ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් කොරෝනා මර්දනයට කෝටි 51ක් / කෝලි ගැන රවී ශාස්ත්‍රි කතා කරයි / බට්ලර්ගේ බලාපොරොත්තුව

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් කොරෝනා මර්දනයට කෝටි 51ක්
පැතිර යන කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඉන්දීය රුපියල් කෝටි 51 ක මුදලක් පරිත්‍යාග කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ඒ සඳහා පිහිටුවා ඇති අරමුදලට මෙම මුදල් බැර කිරීමට පියවර ගන්නා බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
එමෙන්ම ඉන්දීය ක්‍රීඩකයින් වන සචින් තෙන්ඩුල්කාර් සහ සුරේෂ් රයිනා ද කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙලට මුදල් පරිත්‍යාග කර තිබෙනවා.

කෝලි ගැන රවී ශාස්ත්‍රි කතා කරයි
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන මෙහෙයුම්කරු විරාට් කෝලි බව පුහුණුකරු රවී ශාස්ත්‍රී පවසනවා. නායකයා ලෙස කෝලිගේ පීඩනය අඩු කිරීමේ වගකීම පමණක් තමා ක්‍රියාත්මක කරන බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

එහිදී කණ්ඩායමේ පෞරුෂය වර්ධනය කරමින් ඔවුන් ධනාත්මක මට්ටමක පවත්වා ගැනීම සිදුකරන බව ද ඔහු විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණා.
loading...
බට්ලර්ගේ බලාපොරොත්තුව
එංගලන්ත කඩුලු රකින ක්‍රීඩක ජොස් බට්ලර් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අඩු තරඟ ප්‍රමාණයකින් හෝ පැවැත්වෙනු ඇතැයි බලාපොරොත්තු වන බව වාර්තා වනවා.

මාර්තු 29 වන දා ආරම්භ වීමට නියමිතව තිබූ මෙම තරගාවලිය අප්‍රේල් මස 15 දක්වා කල් තැබුණා.

කෙසේ වෙතත්, අප්‍රේල් 15 වන දා එම තරගාවලිය ආරම්භ කිරීම අවිනිශ්චිත වී ඇති අතර තරගාවලිය අවලංගු කිරීමේ තත්ත්වයක් ද පවතින බව සඳහන්.

කෙසේ නමුත් ජොස් බට්ලර් තරගාවලිය පැවැත්වෙනු ඇතැයි අපේක්ෂාවෙන් පුහුණු කටයුතුවල නිරත වන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.


View the original article here
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් කොරෝනා මර්දනයට කෝටි 51ක් / කෝලි ගැන රවී ශාස්ත්‍රි කතා කරයි / බට්ලර්ගේ බලාපොරොත්තුව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් කොරෝනා මර්දනයට කෝටි 51ක් / කෝලි ගැන රවී ශාස්ත්‍රි කතා කරයි / බට්ලර්ගේ බලාපොරොත්තුව Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 29, 2020 Rating: 5

0 comments:

Post a Comment