Noena Song Lyrics - නොඑනා ගීතයේ පද පෙළ

Noena Song Lyrics - නොඑනා ගීතයේ පද පෙළ
Song Title : Noena (නොඑනා)
Artist : Raveen Tharuka
Music & Melody : Sandaruwan Jayasinghe
Lyrics : Thushan Silva
Guitar : Prakash Ranasinghe
Mastering : Nilan Fernando
Recording : Nimesh Kulasinghe


සිනහව අතරින් මතකය ලියමින් කවියක අරුතින් මා
තාමත් අපගේ වියපත් ඇසුරේ පෙර මඟ ඇවිදිනවා
අන්සතු හදකින් සෙනෙහස විඳිමින් සැනසුන වරදින් මා
කාටත් රහසේ සුවපත් මාගේ හිත දැන් විඳවනවා

නොඑනා ඔබ සොයනා
කිසිදා මගෙ නොවෙනා
නැවතත් හිමි නොවෙනා
දිනයක අපි හමු නොවෙනා

අහසින් වැටෙනා වැහි බිඳු වාගේ නිහඬව පොළොවට මේ
කඩා හැලෙනවා කඳුලැලි මාගේ නුහුලන දෙනෙතින් මේ
නිතැතින් වැසෙනා ඇසි පිය පතුලේ නොපෙනෙන දුක අද මේ
ලියා තියෙනවා මගෙ හිත පතුලේ නොකිළිටි සෙනෙහස මේ

නොඑනා ඔබ සොයනා
කිසිදා මගෙ නොවෙනා
නැවතත් හිමි නොවෙනා
දිනයක අපි හමු නොවෙනා

තරුවක් නොඑනා අහසක රිසිසේ පායන සඳ ලෙස මේ
හඬා වැටෙනවා තනිකම පහසේ ඔබ නැති ලොව අද මේ
කිසිවක් නොහනා අප සිත් අතරේ ඇති මහ සෙනෙහස මේ
ලියා මියෙනවා අපිටම සසරේ නොලැබෙන බව දැන මේ

නොඑනා ඔබ සොයනා
කිසිදා මගෙ නොවෙනා
නැවතත් හිමි නොවෙනා
දිනයක අපි හමු නොවෙනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Noena Song Lyrics - නොඑනා ගීතයේ පද පෙළ Noena Song Lyrics - නොඑනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 12, 2025 Rating: 5

0 comments:

Post a Comment