Nil Thanakola Budintai Song Lyrics - කැලේ අයිති අලින්ටයි ගීතයේ පද පෙළ

Nil Thanakola Budintai Song Lyrics - කැලේ අයිති අලින්ටයි ගීතයේ පද පෙළ
Song Title : Nil Thanakola Budintai (කැලේ අයිති අලින්ටයි)
Singing : Iroshan Madushanka
2017 වසරේ තිරගත වූ මහාචාර්ය ගුණපාල රත්නසේකරයන්ගේ නිශ්පාදනයෙන් හා මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ අධ්‍යක්ෂණයෙන් යුතු 'අලි කතාව' චිත්‍රපටයේ එන මේ ගීතය අපූරුවට ගැයූවේ ඉරෝෂන් මධුශංකයි. පදරචනාවද සිදුවූයේ මහාචාර්ය සුනිලුන් අතින්මයි. වසර 8 ක් ගතවූ පසු මේ ගීතය යලිත් රසික අවධානයට ලක්වී තිබීම ප්‍රශංසණීයයි.  - Dr. Rohana Weerasinghe



නිල් තණ කොළ බුදින්ටයි
හිතුණු තැනක ලගින්ටයි
රැළේ වැටී නටන්ටයි
කැලේ අයිති අලින්ටයි

නිල් තණ කොළ බුදින්ටයි
හිතුණු තැනක ලගින්ටයි
රැළේ වැටී නටන්ටයි
කැලේ අයිති අලින්ටයි

පුංචි ඇසුයි හොඬවැලයි
මහත ඇගයි දළ දෙකයි
වදුල මැදින් මතු වෙන කොට
කැලෙත් එක්ක ලස්සනයි

නිල් තණ කොළ බුදින්ටයි
හිතුණු තැනක ලගින්ටයි
රැළේ වැටී නටන්ටයි
කැලේ අයිති අලින්ටයි

රන් හිරු රැස් තීරුවයි
පුන් සඳ රැස් මාලයයි
වනන්තරේ නාවන කොට
අලිත් එක්ක ලස්සනයි

නිල් තණ කොළ බුදින්ටයි
හිතුණු තැනක ලගින්ටයි
රැළේ වැටී නටන්ටයි
කැලේ අයිති අලින්ටයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nil Thanakola Budintai Song Lyrics - කැලේ අයිති අලින්ටයි ගීතයේ පද පෙළ Nil Thanakola Budintai Song Lyrics - කැලේ අයිති අලින්ටයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 03, 2025 Rating: 5

0 comments:

Post a Comment