අවුරුදු 64 ක්ම නාලා නැති ලොව අපිරිසිදුම මනුස්සයා | Your Choice Way

අපිටනම් සාමාන්යෙන් නාන්නේ නැතිව දවසක්වත් ඉන්න බෑ. ඒත් අවුරුදු 64 ක් නාලා නැති අපිරිසිදු මනුස්සයෙක් මේ ලෝකේ ඉන්නවා කියලා කිව්වොත් ඔය අය විශ්වාස කරනවාද?

වැඩේ කියන්නේ මිනිහට කිසිම ලෙඩකුත් නෑ. පුදුම මනුස්සයෙක්. මනුස්සයාගේ නම තමා අමෝ හඩ්ජී. ඉන්නේ ඉරානයේ. ඉපදිලා තියෙන්නේ 1936 දී. දැනට වයස 84 යි. අමෝ හඩ්ජී අවුරුදු 64 ක්ම නාලා නෑ. ළගට ගියාම පට්ට ගදක්ලූ එන්නේ. ගද එන්නේ නැතිව තියෙයිද ඉතින් අවුරුදු ගානක් නාන්නේ නැතිව ඉදිද්දී.

කට්ටිය කියන්නේ පොරට තරුණ කාලේ මොකක් හරි මානසික ලෙඩක් හැදිලා තියෙනවා කියලා. සමහර විට කෙල්ලෙක්වත් බූට් එක තියලද දන්නේ නෑ. කොහොම හරි ඒ සිදුවීම නිසා පොර නාන්නේවත් නැතිව තනියම ඉන්න තීරණය කරලා තියෙනවා. මනුස්සයා කන්න කැමතිම මැරුණු සත්තුන්ගේ කුණු වෙච්ච මස්ලූ. විශේෂයෙන්ම ඉත්තෑවන්ගේ කුණු වුනු මස් වලටයි උරුලෑවන්ගේ කුණු වුනු මස් වලටයි පොර හෙන කැමතියිලූ. හැබැයි දවසට වතුර ලීටර් හයක් වගේ බොනවලු. හැබැයි ඒ පිරිසිදු වතුර කෝප්පයකින් නෙමෙයි. මලකඩ කාපූ ටින් බෙලක්කයකින් බොර වුනු , ජරා වුනු වතුර තමයිලූ බොන්නේ.

පොරට සල්ලි බාගේ නැති වුනාට මොකද මිනිහා ආසම කරන දෙයක් මනුස්සයා ගාව තියෙනවා. ඒ තමා දුම් පයිප්පයක්. හැබැයි පොර මේකෙන් දුම් බොන්නේ දුම්කොළ දාලා නෙමෙයිලූ. පොර මේකට දානවා කියන්නේ සත්තුන්ගේ මල මුත්‍රා. ඒ වගේම පොර සිගරට් බොන්නත් කැමතියිලූ. හැබැයි එයා දුම් සිගරට් බොන්නේ අනික් කට්ටිය වගේ සිගරට් එකක් කටේ දා ගෙන නෙමෙයි. සිගරට් තුන හතරක් කටේ දා ගෙන.පොරව දවසක් තරුනයෝ ටිකක් එකතු වෙලා නාවන්න හදලා තියෙනවා. මනුස්සයා පන එපෝ කියලා පැනලා දුවලා තියෙන්නේ එහෙම නෑව්වොත් ලෙඩක් හැදෙයි කියලා. ඒ වගේම මනුස්සයට මොකක් හරි හොද කෑමකුයි වතුර ටිකකුයි දුන්නම පොරට නිකන් පිස්සු වගේ හැදෙනවාලු. හොයන්නෙම කුණු වෙච්ච මස්ලූ.

ඒ වගේම පොර ගාව තියෙනවා හෙල්මට් එකක්. මේක හමුදා හෙල්මට් එකක්. පොර මේක දාන්නේ සීතලෙන් ආරක්ෂා වෙන්නලූ. ඒ වගේම මනුස්සයා පොරගේ රූපය ගැන නිතරම හිතනවලු. තමන්ගේ ලස්සන නිතරම පොර කන්ණාඩි වලින් බලනවාලූ. පොර හිතන් ඉන්නේ පොර හෙන ලස්සනයි කියලලූ. ඒ වගේම රැවුල කොන්ඩේ කපාගන්නත් අමතක කරන්නේ නෑ. හැබැයි පොර අපි වගේ රේසර් පාවිච්චි කරන්නෙ නම් නෑ. ගිහින් ගිනි උදුනකින් රැවුලයි කොන්ඩෙයි පුච්ච ගන්නවාලු.

මනුස්සයට හරියට ඉන්න තැනක් නෑ. තැන තැන ඇවිදිමින් තමයි ඉන්නෙ. නිදාගන්නේ වලක වගේ ස්ථානයක. සොහොන් පිටි වල ඉන්න ලොකු කැමැත්තක් තියෙනවලූ. එක පාරක් කට්ටියක් එකතු වෙලා දොර ජනෙල් නැති ගෙදරක් හදලා දීලා තියෙනවා. ඒත් ඒ මනුස්සයා ඒකේ ඉන්න එච්චර කැමැත්තක් නැහැයිලු. ඒකත් හරිම අපිරිසිදුයි.

මොනවා වුනත් අර ඉස්සෙලා කිව්වා වගේම මනුස්සයා ගොඩක් නිරෝගියි. ඉහින් කනින් බහින ලෙඩක් නෑ. කොච්ච්ර අව්වට වේලුනත් , කොච්චර වැස්සට තෙමුණත් මනුස්සයාට උනක් හෙම්බිරිස්සාවක් නෑ. සමහර විට ලෙඩක් හැදෙන්නේ නැත්තේ පරිසරයත් එක්කම ජීවත් වෙන සතෙක් වගේ මනුස්සයෙක් නිසා වෙන්න පුළුවන් මොනවා වුනත් කොරෝනා ආවත් මනුස්සයට අව්ලක් වෙන එකක් නෑ.

ඒ වගේම මනුස්සයා ගොඩක් කරුණාවන්තයි කියලා තමයි ගමේ කට්ටිය කියන්නේ. කාටවත් කරදරයක් නැහැයිලූ. අව්ලකට කියල තියෙන්නේ මිනිහා නාන්නේ නැති නිසා පැත්ත පලාතම ගද ගහන එක තමයි ඉතින්. වෙන අව්ලක් නෑ. මනුස්සයා හරිම සතුටින් තමයි ඉන්නේ.

මෙයාට කලින් ලොව අපිරිසිදුම මනුස්සයට හිමි වාර්තාවට හිමිකම් කියලා තියෙන්නේ අවුරුදු 38 එක දිගට නාලා නැති ඉන්දියානූ ජාතික කයිලාෂ් සිං. සමහර විට මේ වාර්තාව ළගදිම කැඩෙන්න පුලුවන්. එයා ලංකාවේ කෙනෙක් වෙන්නත් පුලුවන්. ඒ වගේම ඔයාගේ යාලුවෙක් වෙන්නත් පුලුවන්. ඉතින් මේ රෙකෝඩ් එක කඩන ඔයාගේ යාළුවා මෙන්ෂන් කරලා මෙම ලිපිය ශෙයා කරන්නත් අමතක කරන්න එපා.

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
අවුරුදු 64 ක්ම නාලා නැති ලොව අපිරිසිදුම මනුස්සයා | Your Choice Way අවුරුදු 64 ක්ම නාලා නැති ලොව අපිරිසිදුම මනුස්සයා | Your Choice Way Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 11, 2020 Rating: 5

0 comments:

Post a Comment