Lagna Palapala 2020-04-06| ලග්න පලාපල | රාහු කාලය | Rahu Kalaya 2020

අද දවස ඔබට

2020 අප්‍රේල් මස 06 වන සඳුදා
ඉර උදාව  - පෙරවරු 06.06 ට
ඉර බැසීම - පස්වරු 18.19 ට

රාහු කාලය
දිවා 07.36 සිට 09.05 දක්වා
රාත්‍රී 19.36 සිට 21.05 දක්වා

සුභ දිශාව            - නැගෙනහිර
මරු සිටින දිශාව - වයඹ
මේෂ
හිතේ එඩිතර බවක් ආත්ම විශ්වාසයක් ඇතිව අරඹන ලද දිනය ඔබට බොහෝ සෙයින් යහපත් වේ. ශරීර සෞඛ්‍ය හොඳින් පවත්වාගෙන යෑමට හැකිය. රැකියා කටයුතුවල දියුණුවක් පෙන්වයි. අධ්‍යාපන කටයුතුවල නිරත වන්නට තරග විභාග ආදියෙන් ජය ලැබෙන දිනයකි. ඔබ රැකියාවේ උසස්වීමක් බලාපොරොත්තුවෙන් සිටි අයකු නම් නොවරදවාම එම උසස් වීම අද දිනයේ ලැබෙනු ඇත. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09,    නෙළුම් මලක් පූජා කරන්න.

වෘෂභ
අද දිනය මිශ්‍ර ඵලදායී දිනයකි. වැඩ කටයුතු අධික වේ. ඇසේ ආබාධ ගෙන දිය හැකිය. රැකී රක්ෂාවලට සුභ දිනයකි. මානසික පීඩා ගෙන දෙන දිනයකි. තම කතාව නිසා ලාභ ලැබිය හැකිය. මවගේ හෝ පියාගෙන් අද දිනයේ ඔබට උදවු ලැබීමක් පෙන්වයි. පවුල් ජීවිතය සාමකාමීයි. තැන්පත් ධනය වර්ධනය කර ගැනීමට අද දිනයේ ඔබට අවස්ථාව හිමිවනු ඇත. හදිසි අනතුරු ආබාධ ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,    ඊශ්වර දෙවිඳුට සෙත් පතන්න.

මිථුන
අද දිනයේ ඔබට මුදල් ලාභ ලැබෙන, ඥාති මිත්‍රාදීන් සමඟ ප්‍රීතියෙන් කල් ගෙවීමට හැකි දිනයකි. ව්‍යාපාර කටයුතු සාර්ථක වන දිනයකි. තරග විභාග ආදියෙන් ජයග්‍රහණ පෙන්වයි. කලක් පැවති අසනීප තත්ත්වයක් සුව අතට හැරේ. තම අලංකාරය වෙනුවෙන් මුදල් වැය කෙරේ. අධ්‍යාපන කටයුතුවල නිරත දූ දරුවන්ට අද දිනය සුබදායකය. ණය මුදලක් ආපසු ලැබීමක් පෙන්නුම් කරයි. ලැබීමට තිබූ ණය අවස්ථාව ඇත. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.

කටක
වැඩිහිටියන්ගේ උදවු උපකාර ලැබෙන දිනයකි. යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පෙන්නුම් කරයි. අන් අය සමඟ කරන කටයුතුවල දී තරමක් කල්පනාකාරී වන්න. උසස් නිලධාරීන්ගේ සහාය ලැබෙන දිනයකි. ගේ දොර අලංකරණය වෙනුවෙන් වැඩි කාලයක් කැප කරයි. පවුලේ කෙනෙකුගේ සතුටුදායක ආරංචියක් ලැබීමට පුළුවන. අධ්‍යාපන  කටයුතු කෙරෙහි වෙනදාට වඩා වැඩි උනන්දුවක් පෙන්වයි. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,  විළඳ පූජා කරන්න.

සිංහ
දුර ගමනක් හෝ වන්දනා ගමනක් යන්නට අවස්ථාවක් සැලසේ. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල ලැබේ. යහපත් පුද්ගලයන් ඇසුරට ලැබෙ‍යි. ආගමික කටයුතුවලට සම්බන්ධව වැඩ කටයුතු කරන දිනයකි. සුවබර නින්ද අද දිනයේ මඳක් ඈතට යයි. රසවත් ආහාරපාන රස විඳීමට හැකිවනු ඇත. ඔබ නොසිතන අන්දමට වැය පාර්ශවය ඉහළ යනු ඇත. උදරාබාධවලට ලක්විය හැකිය. ජය වර්ණය - රතු,  ජය අංක - 01,   නෙළුම් මලක් පූජා කරන්න.

කන්‍යා 
රැකියා ස්ථානයේ තරමක් කරදර බාධක ගෙන දෙන දිනයකි. පියාගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසීමට සිදු වේ. මංගල්‍ය උත්සවයකට සහභාගී වීමට සිදු වේ. රැකියා උසස්වීම ආදිය පෙන්වයි. සහෝදර සහෝදරියන් අතර මතභේදකාරී තත්ත්වයක් ඇති වේ. ජලය ආශ්‍රිත කටයුතුවල නිතර අය කල්පනාකාරරී විය යුතුය. තමා භාරගත් ක්‍රියාවක් අවසන් කිරීමට අද දිනයේ ඔබට හැකියාව ලැබේ. ජය වර්ණය - කොළ,   ජය අංකය -05,   ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.

තුලා
විවාහ ජීවිතයේ සතුට සමාදානය නොඅඩුව ලැබෙන අද දිනය තුළ සමාජීය කටයුතුවල නිරතවන ඔබ මනා එඩිතර තත්ත්වයකින් කටයුතු කරන බවක් පෙන්නුම් කරයි. නමුත් තීරණ ගැනීමේ දී දෙවරක් කල්පනාකාරීවන්න. රූපලාවණ්‍ය කටයුතු කෙරෙහි අද දිනයේ වැඩි උනන්දුවක් දක්වයි. අධ්‍යාපන කටයුතුවල නිරත අයට මතක ශක්තිය වර්ධනය කරන දිනයකි. ප්‍රේම සබඳතාවලට සුබදායකය. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,   ඊශ්වර දෙවිඳුට  සෙත් පතන්න.

වෘශ්චික
ගේ දොර අලුත්වැඩියා කටයුත්තක් සඳහා කාලය වැය කරයි. නඩු හබවලින් ජය ලැබෙයි. දරුවන් වෙනුවෙන් මුදල් වැය කෙරේ. මැණික් කර්මාන්තයේ යෙදී සිටින අයෙක් නම් ඔබ භූමියේ සම්පත්වලින් වඩාත් ඵල ප්‍රයෝජන ගත හැකි දිනයකි. මවුපස ඥාතියෙකුගේ උදවු උපකාර ලැබෙන දිනයකි. කෙටි ගමන් බිමන් යෙදෙයි. යහපත් පුද්ගල ඇසුරක් ලැබෙයි. දණහිස් ආබාධ ආදිය මතුකර විය හැකිය. පංච වර්ණ මල් පූජා කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය -09,  

ධනු
අද දිනය ඔබට වඩාත් තීරණාත්මක දිනයක් වනු ඇත. ප්‍රේම සබඳතා ආදියට මවුපියන්ගේ අවසරය ලැබෙයි. සහෝදර සහෝදරියන් අතර හොඳ හිත දියුණු වේ. ශරීර සෞඛ්‍ය මෙන්ම ගමන් බිමන්වල දී වඩාත් කල්පනාකාරීව කටයුතු කළ යුතු දිනයකි. ලොතරැයි දිනුම්, හදිසි ධන ලාභ ලැබිය හැකි දිනයක් වේ. ආගමට දහමට ළැදිව කටයුතු කරයි. විදේශ ගමන් ආදිය බලාපොරොත්තු වන අයට සුබදායක දිනයකි. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03,   ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.

මකර
ආදායම් මාර්ගවලින් නොසිතූ වාසි රැසක් සිදු වේ. ගෘහ ජීවිතයේ කටයුතු මනා පාලනයකින් සිදු කරන තත්ත්වයක් පෙන්නුම් කරයි. අලුත් දේ මිල දී ගැනීමේ ආශාවක් මෙන්ම හැකියාවක් ද ඇති කරයි. බලාපොරොත්තු ඉටු වන දිනයකි. රැකියා කටයුතුවල අන්‍යයන් සමඟ සහයෝගයෙන් කටයුතු කර හොඳ නම රැක ගැනීමට හැකි වේ. ආහාරපාන ගැනීමේ දී තරමක් කල්පනාකාරී විය යුතු අතර ආහාර විස වීම් වැනි අසුබතා පවතී. ජය වර්ණය - නිල්, ජය අංකය -08,   විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.

කුම්භ
අලුත් බලාපොරොත්තුවක් සහිතව ආරම්භ කරන අද දිනය තුළ යහපත් ගති පැවතුම් හා ශක්තිය මතු කරන කටයුතුවලින් සුබදායි ප්‍රතිඵලයක් ලබා ගැනීමට පුළුවන. මෙතෙක් පැවැති මානසික අසහනයට හේතුවන කරුණු අද දිනය තුළ ඔබට භුක්ති විඳීමට පුළුවන. තරමක් වැඩ කටයුතු අධික දිනයකි. අධ්‍යාපන කටයුතුවල නිරත දූ දරුවන්ට අද දිනය සුබදායකය. විදේශ ගමන් සාර්ථක වේ. ජය වර්ණය - නිල්, ජය අංකය - 06,   විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.

මීන 
අද දිනයේ ඔබ තරමක් ඉවසීමෙන් වැඩ කටයුතු කළ යුතු දිනයකි. ලියකියවිලිවලට අත්සන් තැබීමේ දී තරමක් බුද්ධිමත්ව කටයුතු කළ යුතු වේ. මවගෙන් ලාභ ලැබීමක් පෙන්නුම් කරයි. දූ දරුවන්ගේ වැඩ කටයුතුවල දී තරමක් වෙහෙස මහන්සි වීමට සිදුවන දිනයකි. වාහන ඉඩකඩම් මිල දී ගැනීමක් පෙන්නුම් කරයි. සහෝදර සහෝදරියන් අත‍ර මතභේද තත්ත්වයන් වර්ධනය විය හැකිය. අයහපත් මිතුරු ඇසුර අද දිනයේ ඔබ පීඩාවට පත් කරයි. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,  ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Lagna Palapala 2020-04-06| ලග්න පලාපල | රාහු කාලය | Rahu Kalaya 2020 Lagna Palapala 2020-04-06| ලග්න පලාපල | රාහු කාලය | Rahu Kalaya 2020 Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 06, 2020 Rating: 5

0 comments:

Post a Comment