Asa Yomana Thanaka Song Lyrics - ඇස යොමන තැනක ගීතයේ පද පෙළ

Asa Yomana Thanaka Song Lyrics - ඇස යොමන තැනක ගීතයේ පද පෙළ
Song Title : Asa Yomana Thanaka (ඇස යොමන තැනක)
Singing : Ajith Muthukumarana


ඇස යොමන තැනක මා නෙත හමුවන්නෙ ඔය රුවයි
නිදි දෙව්දුව වෙත ගියත් ඔබේ සුවඳ මා ළඟයි
දෙසවන තුළ රැව් දෙන්නෙත් ඔබේ මදුර හඬයි
මුළු ලොව තුල මගෙ ප්‍රියතම දසුන ඔබ තමයි

වෙන්වන්නට බැහැ කිසිදා ඔබෙන් මට ඉතින්
අප එක්වන බව කියන්න ඇවිදින් සිහිනෙන්
මා දකිනා මේ සිහිනය සැබෑ කරවමින්
දෝත් විදා මවෙත එන්න සෙනෙහස පුදමින්
සෙනෙහස පුදමින්

ඇස යොමන තැනක මා නෙත හමුවන්නෙ ඔය රුවයි
නිදි දෙව්දුව වෙත ගියත් ඔබේ සුවඳ මා ළඟයි
දෙසවන තුළ රැව් දෙන්නෙත් ඔබේ මදුර හඬයි
මුළු ලොව තුල මගෙ ප්‍රියතම දසුන ඔබ තමයි

කවුරු කොහොම කීවත් ඔබ නොලැබෙයි කියලා
ඔබ මා සතු කරගමි මම අදිටන් කරලා
පතා ආවේ මා ඔබේ පෙම පෙරුමන් පුරලා
එය නොවෙනස්වන බව පවසමි දිවුරාලා
මම දිවුරාලා

ඇස යොමන තැනක මා නෙත හමුවන්නෙ ඔය රුවයි
නිදි දෙව්දුව වෙත ගියත් ඔබේ සුවඳ මා ළඟයි
දෙසවන තුළ රැව් දෙන්නෙත් ඔබේ මදුර හඬයි
මුළු ලොව තුල මගෙ ප්‍රියතම දසුන ඔබ තමයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Asa Yomana Thanaka Song Lyrics - ඇස යොමන තැනක ගීතයේ පද පෙළ Asa Yomana Thanaka Song Lyrics - ඇස යොමන තැනක ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 23, 2024 Rating: 5

0 comments:

Post a Comment