Lande Song Lyrics - ළඳේ ගීතයේ පද පෙළ

Lande Song Lyrics - ළඳේ ගීතයේ පද පෙළ
Song Title : Lande (ළඳේ)
Artist : Roshan Fernando
Lyrics : Shehan Galahitiyawa
Melody :  : Roshan Fernando
Music Arrangements & Mixing and Mastering : Kevin Thamel @Wave Line studio
Rapper : Mahazona
Production : Flashback Production


සඳ සළුව විලස ළඳේ
දෑසම සරසන ළඳේ
තාලෙට රගනා ළඳේ
වත ලෙලෙන දිලෙන ළඳේ

හැඩ නිතබ සලන ළඳේ
රන තිස නලියන ළඳේ
පෑ ඉගි ගෝමර ළඳේ
දුටුවම පිනවන ළඳේ

හදවතේ වෙලෙන සරා කුසුම
සිනා සළුව සැලේ
මිනි කැටේ ලෙලෙන රැයේ දිලෙන
සරාගි සඳ ළඳේ
මදු සඳේ කිරන වලා පෙළට
කතා මවන රැයේ
ඉඟි සලා නයන නුරා පවන
සුරූපි දෙව්ලියේ

වත මුකුලු කරන ළඳේ
නාදලු දෙතොලෙම ළඳේ
රූබර පැහැසර ළඳේ
සද වගේ නාබර ළඳේ

රතු දෙතොල උමතු ළඳේ
සීගිරි සිතුවම ළඳේ
ආදර සේසත ළඳේ
මනහර සොබනිය ළඳේ

හදවතේ වෙලෙන සරා කුසුම
සිනා සළුව සැලේ
මිනි කැටේ ලෙලෙන රැයේ දිලෙන
සරාගි සඳ ළඳේ
මදු සඳේ කිරන වලා පෙළට
කතා මවන රැයේ
ඉඟි සලා නයන නුරා පවන
සුරූපි දෙව්ලියේ

ඉටි රූපේ හැඩ පරාදයි ලු
දෙවගනක් ඇය ඇස්වහක් නැති
සඳක් ඇය පායපු සිරිකතක් ඇය
රන මොනරි වැනිය

රන් කෙන්දෙන් බැදි අතැගිලි
නොගැලපේවි මේ ආත්මයේ බැදි
චිත්‍රයක් වැනි පින්තාරු කෙරුව
රූබර නුබ නේද මොනාලිසා
සිතුවමේ ඉන්න

සුබ නැකතට මට
ගැලපෙනම කෙනා
අද අතිනත ගෙන
සංසාරෙන් පැතු ආදරයට
සුබ පැතුමක් ඉතිරි
කරකාරෙට ගෙන දීගෙක යන
යුවලට දිගාසිරි

හදවතේ වෙලෙන සරා කුසුම
සිනා සළුව සැලේ
මිනි කැටේ ලෙලෙන රැයේ දිලෙන
සරාගි සඳ ළඳේ
මදු සඳේ කිරන වලා පෙළට
කතා මවන රැයේ
ඉඟි සලා නයන නුරා පවන
සුරූපි දෙව්ලියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Lande Song Lyrics - ළඳේ ගීතයේ පද පෙළ Lande Song Lyrics - ළඳේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 18, 2024 Rating: 5

0 comments:

Post a Comment