Jarhead: Law of Return (2019) Sinhala Samalochanaya - බයිස්කෝප් සිංහලෙන්

IMAGE:amazon.com
චිත්‍රපටය පැත්තෙන් කියනවා නම් හමුදා වචන ගොඩයි. අද අරන් එන චිත්‍රපටයෙ නම Jarhead: Law of Return. නිකුත් වෙන්නේ 2019 වසරේ. මං විශ්වාස කරනවා මේක මං බලපු හොඳම හමුදා කතා වලින් එකක් කියල. කතාව ඒ තරම්ම සංවේදී විදිහට නිර්මාණය කරලා තියෙනවා. හැබැයි මේක Jarhead කතා මාලාවේ සිව්වෙනි කොටස. මිට කලින් Jarhead (2005), Jarhead 2: Field of Fire (2014), Jarhead 3: The Siege (2016) කියන චිත්‍රපට නිකුත් උනා. නමුත් ඒවා නොබලා මේ කතාව බැලුව කියල නම් කතා මාලාවේ අතරමං වීමක් වෙන්නේ නෑ. ඒක මට සහතික කරන්න පුළුවන්.

කතාව කියනවට වඩා බලන එක ඇත්තටම හොඳයි. නමුත් සම්ප්‍රදායෙන් පිට නොයා සරල අදහසක් දෙන්නම්. රෝනන් ජැක්සන් (Devon Sawa) කියන්නේ ඇමෙරිකානු ගුවන් හමුදා භටයෙක්. එයාගෙ තාත්තා සෙනෙටර් ජැක්සන් (Robert Patrick) ඇමෙරිකානු ජාතිකයෙක් උනාට අම්මා යුදෙව් ජාතියට (ඊශ්‍රායිලයට) අයිති කෙනෙක්. 

ඒක නිසා රෝනන් ට ද්විත්ව පුරවැසි භාවය ලැබෙනවා.රෝනන් එයාගෙ යාළුවෙක් එක්ක මෙහෙයුමකට ගිහින් සිරියානු කඳවුරකට ගුවන් ප්‍රහාරයක් එල්ල කරනවා. විනාඩියක් යන්න කලින් එයාල දෙන්න ඉන්න යානයට පොළවෙන් මතු උන මිසයිලයක් ඇවිත් වදිනවා. බේරෙන්නේ රෝනන් විතරයි. හැබැයි එයාට ආපහු ගෙදර යන්න ලේසි වෙන්නේ නෑ. මොකද මිසයිලය එවපු අල්ශබාහ් කියන දරුණු සිරියානු ත්‍රස්තවාදියා රෝනන් ව අල්ලාගෙන සෑහෙන්න වද දෙනවා.

රෝනන්ට ද්විත්ව පුරවැසි භාවය තියෙන නිසා එයාව බේරගන්න ඇමෙරිකානු නාවික භට කණ්ඩායමක් වගේම ඊශ්‍රායිලයට අයත් ශල්ඩග් කියන හමුදා කණ්ඩායමත් එකට එක්ව මෙහෙයුමක් දියත් කරනවා. රෝනන් කතාවට මුල් උන චරිතය උනත් කතා නායකයා වෙන්නේ ඇමෙරිකානු නාවික භට කණ්ඩායමේ නායක සාජන්ට් ඩේව් ටෝරස් (Amaury Nolasco).

මෙතනින් එහාට කතාව කියන එකේ තේරුමක් නෑ. ඔයාලම බලන්නකෝ. චිත්‍රපටයෙ IMDb අගය 6.7 ක් වෙනවා. අධ්‍යක්‍ෂණය කලේ Don Michael Paul. චිත්‍රපටය මුල හරියේ පොඩි නිරුවත් දර්ශනයක් තියෙනවා. මේ දවස් වල හැමෝම වගේ ගෙදර ඉන්න නිසා පොඩි ඈයෝ මේක බලනවා නම් ඒ ටික ගුටි නොකා බලන්න කියලත් කියන්න කැමතියි. කතාවක් විදිහට නම් සෑහෙන්න වෙනස් අවසානයක් දකින්න පුළුවන්. හැමදාම වීරයෝ විතරක් දිනන්නේ නෑ කියල ඔයාලට තේරුම් යයි. එහෙනම් පොඩි රෙස්ට් එකක් අරන් Bombshell (2019) අරගෙන එන්නම්. කට්ටිය ලෙඩ නොවී, වගකීමෙන් සහ පරිස්සමින් ඉන්න. ඒක රට වෙනුවෙන් කරන ලොකු උදව්වක්.



  
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Jarhead: Law of Return (2019) Sinhala Samalochanaya - බයිස්කෝප් සිංහලෙන් Jarhead: Law of Return (2019) Sinhala Samalochanaya - බයිස්කෝප් සිංහලෙන් Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 05, 2020 Rating: 5

0 comments:

Post a Comment