කොරෝනා ආක්‍රමණයෙන් හෙල්ලුනු ලෝකයට සුබ ආරංචියක් (ඡායාරූප)/වුහාන් වෛරස් බැංකුවේ 1500 කට අධික වෛරස් එකතුවක් - ආසියාවේ විශාලතම වෛරස් බැංකුව පරීක්ෂා කරන්න අමෙරිකාව සැරසෙයි (PHOTOS) : අනෙකුත් පුවත් | Your Choice Way

කොරෝනා ආක්‍රමණයෙන් හෙල්ලුනු ලෝකයට සුබ ආරංචියක් (ඡායාරූප)
එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ සංවර්ධනය කළ හැකි "කොරෝනා වෛරසට එරෙහි එන්නතක්" හෙට දිනයේදී අත්හදා බැලීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව මෙම නව අත්හදා බැලීම පුද්ගලයින් 500ක් යොදාගෙන සිදු කිරීමට නියමිතයි.

මෙම එන්නත, ChAdOX1 ලෙස නම් කර තිබෙනවා.

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ එක් සාමාජිකයෙකු පැවසුවේ අත්හදා බැලීම සාර්ථක නම්, මේ වසරේ සරත් සමය වන විට එන්නත මිලියන ගණනකින් භාවිතයට ගත හැකි බවයි.

මෙම කටයුත්ත වෙනුවෙන් දායකත්වය දක්වනු ලබන්නේ මහාචාර්ය සාරා ගිල්බට් ප්‍රමුඛ කණ්ඩායමයි.

මෙම අත්හදා බැලීම සාර්ථක වුවහොත් එක්සත් රාජධානියේ මහා ජනයාට එය හැකි ඉක්මනින් ලබා දිය හැකි බවයි, විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මෙම පර්යේෂණය සිදුකළ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ හා Imperial College හි පර්යේෂකයින්ගේ අධ්‍යයන කටයුතු වෙනුවෙන් බ්‍රිතාන්‍ය රජය පවුම් මිලියන 44.5 ක මුදලක් පරිත්‍යාග කර ඇති බව ද සඳහන්.

වුහාන් වෛරස් බැංකුවේ 1500 කට අධික වෛරස් එකතුවක් - ආසියාවේ විශාලතම වෛරස් බැංකුව පරීක්ෂා කරන්න අමෙරිකාව සැරසෙයි (PHOTOS)

කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසයේ ගෝලීය ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ වූහාන් නුවර අධිආරක්ෂිත ජෛව සුරක්ෂිත පරීක්ෂණාගාරය අමෙරිකාවේ අවධානයට ලක්ව තිබෙනවා. ඒ අනුව ආසියාවේ විශාලතම වෛරස් බැංකුව ලෙස සැළකෙන වූහාන් ජෛව පරීක්ෂණාගාරය පූර්ණ අධීක්ෂණයකට ලක් කළ යුතු බවයි ඇමරිකාව ප්‍රකාශ කරන්නේ.
චීනයේ වූහාන් නගරයේ වනසත්ව මස් වෙළඳපොලකින්  කොරෝනා වෛරසය මිනිසාට ආසාදනය වූ බව චීන විද්‍යාඥයන් ප්‍රකාශ කළද වූහාන් නගරයේ පිහිටා ඇති වෛරස් පරීක්ෂණාගාරය පිළිබඳව  ඇමරිකා එක්සත් ජනපදයේ අවධානය යොමුවී ඇත්තේ එයින් අත්වැරදීමකින් හෝ කොරෝනා වෛරසය මුදාහරින ලද බවට ඇතිවූ සැකය නිසා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

2015 වසරේ ඉදිකළ මෙම ජෛව පරීක්ෂණාගාරය තුල 1500 කට අධික වෛරස් එකතුවක් පවතින අතර  යුආන් මිලියන 300 කට අධික මුදලක් වියදම් කරමින් එය ඉදිකර තිබෙනවා. ඒ ප්‍රංශ ජෛව රසායනික සමාගමක උපදේශකත්වය යටතේ බවයි සඳහන් වන්නේ.

වර්ග මීටර 3,000 ක වපසරියකින් යුත් මෙම පරීක්ෂණාගාරයේ වෛරස් සාම්පල රඳවා ඇත්තේ සිලින්ඩරාකාර අධිආරක්ෂිත කොටසක වන බවද විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් චීනයට එරෙහිව එල්ලවන චෝදනා මීට පෙර ව්‍යාජ මතවාද ලෙස සැළකුණද දැන් ඇමරිකාව ඒ සම්බන්ධයෙන් නිල චෝදනාවක් එල්ල කරන අතර මෙම චෝදනා චීනය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා.

👉👇අනෙකුත් තොරතුරු👇👌


View the original article here - 1 2
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කොරෝනා ආක්‍රමණයෙන් හෙල්ලුනු ලෝකයට සුබ ආරංචියක් (ඡායාරූප)/වුහාන් වෛරස් බැංකුවේ 1500 කට අධික වෛරස් එකතුවක් - ආසියාවේ විශාලතම වෛරස් බැංකුව පරීක්ෂා කරන්න අමෙරිකාව සැරසෙයි (PHOTOS) : අනෙකුත් පුවත් | Your Choice Way කොරෝනා ආක්‍රමණයෙන් හෙල්ලුනු ලෝකයට සුබ ආරංචියක් (ඡායාරූප)/වුහාන් වෛරස් බැංකුවේ 1500 කට අධික වෛරස් එකතුවක් - ආසියාවේ විශාලතම වෛරස් බැංකුව පරීක්ෂා කරන්න අමෙරිකාව සැරසෙයි (PHOTOS) : අනෙකුත් පුවත් | Your Choice Way Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 22, 2020 Rating: 5

0 comments:

Post a Comment