ලංකාවට රාවණා මොංගෝලියාවට ජෙංගිස්කාන්

ඔයාලා කැමතිම රජතුමා කවුද ? ලංකාවේ අයනම් බොහෝවිට කියන්නේ රාවණා කියලා. ඒත් ඔයාලා ඒ ප්‍රෂ්ණෙම මොංගෝලීයාවේ කෙනෙක්ගෙන් ඇහුවොත් එයාලා කියන්නේ ජෙංගිස් කාන් කියලා.

කවුද මේ ජෙංගිස් කාන්. ජෙංගිස් කාන් කියන්නේ අබිගුන්ටික කොල්ලෙක්. දොලොස්වන සියවසේ. ඒත් මේ අබිගුන්ටික කොල්ලා පස්සේ කාලේක මුලු ලෝකෙටම ගහනවා. මොංගෝලියානු අධිරාජ්‍යයේ රණශූර පාලකයා බවට පත් වෙනවා.ඉස්සෙල්ලත් කිව්වනෙ ජෙංගිස් කාන් කියන්නෙ අබිගුන්ටික කොල්ලෙක් කියලා.ජෙංගිස් කාන්ගේ තාත්තා තමයි ඒ රැලේ පාලකයා වුනේ . ඒත් මෙයාට හිටපු බිරින්දෑ වරු සංක්‍යාව මෙයාවත් දන්නේ නෑ. ඉතින් දරුවන් ගෙන කවර කතාවක්ද?

ජෙංගිස් කාන්ගේ කතාව බලද්දි ජෙංගිස් කාන් කියන්නෙ එක අතකින් වීරයෙක්. තැනින් තැන යමින් ආතක් පාතක් නැතිව හිටපු මෝංගෝලියාව මුලු ලෝකෙටම ගහන්න පුලුවන් රටක් විදිහට හදන්නේ ජෙංගිස් කාන්.තව අතකින් කිව්වොත් විලන් කෙනෙක්. ඒ කියන්නෙ දුෂ්ඨයෙක්. මොකද මේ ජෙංගිස් කාන් අතින් මැරුනු පිරිස මෙච්චරයි කියල කියන්න බෑ. ඔයාල දන්නවද ?

ජෙංගිස් කාන් උපදින කොටම අම්මා දැන ගන්නවා පුතා එසේ මෙසේ පොරක් නෙමෙයි කියලා. ඉපෙදන කොට මස් වැදැල්ලක් අතින් අරන් තමයි මෙයා ඉපදිලා තියෙන්නේ. ඉතින් මේක නිමිත්තක් විදිහට සලකපු ජෙංගිස් කාන්ගේ අම්මා ඒක සාස්තර කාරයෙකුගෙන් අහලා තියෙනවා. සාස්‍තර කාරයා අනාවැකියක් කියලා තියෙනවා මෙයා කවද හරි මුලු ලෝකයම පාලනය කරනවා ඒත්….ලක්ෂ ගානක මිනිස්සු මෙයා මරණවා කියලා.

ජෙංගිස් කාන්ගේ අම්මා යහපත් කාන්‍තාවක්. ඇය පුතාව නිසිමගට ගන්න ගොඩක් උත්සහ කරනවා. අම්මා කොච්චර උත්සහ කලත් ඇයට ඒක කරන්න බැරි වෙනවා. ජෙංගිස් කාන් කුඩාකාලයේම මිනීමරුවෙක් වෙන වා. ඒ තමන්ගේ අයියා කෙනෙක් මරලා. ( මෙයාගේ තාත්තට ගොඩක් ළමයි හිටියා කියල කිව්වනෙ. අන්න ඒ කෙනක්) මරන්න හේතුව තමා වැඩිපුර කෑම කෑවා කියලා.

ජෙංගිස් කාන් කියන්නෙ දරුණු පුද්ගලයෙක්. ඒත් ඊට වඩා පොර මීටරයක්. ජෙංගිස් කාන් සටන් කලේ ලෝකෙ තිබ්බ ලොකුම හමුදා එක්ක. සමහර හමුදා ජෙංගිස්කාන්ගේ හමුදාවන්ට වඩා දහගුණයක් විතර විශාල වුනා. ඒත් මෙයා ඒ සටන් වලින් දිනුවා. මෙයා ඉස්සර වෙලාම කලේ තමන්ගේ හමුදාව කුඩා කණ්ඩායම් වලට වෙන් කරපු එක. 10 කණ්ඩායම් , 100 කණ්ඩායම් හා 1000 කණ්ඩායම් විදිහට.

loading...
ඒ හැම එකකටම නායකයෙක් පත්කලා. ජෙංගිස් කාන්ගේ කණ්ඩායම් කලමණාකරනයනම් සුපිරියටම තිබ්බා. කොහොම හරි මොංගෝලියාවේ තිබ්බ අනෙක් ගෝත්‍රික කණ්ඩායමුත් පරාද කරලා මෙයා මොංගෝලියාවෙම නායකයා වෙනවා . ඒ විතරක්ද .. වටේ තිබ්බ රටවල් වලට ගහලා ලොකු අධිරාජ්‍යයක් හදා ගන්නවා. චීනෙටත් ගහනවා. අද මොංගෝලියාව කියන රට ගොඩක් අය දන්නෙ මේ ජෙංගිස් කාන් නිසා. ජෙංගිස් කාන් කියන්නේ එතරම්ම රණශූරයෙක්.

ඉතින් මේ ලිපිය වැදගත් කියලා හිතෙනවනම් ශෙයා කරන්න. මේ විදිහට වැඩි පුර කෑම කාල කාගෙන් හරි මැරුම් කයි කියලා හිතෙන කෙනක් ඉන්නවනමෙන්ෂන් කරන්න අමතක කරන්න එපා.

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ලංකාවට රාවණා මොංගෝලියාවට ජෙංගිස්කාන් ලංකාවට රාවණා මොංගෝලියාවට ජෙංගිස්කාන් Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 29, 2020 Rating: 5

0 comments:

Post a Comment