සිදුකළ පැමිණිලි මත පරීක්ෂණ පවත්වා අවවාද කොට නඩු මගින් ඉඩම බෙදා ගන්නා ලෙස ද උපදෙස්දී තිබෙනවා.

කෙසේ නමුත් කොතෙකුත් උපදෙස් දුන්න ද ආරවුලේ කෙළවරක් වී නොමැති අතර ඒ අනුව සැකකරුවන්ගේ ඇඟ බැඳීම සඳහා අධිකරණයේ නඩුවක් ගොණුකිරීමට පොලිසිය සැලසුම් කරමින් සිට තිබෙනවා.

ඒ අතරතුර හදිසියේ ඇතිවූ කොරෝනා වෛරසයේ ප්‍රශ්නයත් සමග අතරමග නැවතී තිබුණු මෙම ආරවුල නැවතත් හටගෙන තිබුනේ එම සහෝදරයින් දෙදෙනාගෙන් වැඩිමහල් සහෝදරයා කොස් ගෙඩියක් කඩා ගැනීම සඳහා ගිය අවස්ථාවේදීයි.

එම ඉඩමේ පදිංචි සහෝදරයින් දෙදෙනාගෙන් පහරදීම සිදුකර ඇති සැකකාර මල්ලීට ඉඩමට අදාළව ඔප්පුවක් තිබුණද අයියාට  දීර්ඝ කාලීන පදිංචියට අදාළ උරුමයක් පමණක් ඇති බවයි පොලිසිය ප්‍රකාශ කර තිබුණේ.

කෙසේ වෙතත් පහරදීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ල මත පහරදීම සිදුකළ සැකකරු තිහගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර ඇති බවයි වාර්තා වුනේ.


View the original article here - 1 2
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 142ක් දක්වා ඉහළට / අලුතින් හඳුනාගත් කොරෝනා ආසාදිතයන් 10 ගැන තොරතුරු එළියට / කොරෝනා රෝගයට එක්වූ අලුත්ම ලක්ෂණය / ලොව පුරා ආසාදිතයන් ලක්ෂඅට ඉක්මවයි / තත්වය භයානකයි - පුත්තලමෙන් හමුවූ කොරෝනා ආසාදිතයින්ට මූලික රෝග ලක්ෂණවත් පෙන්වා නැහැ / කොස් ගෙඩියක් කඩා ගන්න ගිය පුද්ගලයෙකුට කැත්තකින් කෙටුවේ ඇයි...? සමාජ ජාලා කැළඹූ වීඩියෝවේ ඇත්ත කතාව හෙළිවෙයි මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 142ක් දක්වා ඉහළට / අලුතින් හඳුනාගත් කොරෝනා ආසාදිතයන් 10 ගැන තොරතුරු එළියට / කොරෝනා රෝගයට එක්වූ අලුත්ම ලක්ෂණය / ලොව පුරා ආසාදිතයන් ලක්ෂඅට ඉක්මවයි / තත්වය භයානකයි - පුත්තලමෙන් හමුවූ කොරෝනා ආසාදිතයින්ට මූලික රෝග ලක්ෂණවත් පෙන්වා නැහැ / කොස් ගෙඩියක් කඩා ගන්න ගිය පුද්ගලයෙකුට කැත්තකින් කෙටුවේ ඇයි...? සමාජ ජාලා කැළඹූ වීඩියෝවේ ඇත්ත කතාව හෙළිවෙයි Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 01, 2020 Rating: 5

0 comments:

Post a Comment