Swetha Sande Song Lyrics - ශ්වේත සඳේ ගීතයේ පද පෙළ

Swetha Sande Song Lyrics - ශ්වේත සඳේ ගීතයේ පද පෙළ
Song Title : Swetha Sande (ශ්වේත සඳේ)
Director : Wasawa Baduge
Melody & Music : ‪‪@YasasMedagedara‬ 
Vocals : Yasas Medagedara
Lyrics : Yashodha Adhikari
Mixed And Mastered : Yasas Medagedara @ Midhouse Studios
Flute : Thushara wedage
Guitars : Buddhika Perera


ශ්වේත සඳේ රෑට නුබේ පාළු මකාලා
සේද වළාවෝ ගැවසීලා
තාම නැතේ ආල කතා ඇයට කියාලා
ඈ විමසාවී නෙතු මානා

නීල ජලේ ඕලු මලේ ශ්‍රී පරදාලා
ඒවි ඇදී ඈ සැරසීලා
තාම ඇගේ ස්නේහ ගඟේ නෑ කිමිදීලා
ප්‍රේම සිනා නෑ ඇය දීලා

රෑට පීදෙනා සේපාලිකා පවා
කීව පෙම් කතා ඇසුනා
මේ හිතේ සරා - නොදැනී මගේ වෙලා
ඒ ලතාව මා වශී කළා
ආල ගීත ගායනා, ඇසේවී රෑ පුරා
රාග තාල ඈත පා වුණා

නීල ජලේ ඕලු මලේ ශ්‍රී පරදාලා
ඒවි ඇදී ඈ සැරසීලා
තාම ඇගේ ස්නේහ ගඟේ නෑ කිමිදීලා
ප්‍රේම සිනා නෑ ඇය දීලා

නේක රෑ දිවා හීනයේ පවා
ප්‍රේම රූ රටා ඇඳුණා
පාරමී පුරා - පෙම් කාරණා කියා
ඒ වතේ ශ්‍රියාව පීරුවා
ප්‍රේම දෑස යා වුණා, නුරාව වෑහුනා
බෑ නොකීව ඈ සිනාසුණා

ශ්වේත සඳේ රෑට නුබේ පාළු මකාලා
සේද වළාවෝ ගැවසීලා
තාම නැතේ ආල කතා ඇයට කියාලා
ඈ විමසාවී නෙතු මානා

නීල ජලේ ඕලු මලේ ශ්‍රී පරදාලා
ඒවි ඇදී ඈ සැරසීලා
තාම ඇගේ ස්නේහ ගඟේ නෑ කිමිදීලා
ප්‍රේම සිනා නෑ ඇය දීලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Swetha Sande Song Lyrics - ශ්වේත සඳේ ගීතයේ පද පෙළ Swetha Sande Song Lyrics - ශ්වේත සඳේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 28, 2025 Rating: 5

0 comments:

Post a Comment