පාස්කු බෝම්බය හේතුවෙන් මරණය අබියසටම ගොස් නැවත ජීවන වරම් ලැබූ ස්නේහා ගේ කතාව (වීඩියෝ)

පාස්කු බෝම්බය බොහෝ පිරිසකගෙ ජීවිත හිත් පිත් නැති විදිහට පැහැර ගනිද්දී, තවත් පිරිසක් මරණයේ අබියසටම ගොස් නැවත ජීවන වරම් ලැබුවා.

මේ එලෙස ජීවත්වීමේ වරම ලද දියණියක් පිළිබද සංවේදී කථා පුවතක්.

ස්නේහා මින්දනී.
එහෙමත් නැත්නම් දෝනි, පාස්කු ප්‍රහාරය ගැන වසරක් ගත වෙද්දි ඒ අමිහිරි මතකය ගැන යළි ආවර්ජනය කළා.

කටුවාපිටිය දේවස්ථානයේදී එම කුරුරු අත්දැකීමට මුහුණ දුන් මෙම දැරියගේ හිස ප්‍රදේශයට දැඩි ලෙස හානි සිදුවුණා.

හිසට සිදු වු බරපතල තුවාල සමග ජීවිතයත් මරණයත් සමග දැඩි අරගලයක නිරත වු ස්නේහා යළි ජීවිතය ලබන්නේ වෛද්‍යවරුන්ගේ දැඩි කැපවීම මතයි.

එසේම එම කාලය තුල ස්නේහාගේ දෙමාපියන් ද තම වැඩිමහල් දියණියව යථා තත්ත්වයට පත් කර ගැනීමට සිදුකලේ අපිරිමිත කැපකිරීමක්.

වඩු කර්මාන්තයෙන් සිය පවුල පෝෂණය කළ ස්නේහාගේ පියා තම නිවසේම පවත්වාගෙන ගිය එම කර්මාන්තයෙන් ඉවත් වුයේ ද සිය දියණියට එහි ශබ්දය පවා දරාගැනීමට අසීරුබව වටහා ගැනීමත් සමගයි.

මාස 05 කට පසු හිස් කබල නැවත බද්ධ කිරීමෙන් අනතුරුව ක්‍රම ක්‍රමයෙන් පරණ පුරුදු ජීවන රටවට හුරුවුවද තමවත් ඇයට මතු වු සංකූලතා නිමා වී නැහැ.


👉👇අනෙකුත් තොරතුරු👇👌


Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පාස්කු බෝම්බය හේතුවෙන් මරණය අබියසටම ගොස් නැවත ජීවන වරම් ලැබූ ස්නේහා ගේ කතාව (වීඩියෝ) පාස්කු බෝම්බය හේතුවෙන් මරණය අබියසටම ගොස් නැවත ජීවන වරම් ලැබූ ස්නේහා ගේ කතාව (වීඩියෝ) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 22, 2020 Rating: 5

0 comments:

Post a Comment