Accident Man (2018) Sinhala Samalochanaya - බයිස්කෝප් සිංහලෙන්

Image:amazon.com
අද මන් අරගෙන ආවේ 2018 අවුරුද්දේ  නිකුත් උන Accident Man චිත්‍රපටියේ සමාලෝචනය...හැමෝගෙන්ම මම සමාව ඉල්ලන්න ඕනි..මේක දෙන්න ටිකක් පරක්කු උන එකට.චිත්‍රපටිය ගැන පොඩි විස්තරයක් කිව්වොත්…

6.1 Imdb අගයක් ලබාගත්තු මේ චිත්‍රපටිය මිනිත්තු 105 ක් පුරා දිවයනවා.මේක අයිති වෙන්නේ Action, Crime, Thriller කාණ්ඩයටයි. මේකේ ප්‍රදාන නළුවා වශයෙන් රංගනයට දායක වෙන්නේ Undisputed, Ninja Shadow of Tear වැනි සුපිරි ක්‍රියාදාම චිත්‍රපටිවල ප්‍රධාන චරිතය රග පෑ Scott Adkins නළුවාය. 2018 පෙබරවාරි 6 තමයි මේ චිත්‍රපටිය නිකුත් උනේ.එහෙනම් අපි චිත්‍රපටියේ කතාව දෙසට හැරෙමු….

මෙහි ප්‍රධාන චරිතය වන මයික් ෆැලන් වෘත්තීමය මිනීමරුවෙක්. පොඩි කාලේදී මෙයාට මැර කල්ලියකින් කරදර විදින්නට සිද්ද වෙනවා..එක දවසක අපේ මයික් දකිනවා එක මනුස්සයෙක් ගෙදරකට හොරෙන් ඇතුළු වෙලා උගුලක් අටවලා මිනිහෙක්ව මරනවා…ඒ මනුස්සයාගේ නම තමයි බිග් රේ….දවස් කීපයක් බිග් රේ ගේ පස්සෙන් ගිහින් මෙයා මිනීමරුවෙක් කියන එක තහවුරු කර ගන්නවා. තමන්ට කරදර කරන මර කල්ලියෙන් පලි ගන්න මයික්ට උවමන වෙනවා… 

බිග් රේ ගේ උදව්වෙන් මෙයා කල්ලියම මරලා දානවා….එතනින් ඉදන් තමයි මෙයා මිනීමරන එක තමන්ගේ රස්සාව කරගන්නේ.පසුකාලීනව මයික් තරුණ වියට පැමිනෙනකොට එක කෙල්ලෙක් වෙනුවෙන් මෙයාගේ හිතේ ආදරයක් ඇති වෙනවා..ඒ ගෑනු ළමයත් එක්ක හොද ජීවිතයක් පටන් ගත්ත හිතපු මයික්ට හිතපු කරදර ටිකකට මුහුණ දෙන්න වෙනවා.මෙයා ජීවත් වෙන නගරේ මෙයා වගේ තව මිනීමරුවෝ ඉන්නවා.එයාලා ඔක්කොම ඉන්නේ හරියට සහෝදරයෝ වගේ…කොහොම හරි අර ගෑනු ළමයා මයික්ව දාලා යනවා. 

ඊට පස්සේ තමන්ගේ සහෝදර මිනීමරුවෝ දෙන්නෙක්ගේ අතින් අර ගෑනු ළමයා මැරුම් කනවා.එකට හේතුව ඔයාලට බලනකොට තේරෙයි.මේක ගැන මයික් හොයන්න ගන්නවා අන්තිමට මෙයාගේ සහෝදරයෝ වගේ ඉන්න මිනීමරුවෝ ටික මෙයාට විරුද්ද වෙනවා .තමන්ගේ කියලා ඉන්න හැමෝම අතෑරලා මයික් අර මිනීමැරුම ගැන හොයන්න පටන් ගන්නවා .ඊට පස්සේ මොකද උනේ කියලා ඔයාලා ෆිල්ම් එක බලලම දැනගන්න….එහෙනම් හැමෝටම චිත්‍රපටිය බලන්න ආරාධනා කරනවා.

Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Accident Man (2018) Sinhala Samalochanaya - බයිස්කෝප් සිංහලෙන් Accident Man (2018) Sinhala Samalochanaya - බයිස්කෝප් සිංහලෙන් Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 06, 2020 Rating: 5

0 comments:

Post a Comment